CHAPTER 10

80 31 0
                                    

'' ම්...මොනාද...ක්...කල්පනා...ක්..කරන්නේ..? ''

සිසිල්  වායු ධාරා ආක්‍රමණය  කර  Ginkgo ගස් යටට  වී  ජන්කුක්  සහ  ජින්  නිශ්ශබ්දව ඉන්නේ බොහෝ වෙලාවක සිට....එම නිහැඩියාව  බිදලීමේ අරමුණින්  එහා මෙහා වැනෙමින් ශබ්ද උපදවන Ginkgo ගස් වලින් නැගෙන හඩෙන්  මුළු  උද්‍යානයම  පිරී තිබුණි..

 '' ආ...මුකුත්  නෑ  හියුන්..''

ජන්කුක් කිව්වේ මුණට  සිනහවක්  ආරුඪ  කරගෙන....එහෙත් ජින් මෝඩ වුණේ නැහැ ඒ හිනාවට රැවටෙන්න තරම්...ජන්කුක් මොන විදිහේ නාට්‍යක් ඉදිරිපත් කරත් ජින්  දන්නවා ජන්කුක්  ඉන්නේ  මොකක් හරි ලොකු ප්‍රශ්නෙක බව...

''ජන්- ''

'' ආහ්ම්...හාහ්හ්හ්....ආහ්හ්ම්ම්...''

'' හියුන්...!! හියුන්...!! හොදට හුස්ම ගන්න.....ආ...තව හොදට...''

ජින් කතා කරන්න ආයාසයක් ගන්න මොහොතේ එක් වරම ඔහුට හුස්ම ගැනීම අපහසු වූයේ ජන්කුක් අතිශය බියට පත් කරමින්...ජන්කුක් ජින්ගේ පපුව පිරිමදින  අතරේ  ඔහුට  හුස්ම ගැනීම යම් තරමක්  පහසු කරවූවා...

ජින්  අසුන් ගෙන සිටියේ ඔහුගේ රෝද පුටුවේ  නොවේ....ජන්කුක්ගේ  අධාරයන්  මධ්‍යයේ, බංකුවක වාඩි වී  Ginkgo කදකට පිට දී ගෙන ඔහු සිටියේ ....

කෙමෙන් යහපත් අතට  හැරුණු පසු  එම  අපහසුතාවය හේතුවෙන්  ඇස්  අග එකතු වුණු කදුළු කැට  පිස දැමීමට  අත  හෙමින් ඉහළට එසවූ ජින් ට නැවතත්  එම අත පහළ හෙලීමට සිදු වූයේ  ජන්කුක්  මේ වන විටත්  ජින්ගේ  ඇස්  අග රැස් වූ කදුළු සිය දෑතින්ම  ඉවත්  කළ බැවිනි...

දෙදෙනාගේ දෑස්  එකිනෙක හමු වුණු පසු ජන්කුක් එම  දෑස්  වල  අභ්‍යන්තරයටම  යෑමට උත්සහා කරේ ජින්  ඔහුගේ  සිනහව මුහුණෙහි  රදවා ගන්නා අතරේ...

එම වේදනාව ඉස් මතු කරන  සිනහව දුටු ජන්කුක්  තම  හිස ජින්ගේ  පපු ගැබ  තුළ හංගා ගත්තේ  අනුදැනුමකින්  තොරවයි....ජන්කුක්ගේ ක්‍රියාව දෙස  සිනහවෙන්  යුතුව බලාසිටි ජින්  මළානිකව, එහෙත්  ආදරයෙන්  තම  රැළි වැටුණු දෙඅත්  ජන්කුක්ගේ ඉණ වටා එතුවා....  

'' සරන්ගේ  මගේ  හියුන්...''

ජන්කුක් ගේ  එම  ප්‍රකාශය අභියස  ජින්ගේ ගේ  ඇස්  යුගල නැවතත්  කදුළු ගංගාවකින්  පිරී ගියේ  වේදනාවකට  හෝ  දුකකට හෝ  නොවේ  ඔහුගේ  හද පත්ලෙහිද  පැල පදියම්ව  ඇති  අසීමිත  සොයුරු පෙම නිසායි....

එහෙත්....

ජන්කුක්ගේ  ප්‍රකාශය හමුවේ  ඔහුට කිසිදු පිළිතුරක්, ප්‍රතිචාරයක්  ලැබුණේ නැහැ...

අදත්, ඔහු සිනාසෙනවා  පමණයි...

__________________________________________

To Be Continued ....

Ginkgo Breath : Jin x Kook [ Completed ]Where stories live. Discover now