Additional Remark

121 29 24
                                    

'' වාහ්හ්හ්හ්හ්....''

'' නියමායි...''

'' ජින් හරිම දක්ෂයි...''

'' එයා ගොඩක් හැන්ඩ්සම්..''

නෙක නෙක වර්ණ අලෝක ධහරාවන්ගේ ග්‍රහණය මධ්‍යයේ  විශාල වේදිකාවක් මත ජින් අපූරු ලෙස නර්තනයේ යෙදී සිටින්නේ ප්‍රේක්ෂකාගාරයේ සියලු දෙනාගේම ප්‍රීතී ඝෝෂා අතරේ...

ජින් USA සිටින අතර තුර සම්බන්ධ වී තිබුණු dancing academy එකේ වර්ෂ අවසාන විවිදප්‍රසංගය අදට යෙදී තිබුනේ....

ජින් වේදිකාවෙහි තම තනි නර්තනය මනස්කාන්ත අන්දමින් ඉදිරිපත් කරමින් සිටියද ඔහුගේ ඇස් අදත් සෑම තැනම කරක් ගැසුවේ ජන්කුක්ගේ රුව ග්‍රහණයට හසු කර ගැනීමට...නමුත් එය ඔහුගේම සිතළුවක් බව ඔහුට පසක් කරදීමට වැඩි වේලා ගත වූයේ නැහැ...

ඔහු අද ඔහුගේ සිහිනය සැබෑ කරගෙන...

එහෙත් ඔහුට සෑම විටම එයට ශක්තිය සැපයූ පුද්ගලයා ඔහුගේ හැකියාව බැලීමට හෝ අද ඔහු ආසන්නයේ සිටියේ නැහැ...

එහෙත් ඔහු සිත් තැවුල් ඇති නොකරගෙන සිය හැකියාව ප්‍රදර්ශනය කරවූයේ තව හෝරා කිහිපයකින් ඔහුගේ Ginkgo රාජදාණියේ සිටම ජන්කුක්ව දැක ගැනීමට හැකිවන බැවිනි....

සාර්ථක ප්‍රසංගයකින් අනතුරුව ජින් සියල්ලන්ටම සමු දී ඔහුගේ අජුම්මා සමග සිය රාජධාණිය බලා ගමන ඇරඹුවා...

පැය කිහිපයක ගුවන් ගමනකින් අනතුරුව ජින් සිය මව්රට බලා පැමිණියා...ඇගට කොපමණ අපහසුවක්, තෙහෙට්ටුවක් දැනුනද ඔහු හැකි ඉක්මනින් ජන්කුක්ගේ නිවස බලා පිටත් වුණා......

ජන්කුක්ගේ නිවස ඉදිරිපිට නතර වුණු වාහනයෙන් බැස ගත් ජින් පළමුවෙන්ම ලොකු සුසුමක් ගෙන පහත හෙළුවේ Ginkgo ගස් දෙසින් හමා එන අනර්ග සුවදින් තම පෙනහළු පුරවා ගන්න ගමන්....

ඇරුණු ගේට්ටුවෙන් ඇතුළට ගිය ජින් තවත් ප්‍රමාද නොවී දොර ළගට ගොස් තට්ටු කළේ ජන්කුක්ගේ හුරතල් මුහුණ බලා පොරොත්තුවෙන්....

එහෙත් ඇරුණු දොරෙන් මතු වූයේ ඇදී ගිය සිරුරක් සහිත ස්ත්‍රියකගේ රුවක්...

ඒ වෙන කවුරුත් නෙමේ...

ජන්කුක්ගේ ඔම්මා....

එහෙත් ඇය අවසන් වර දුටුවාට වඩා හාත්පසින්ම වෙනස් වී ඇති  බව ජින්ට තදින්ම වැටහුණා...

එහෙත් මේ අවස්ථාවේ ජින්ගේ උවමනාව වූයේ ජන්කුක් දැක ගැනීමම පමණයි...

'' ජන්කුක්...එයා කොහෙද? ''

වදන් වලින් කිසිවක් නොපැවසූ ඇය අත දික් කොට පෙන්වූයේ එම විශාල වත්තේ කොණකට වෙන්න සාදා තිබූ කුඩා උද්‍යානය...ජින් විශාල වුණු ඇස් වලින් යුක්තව ඇය දෙස බැලුවද ඇය සෘජුවම එදෙස බලා සිටියා පමණයි...

බැලූ බැල්මට එය හිස් අවකාශයක තතු ඉසිලුවේ...එහෙත් ජින් එය වෙත ගොස් එහි වූ කුඩා ගේට්ටුව විවර කර ඇතුළට පිවිසියා....

සෝ සුසුම්, කදුළු ගංගා වන්හි තෙතමනයේ පහස රැගෙන හමා ආ සුළගට තාලයට ලෙළදෙන, කුඩා අංකුරයක් සහ ළපටි පත්‍ර ද්විත්වයක් සහිත Ginkgo පැළය දෙස බලා සිටි ජින්ගේ දෙනෙතට තෙතමනයක් දැනීමට වැඩි වෙලාවක් ගත වූයේ නැහැ...

සිදුව ඇත්තේ කුමක්ද යන්න කීමට තැත් කරන කුඩා Ginkgo ප්‍රාණියා ඉදිරියේ දණ ගැසූ ජින් එම ළපටි පත්‍ර මෘදු ලෙස ස්පර්ශ කළේ කොපුල් මතින් ගලාගිය කදුලින් එම පත්‍ර නැහැවෙද්දී....

" සරන්ගේ මගේ කුකී...''

__________________________________

Thank you so much to everyone who read and voted for my story

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Thank you so much to everyone who read and voted for my story.

This is an idea that came to my mind abruptly. 

Sorry if I made mistakes ...                                                                                                                                                 

Then Good Bye!!

Stay Safe.....

_Yeul_

Ginkgo Breath : Jin x Kook [ Completed ]Where stories live. Discover now