" දන්නවද හ්යුන්ග් මගේ අම්මගේ (නමට අම්මා 😂) තියරියට අනුව මන් තමයි මේ ලෝකේ කාලම කාලකන්නි කොල්ලා... ඒ විතරක් නෙමෙයි අම්මගේ මුළු ජීවිතේම විනාස කරලා තියෙන්නෙත් මමලු... ම්ම්ම්ම්ම් .......මන් අම්මගේ බඩට ඇවිත් මාස තුනක් වෙද්දී අප්ප අම්මව දාල ගිහින්ලු... එදා ඉදන් ඔම්මා මාව හදාගෙන තියෙන්නේ තනියෙමලු.. අප්පා මාවයි ඔම්මවයි දාලා ගිහින් තියෙන්නේ මන් අප්පාගේ දරුවෙක් කියලා හරියටම ඔප්පු කරන්න අම්මට බැරි වෙච්ච නිසාලු....අප්පා ගියපු දවසෙ ඉදන් ඔම්ම ගොඩක් දුක් වින්දලු......... මන් අම්මගේ බඩට ආපු දවසෙම මරල දැම්මේ නැති එකේ පලවිපාකලු එයා මේ විදින්නේ..... කොරෙක් බිරෙක් අන්ධයෙක් ඉපදුනානම් මට වඩා හොදයිලු....
එතකොට මගේ බාප්පගේ තියරියට අනුව බාප්පා කිවුවේ මගේ අම්මගේ අලුත් කෙනා.. අන්න ඌට අනුව මන් කාත් කවුරුත් නැති අවජාතක බල්ලෙක්.. බාප්පාගේ ඊරි මාන්සෙ කන්න ආපු එකෙක්.. ඇත්තටම මන් ඒ කියන කතාවේ තේරුම දන්නේ නෑ... ඒත් ඒ වචන හැමදාම පැය 24ම මගේ කන් පිරෙව්වා හ්යුන්ග්...
හහ්හ්...වෙලාවකට හිතෙනවා මෙයාල කියන මේ කතා මොන විහිළුද කියලා...
යකෝ... මන් මේ ලෝකෙට ආවේ මගේ උවමනාවටද.. මන් අවජාතක වුනේ මගේ වැරද්දටද.. අම්මගේ ජීවිතේ කාලකන්නි කරන්න මන් දෙයියෙක්ද... ගෙදර හට්ටියෙ පැහෙන මස් හොද්දේ රස බලන් පිනක් නැති මට ඊරි මාන්ස කකුල් දෙක ලගට නිකම්ම පහල වෙනවද හ්යුන්ග්....
YOU ARE READING
#The Pain 💔
Fanfictionයකෝ... මන් මේ ලෝකෙට ආවේ මගේ උවමනාවටද.. මන් අවජාතක වුනේ මගේ වැරද්දටද.. අම්මගේ ජීවිතේ කාලකන්නි කරන්න මන් දෙයියෙක්ද... ගෙදර හට්ටියෙ පැහෙන මස් හොද්දේ රස බලන් පිනක් නැති මට ඊරි මාන්ස කකුල් දෙක ලගට නිකම්ම පහල වෙනවද හ්යුන්ග්....