CHAPTER 08

85 30 1
                                    

'' අද නගරය හුගක් කාර්යය බහුලයි..''

ජන්කුක් ජින් වාඩි වී සිටි රෝද පුටුව පදික වේදිකාව දිගේ හෙමින් ඉදිරයට තල්ලු කරගෙන යන ගමන අතරේදී පැවසුවේ එහෙම...

ජන්කුක් ජින්ට පොරොන්දුව වූ පරිදිම අවට ලෝකය තවත් හොදට පෙන්වන්න, අද ජින්ව උද්‍යානයෙන් පිටතට රැගෙන ආවා...

ජින් කාලයක් තිස්සේ දකින්න ආස කරපු හැම දේම හරිම උනන්දුවෙන් රස වින්දා...

මහ පාරේ යන වාහන, කඩි මුඩියේ එහාට මෙහාට යන මිනිස්සු, අහස උසට තියෙන බිල්ඩින්, ආදී නගරයේ සෑම අතම තිබුණු දසුන් දෙස අපහසුවෙන් හෝ දෑස් හරව හරවා බැලීමට ඔහු වෑයමක් ගත්තා...

ජින් මේ සියළු දේ නරඹන ආකාරය දෙස ජන්කුක් බලා සිටියේ ලොකු සතුටකින්...

'' අයිස් ක්‍රීම් කමුද හියුන්...''

ජන්කුක් ඇසුවේ ඔවුන් සිටි තැනට අඩි කිහිපයක් දුරින් නවතා තිබූ අයිස් ක්‍රීම් කාර්ට් එක දෙසට දෑත දිගු කරගෙන...

ජින්ද ලොකු හිනාවක් සමගින් හිස ඉහළ පහළ වනා සුපුරුදු පරිදි සිය කැමැත්ත ප්‍රකාශ කරා..... 

ජන්කුක් අයිස් ක්‍රීම් දෙකක් මිලදී ගෙන එකක් ජින්ගේ අතට දුන්නද  ජින් ඒක අල්ල ගත්තේ ගොඩක් බර දෙයක් අතට ලැබුණා හා සමානව....

ජන්කුක් ළග තිබුණු ලොකු තාප්පයට පිට දීගෙන අයිස් ක්‍රීම් එක ඉක්මනින්  ගිල දාන්න ගත්තේ සැර අව් රශ්මිය හේතුවෙන් අයිස් ක්‍රීම් එක ඉක්මනින් දිය වෙන්න පටන් ගෙන තිබූ නිසා...

එහෙත් ජින්ට ඉරත් සමග පොර අල්ලන්න තරම් ශක්තියක් තිබුණේ නැහැ...මන්දගාමී ආකාරයට හැසිරුණු ජින්ට දැන් ඒක අල්ලාගෙන සිටින්නත් තිබුණේ අපහසු තාවයක්...

ජින්ගේ අත තිබුණු අයිස් ක්‍රීම් එක බිම වැටෙන්න යනවායි ජන්කුක් දුටුවා...ඉක්මනින් තමන් අත තිබූ අයිස් ක්‍රීම් කෝන්එක පසෙකට විසි කර දැමූ ඔහු ජින්ගේ අතින් අල්ලාගෙන එහි වැටීම පාලනය කරා...

එවිටයි ඔහු දුටුවේ ජින්ගේ අත් දෙකෙහිම අයිස් ක්‍රීම් දියරය පෙරී ඇති ආකාරය සහ එහි කන්න යමක් නොතිබුණු බව...

ජින්ගේ අතින් එය තම අතට ගත් ඔහු, බිම වැටී තිබූ ඔහුගේ අයිස් පළම ද අසල තිබූ කුණු කූඩයට දමා නැවතත් අයිස් ක්‍රීම් එකක් පමණක් රැගෙන පැමිණියා...

ජන්කුක්ගේ බැනුමක් බලාපොරොත්තුව සිටි ජින්ට නම් මෙය මහා පුදුමයක්...ජන්කුක් තවත් අයිස් ක්‍රීම් එකක් රැගෙන පැමිණියා පමණක් නොවේ සිය දෑතින්ම එය ජින්ට කැව්වා...කිසිවක් නොපවසා ජන්කුක් එය කට අසලට ළං කරන විට ආයාසයෙන් දෙතොල් විවර කරමින් පියවරෙන් පියවර ජින් එය කා අවසන් කරා....

එය අවසන් වන තුරුම ජන්කුක් ඔහු ඉදිපිට වාඩි වී ගෙන ඔහුට එම කටයුත්ත පහසු කරා...අවසානයේ තම සාක්කුවෙහි වූ ලේන්සුවක් ගෙන ජින්ගේ අත් සහ මුවෙහි ගෑවී තිබූ අයිස් ක්‍රීම් දියර පිරිසිදු කර ජන්කුක් හෘදයාංගම සිනහවකින් ජින්ට සංග්‍රහ කරා...

'' ස්..ස්තූ...තියි... ජ්..ජන්කුක්... ''

ජින් සිනහවත් සමග ඔහුගේ ස්තූතිය පුද කරා...

ජින්ට ජන්කුක්  මේ කරන  උදවු, ඔහු සමග කතා කරන එක පවා මහා ලොකු ත්‍යාගයක් වුණා...තමන්ගේ සහයිකාව හැරෙන්න කිසිම කෙනෙක් මේ තාක් ජින්ට මෙතරම් උපකාර කරන්න තියා  දොඩමළු වෙන්න පවා පැමිණ තිබුණේ නැහැ...

ජින්ගේ සතුට මේ අවස්ථාවේ පවා දෙගුණ තෙගුණ වී තිබුණේ ජන්කුක් වැනි අයෙක් මුණ ගැසීම සම්බන්දයෙන්...

ආපසු ජන්කුක් ජින්ගේ රෝද පුටුව ඉදිරියට තල්ලු කරගෙන ගියා...මෙහෙම යන අතරේ ජින් හෙමින් රෝද පුටුවේ ඇන්දට තට්ටුවක් දැම්මේ නවත්තන්න කියලා...

ජින්ට ඉදිරියෙන් සිටියේ වීදී නර්තන ශිල්පියෙක්...ඔහුගේ නර්තනය බලන්න මහා ලොකු  පිරිසක් රැස්ව නොසිටියත්  ඔහු ඉතා අපූරුවට නර්තනයේ යෙදෙනවා...

ජින් එදෙස බලා සිටියේ ඇස් සතුටින් ලොකු කරගෙන...

'' හියුන් ආසයිද නැටුම් නටනවා බලන්න...''

'' ම්....මන්...... ආස ඒ.....ව්....වගේ....නටන්න...''

ජන්කුක්ගේ විසල් වුණ ඇස් යොමු වුණේ ජින්ගේ දෙසට...ජන්කුක් හීනෙකින්වත් හිතුවේ නැහැ ජින් මෙතරම් නර්තනයට ආසා කරනවා කියලා...

''කැහ්...කැහ්...ප්...පුදුමයි...න..නේද..කකුල්....දෙ..දෙකකුත්...තියාගෙන....අ..ඇවිදගන්න...කැහ්...කැහ්..... බැරි...මම....නටන්න..ආ..ආසයි...කිව්වාම...''

_____________________________________

To Be Continued.....

Ginkgo Breath : Jin x Kook [ Completed ]Where stories live. Discover now