CHAPTER 06

86 31 0
                                    

'' මම මේක ප්ලේ කරන්නද? ''

ජන්කුක් ඇහුවේ ජින් දිහා බලලා...ජින් සතුටින් හිස ඉහළ පහළ වැනුවා..

ජින්ගේ සතුටින් නළියන ඇස් දිහා බලාගෙන ජන්කුක් බටනළාවේ තරමක් විශාල සිදුරට තම තොල් පෙති තබලා මිහිරි ශබ්ද ස්වර නංවන්න ගත්තා..

ඒ බටනළා වාදනය ජින්ට පමණක්ම නොවේ උද්‍යානයේ සිටි අනෙක් ළමෝ පිරිසටත් දෙසවන් පිනවන, මනස සැහැල්ලු කරන රාවයක් වුණා...

ඇත්තටම ජන්කුක් ප්‍රවීණ බටනළා වාදකයෙක් වගේ...එයා සිටින ඉරියව්වෙන් පවා ඒක පසක් වුණා..

Ginkgo ගස් පෙළ පවා තාලෙට පැද්දුනේ ජන්කුක්ගේ බට නාළා වාදනයට මුසු වෙලා...

ජින් ඇස් දෙකත් අඩවන් කරගෙන එම මිහිරි නාදය සිත් සේ විදගත්තේ එම රාවය සමග සිතේ උපදින අපූරු චිත්තරූපයන්ගේ සුන්දරත්වය විදින අතරේ...

ජන්කුක්ටත් ඔහුගේ වාදනයෙන් ඉවතට යන්න සිතක් නැති හැඩයි....නොකඩවා සිදුකළ වාදනය හේතුවෙන් යම් කිසි අපහසුතාවයක් ඔහුට දැනුනද එම වාදනය නවත්වන්න උවමනාවක් ඔහුට තිබුණේ නෑ...

ජින් නම් මේ මොහොතේ පවා වෙනත් ලෝකෙකට ගොස් ඇති සැටියයි..

ජින්ගේ ඇස් අග කදුළු බිදුවක් මතු වූයේ එම මිහිරියාව අධික බව නිසායි...

වදනකදු නොපවසාම සමාධිගත සේයාවකින් සිටි ජින් අමාරුවෙන් හෝ දෑත් දෙපසට විහිදෙව්වේ ඒ දැණුනු නිදහස ඇති පදම් වෙන්න භුක්ති විදින්න...

'' ඔ...ඔයා ගොඩක්....ලස්සනට....ව...වාදනය..කරනවා ජන්කුක්..

________________________________________

To Be Continued...

Ginkgo Breath : Jin x Kook [ Completed ]Where stories live. Discover now