CHAPTER 14

110 31 7
                                    

මහා  වැස්සක් පොළව තෙත් කරන්න අරන් පැය දෙකකටත් වැඩි කාලයක්...

නොනවත්වා අහසින් පොළවට විත් පොළව තද ලෙස ස්පර්ෂ කරමින් ගලාගෙන යන ජල පහර ජින්ගේ හිතට එක් කළේ අමුතු නොරිස්සුම් බවක්...

වැස්සෙන් පමණක් නොනැවතුණු අහස කනට දරා ගැනීමට හැකි සීමාව ඉක්මවා යන අකුණු පහරවල් මේඝයන් හරහා පොළවට පතිත කළා...

තමන්ගේ කාමරේ ජනේලය අසලට වී දැල්වෙන නිමෙන ආලෝක රේඛා දෙස බලාසිටි ජින් තම පපුවෙන් අත තබා ගත්තේ දැණුනු වේදනාව නිසා...

මීට පෙර අවස්ථාවකදී වැස්සක්, අකුණු ගැසීමක් දැක තිබුණද හිතට මෙතරම්ම දැනෙන වේදනාව කුමක්දැයි ඔහු දන්නේ නැහැ....

ඔහුට එක දර්ශනයියි ඒ අකුණු ධාරාවන් ඔස්සේ මැවුනේ..

ඔහුට දැණුනේ එම ආලෝක රේඛා ජන්කුක්ගේ රූපය මැවීමට තැත් කරන ආකාරයක්...

ඔහුට මේ වෙලාවේදී උවමනා වූයේ,

ජන්කුක්ගේ බටනළා ශබ්දය..

Ginkgo ගස් සෙවණක පහස...

ඒත් ඒ සෑම දෙයක්ම මිරුගුවක් යන්න ජින් දැනුවත්...

ඇස් යවන යවන මානයේ තිබුණේ අහස සිබින ගොඩනැගිලි සහ වැස්ස හේතුවෙන් මන්දගාමී ආකාරයෙන් ගමන් කරන වාහන විතරයි...

Ginkgo ගස් සෙවනක සිසිලස කොහින් ලබන්නද?

මේ අතර වාරයේ ජන්කුක්,

සුදු ඇතිරිලි වලින් අලංකාර කළ ඇති කාමරයක සන්සුන් ඉරියව්වෙන් සිටියේ ඉදිරියේ ඇති  ජනේලයේ වීදුරු අතරින් පෙනෙන Ginkgo ගස් පිසගෙන පැමිණෙන මුදු සුළග කාමරය තුළට කඩා නොවැදුනද එම සුවය තමන් විසින්ම විද ගැනීමට උත්සහයක් ගන්නා අතරේ...

වේගයෙන් ශබ්ද නගන පපුව මැරතන් එකක් දුවනවා හා සමානව හැසිරෙන්නේ කුමන හේතුවක් නිසාදැයි ජන්කුක් හොදින්ම දැනුවත්..

සාමාන්‍ය කළු පැහැති ඇදුම් වෙනුවට ඔහු මේ මොහොතේ ඇගලා සිටින්නේ තනි සුදු ඇදුම් කට්ටලයක්....

හිස් වැසුමක් නොමැති ඔහුගේ හිස සුදු පැහැයට හුරු බදුනක් වැන්න...

කළු පැහැති කෙස් වල ආක්‍රමණයෙන් තොර වූ ඔහුගේ හිස ඔහුට ගෙන ආවේ නිවුණු, තැන්පත් පෙනුමක්...

රැළි වැටී ගිය සම සහිත මුහුණ ඔහුගේ කඩවසම් බාවය දුර ඈතකට ගෙන් ගොස් හා සමානයි...

සුදු ඇතිරිලි වලින් ආවරණය තිබු සුවපහසු ඇදෙහි අසුන් ගෙන සිටි ඔහු  Ginkgo ගසක සෙවණ හෙව්වද එය ඔහුට මේ මොහොතේ ලැබුනේ නැහැ ....

Ginkgo ගස් වල රහස් සොයා ගිය ඔහු කුමන ආකාරයක රහසක්ද යන්න ඔහුටම මතු වූ ප්‍රශ්නයක්....

එහෙත් එයට ඔහුට උත්තර පසුව ලැබෙනු ඇති බවයි ඔහුගේ හදවත පවසනුයේ....

සුදු පැහැති පුළුන් කොට්ට මත තම සුදු පැහැති රැළි වැටුණු හිස තැන්පත් කළ ඔහු නිදහස් සුසුමක් වා තලයට එක් කළේ සිය නෙත් අගින් ගිලිහෙන කදුළු බිදු ඉවත් කිරීමට වෙහෙසක් නොගෙන....

එක්සත් ජනපදයේ  තම නිවහනට වී සිටි ජින්ද බර සුසුමක් පිට කළ පසු තම දෑස් තදින් වසා ගනු ලැබුවේ හෙට දින හිරු උදාව දැකීම අධිෂ්ඨානයෙන්...

Ginkgo රාජධානියේ ලැගුම් ගෙන සිටි ජන්කුක් ද තම කදුළු පිරි දෙනෙත් තදින් වසා ගනු ලැබුවේ නැවත කවරදාක හෝ හිරු උදාව දැකීමේ බලාපොරොත්තුවත් සමගම ද?

____________________The End____________________

Ginkgo Breath : Jin x Kook [ Completed ]Where stories live. Discover now