CHAPTER 09

82 28 1
                                    

'' හ්...හෙටත්...හ්...හම්බ...වෙමු...ජ්...ජන්කුක්...''

ජින් සමග අනාත නිවාසයට පැමිණි ජන්කුක්, ජින් ඔහුට සමුදෙද්දීත් හිස සැලුවා පමණයි...

ජන්කුක් මුහුණෙන් දිස් වනුයේ මළානික බවක්...ජින් පෙර පවසූ කාරණය සම්බන්දයෙන් ජන්කුක් සිටියේ කනස්සල්ලෙන්....එයට දුක් විය යුතු නැති බව ජින් පැවසුවත් ජන්කුක්ගේ හිත නොනවත්වා හඩා වැටෙන ආකාරයක් ඔහුට හැගුනේ..

ජින් නොපෙනී ගිය පසු අනාත නිවාසයෙහි කුඩා ගේට්ටුවෙන් පිටතට යෑමට සැරසුනද ඔහු ආපසු පිටුපස හැරුනේ දෑසට හුරු පුරුදු රුවක් හසු වූ බැවිනි...

අක්කර කිහිපයක භූමි ප්‍රදේශයක ව්‍යාප්ත වී තිබුණු අනාත නිවාසය සහ ඊට අලලා තිබූ Ginkgo වත්ත අතර තිබුණු මල් පැළ වලට සාත්තු කරමින් සිටියේ ජින්ගේ සහයිකාව...

ජන්කුක්ට පහළ වුණු ක්ෂණික සිතිවිල්ලට අනුව ඔහු සෙමින් අඩි තියා ඇය වෙත ඇදුණේ සිතේ රැදී ප්‍රශ්න කිහිපයට අයගෙන් පිළිතුරු ලබා ගත හැකි වේවි යැයි අනුමාන කරමින්....

'' පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද අජුම්මා...''

ජන්කුක් විමසුවේ ආචාරශීලී ස්වරයෙන්....

මද සිනහවක් සංග්‍රහ කළ ඈ අතෙන් පෙන්නුවේ පසෙක තිබූ කුඩා බංකුව...

'' අහ්ම්.... ජින් හියුන්ව පොඩි කාලේ ඉදන් බලාගන්නේ ඔයා නේද? ''

'' ඔව්...ඉපදුන දවසේ ඉදන්...''

'' ආහ්...ජින් හියුන්ට තියෙන අසනීපෙ...මේ...''

'' එයා Ataxia රෝගියෙක්....''

ඇයගේ වචන ජන්කුක්ගේ හදවත මොහොතකට නවතා දැමුවා වැන්න...එයට පිළිතුරු වශයෙන් කුමක් දිය යුතුද යන්නත් ඔහු දැනුවත් නැහැ...

'' ඔ...ඔයාලා....Treatments මුකුත්...ක..කරන්නේ...නැද්ද...''

'' මෙහෙ එයාට ගැළපෙන ස්නායු විශේෂඥයින් ( neurologists) නැහැ...ඔයාට පුළුවන් නම් මගේ අසරණ කොල්ලට උදවු කරන්න මහත්මයා...මගේ ඇස් දෙක පිය වෙන්න කලින් එයා හොදින් ඉන්නවා බලන්න ආසයි....''

ඇසට මෝදු වුණ කදුලුත් වසන් කරගන්න ගමන් ඇය අවසානයට අත් එකතු කරමින් පැවසුවේ එහෙම....

'' මෙතන ළමයින්ව තියා ගන්නේ අවුරුදු 18 වෙනකම් විතරයි...ඒත් ජිනව අපි මෙහෙන් යැව්වේ නැහැ...ඒත්...ඒත්...මට බයයි...මේ යන විදිහත් එක්කලා ජින්ටයි මටයි දෙන්නාටම මෙහෙන් යන්න වෙයිද කියලා....''

ඇය නොනවත්වා කියවන් ගියා...ශක්තිමත් ගැහැණියක් ලෙස පෙණුනු ඇය මෙලෙස කදුළු සැලීම පුදුමයට කරුණක් උවත් මේ අවස්ථාවේ ජන්කුක් පවා පසු වන්නේ එවැනි තත්ත්වයක....

ජන්කුක්ට මෙයට දීමට සුදුසු පිළිතුර කුමක්ද කියා තවමත් සිතා ගැනීමට නොහැකි...ඔහු කදුළු අතරින් සිනා සෙමින් හිස සැලුවා පමණයි...

සහෝදරයකුගේ අඩුව තිබූ ජන්කුක්ට මේ දින කිහිපයේදී පවා ජින්ව හැගුනේ තමාගේම සහෝදරයෙකු ලෙස...

ලේ බැදීමක් නොතිබුණත් ඒ සිනහව සහ ඔහු වේදනා නාශකයක් වී තිබුණා ජන්කුක්ට....එහෙත් ඔහු මෙතරම් බරපතල දෙයක් කවදාක හෝ සිතා සිටියේ නැහැ...

කදුළු පිසදාගත් ගැහැණිය ජන්කුක්ට ආචාර කොට එතනින් පිටව ගිය පසු ජන්කුක් නිශ්ශබ්ද Ginkgo ගස් යාය දෙස බලා කදුළු සලන්න ගත්තා....

'' කැහ්...කැහ්...කැහ්...''

එක් වරම පැමිණි වේදනා බර කැස්සක් නිසා ජන්කුක් ඉක්මනින් බංකුවෙන් නැගිට අතෙන් කටත් වහගෙන අනාත නිවාසේ ගේට්ටුව වෙත දිව ගියා....

________________________________________

To Be Continued...

A/N ; Ataxia යනු මාංශ පේශි පාලනය නැති වීමයි. ඇටෑක්සියා රෝගයෙන් පෙළෙන අයගේ අත් සහ පාදවල මාංශ පේශි පාලනය නැති වී යයි. මෙය සමබරතාවය, සම්බන්ධීකරණය සහ ඇවිදීමේ අපහසුතාවයට හේතු විය හැක. අත්, කකුල්, සිරුර, ඇස්, සහ එය කථනය සදහා භාවිතා කරන මාංශ පෙශිවලටද බලපෑම් ඇති කරයි....

Ginkgo Breath : Jin x Kook [ Completed ]Where stories live. Discover now