|03|

996 191 2
                                    

𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 •03•

ඒලියන් හියුනුත් ඇවිත් කාර් එකේ පිටිපස්සෙන් නැග්ගා...

මම පැසේන්ජර් සීට් එකේ..බනී හියුන් ඩ්‍රයිවින් සීට් එකේ...ඒලියන් හියුන් පිටිපස්සේ....ඒත් ඒලියන් හියුන්ගෙ බයික් එක...එයා ගනීනෙ පස්සෙ...

කාර් එක හරිම පහසුයි...මම මෙහෙම කාර් එකක වාඩිවුනාමයි...හරිම ශෝයි...ඔයාලා දන්නවද මේ කාර් එකේ ඉස්සරහා සූටි ජනෙල් වගේ කෑලි ටිකක් තියෙනව හරිද!?

ඒවයින් අයිස් එනවා....අයිස් කිව්වේ සීතලම සීතල හුලඟක් එනවා...හරි සෝයි....

ඒත් ඇයි මේ හියුන්ලා දෙන්නම මාව කාර් එකේ එක්කන් යන්නේ..අනික කොහේද එක්කන් යන්නේ☹️

මම කවදාවත් හිතුවෙ නැහැ මගේ හිතේ හිටපු දෙන්නත් එක්ක මට කතා කරන්නවත් හම්බවේවි කියලා..

ඒත් අද...අද මන් ඒ දෙන්නම එක්ක කාර් එකක යනවා...

ඔයාලට ස්තූතියි දෙවියනේ...මට ආදරේ නොකර  මෙහෙම හරි එයාලා ගාවින් ඉන්න දුන්නට..මට හොඳටෝම ඇති....

-"මෝචි බහින්න"

බනී හියුන්ගේ කටහඬටයි මම මේ ලෝකෙට ආවේ....කොහෙටදෝ මන්දා ඇවිත් මට බහින්නලු...

මම හියුන් දිහා ටිකවෙලාවක් බලන් ඉඳලා කාර් එකේ දොර දිහා බැලුවා...ඇත්තටම මම මේ දොර අරින්න දන්නෙ නැහැ...මම මොකද කරන්නේ...

මාව තේරුම් අරගත්තා වගේ බනී හියුන් හිනාවෙලා කාර් එකේ දොර ඇරලා දුන්නා මට..මාත් හිනාවෙලා කාර් එකෙන් බැස්සා....

වෝහ්හ්හ්හ්😍😍😍😍😍

ලස්සනම ලස්සන පාක් එකක්...හැබැයි අපි තුන්දෙනා විතරයි මුලු පාක් එකටම හිටියේ....

-"හියුන්..ඇයි අපිමෙහෙ"

මම එහෙම ඇහුවේ තවත් මේක හිරකරන් ඉන්න බැරි ප්‍රශ්නයක් නිසා....

-"මෝචී ...මමයි ටේයි ඔයාට ආදරේ කරනවා..."

-"ඔව් චිමී...මමයි කුකීයි ඔයාට ආදරේ කරනවා..."

ම්..මොකක්...හියුන්ලා දෙන්නම මට ආදරේ කරනවා..ඒත් ඒක ...එකපාරට..

-"අපි දන්නව ඔයා බය වෙලා ඉන්නේ කියල..ඔයා හිතනව ඇති තුන්දෙනෙක් කොහොමද ආදරේ කරන්නේ කියලා...ඒත් ඒක ඇත්ත මෝචි...මේ අපි ආදරේ කරන්නෙ...මම මගේ පනටත් වඩා ඔයාටයි ටේටයි ආදරේ කරනවා...මම දන්නෙ නැහැ මැනික මේ ආදරේ කවදා ඇති වුනු ආදරයක්ද කියලා..ඒත් මම දන්නෙ මෙච්චරයි..මට ඔයාලා දෙන්නා නැතුව එක විනාඩියක්වත් ඉන්න බැහැ..."

බනී හියුන් එහෙම කියලා ඉවරවෙනවත් එක්කම එයා මාව බදාගත්තා....

-"කුකී කිව්ව හරි චිමී..මටත් එහෙමයි...මම දන්නව ඔයා අවුරුදු තුනක් තිස්සේ මම දිහා බලනවා කියලා..හැමදාම නොදැක්කා වගේ හිටියට මම ඔයා දිහා ඔයාටත් හොරෙන් බලාගෙනයි හිටියේ....ඒ වගේම කුකී...ඔයාව මට හම්බුනේ පොඩි කාලේ..ඒ කාලේ ඉඳලම ඔයාට කැමත්තක් තිබ්බා මට...ඒත් ඒක හරියටම ආදරේද කියලා තේරුම් ගන්න බැරුවයි හිටියේ මම....මම දැන් දන්නව...මාත් ඔයාලා දෙන්නටම මගේ පනටත් වඩා ආදරෙයි...."

ඒලියන් හියුනුත් එහෙම කියල මාවයි බනී හියුන්වයි දෙන්නවම බදාගත්තා....

-"ඔයාට අපිට කියන්න දෙයක් නැද්ද මැනික"

අන්තිමට ඒලියන් හියුන් අපෙන් ඈත්වෙලා මම දිහා බලලා ඇහුවා...

මම මොනවද කියන්නෙ හියුන්...මෙච්චර කල් මම ඔයාලා දෙන්නට හිතෙන් ආදරේ කරේ ලැබෙන්නේ නැති දෙයක් බව දැන දැනමයි..ඒත් අද...අද ඔයාලා දෙන්නම මම ඉස්සර මට ආදරෙයි කියලා කියනවා....

මම අනාතයෙක්නෙ හියුන්..මාව කොහොමටවත්ම ඔයාලට ගැලපෙන්නෙ නැහැ....කොහොමටවත්ම...

ඒත්,

-"මම ආදරෙයි හියුන්ලා...හුඟක් ආදරෙයි...😭"

මට කියන්න ඕනි වුනේ ඒක...මම එහෙම කියද්දී මගේ ඇස් වලින් කඳුලු හෝ ගාලා ගලන් යන්න ගත්තේ මගේ සතුට මට දරාගන්න බැරුව ගිය නිසා...

-"කෝ චිමී අඬන්නෙපා මැනික ඉතින්..කෝ කැතවෙනවනෙ ඔයා..."

ඒලියන් හියුන් එහෙම් කිය කියම මගේ කඳුලු පිහදැම්මා...ඒත් හියුන්ගේ ඇස් වලිනුත් කඳුලු හෝ ගාලා එනවා....

-"කෝ ටේ මැනික..ඔයත් අඬනවනෙ චූටි බබෙක් වගේ..."

බනී හියුන් එහෙම කියලා හිනාවෙලා ඒලියන් හියුන්ගේ කඳුලු පිහදැම්මා...

මට අද එක දෙයක් දැනෙනවා....

ඒ තමයි...මම තනියම නෙමේ කියලා...මම සම්පූර්ණයි...මට ඒක දැනෙනවා....

ඒත් මට තාමත් එක ප්‍රශ්නයක් තියෙනවා...

අනාතයෙක් වෙච්චි මාව එයාලගේ පවුල් වලින් කොහොම පිලිගනීවිද😪

▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭
▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭
▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭

මොනා ලියනවද මන්ද මන්☹️

𝐒𝐓 ♡

   

WE [vminkook complete✔️]Where stories live. Discover now