|07|

919 176 11
                                    

𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 •07•

දැනට අපි එකම ගෙදර නැවතිලා අවුරුද්දක් වෙනවා....ඒ වගේම තව සතියකින් මගේ ෆයිනල් එක්සෑම්...

🐰මෝචි ලෑස්තිද.!?

🐣ඔව් හියුන් යමු..

උදේ පාන්දරම බනී හියුන් පහල ඉඳලා කතා කරේ මට කොලේජ් යන්න පරක්කු වෙන නිසා...

මමත් පහලට ගිහින් කෑම ටික ලෑස්ති කර කර හිටපු ඒලියන් හියුන්ගේ කම්මුලට කිස් එකක් දීලා කෑම මේසෙන් වාඩි වුනේ ඉක්මනට උදේ කෑම අරන් බනී හියුන් එක්ක යන්න...

🐯මේ...කුකී , චිමී ...මට ට් ටික දවසකට ඔම්මලගෙ ගෙදර යන්න වෙනවා...

කෑම මේසේ නිහඬ බව බිඳිමින් ඒලියන් හියුන් කිව්වා..

🐰ඒත් ඇයි බබා!?

🐯දන්නෑ කූ....ඔම්ම කෝල් කරලා හදිස්සියෙම එන්න කිව්වා මිසක් හරි හේතුවක් කිව්වෙ නැහැ...මට බයයිත් වගේ...

🐰බය වෙන්න එපා මැනික..මම ගෙනිහින් දාන්නද එහෙනම් ඔයාව...

🐯ම්හු..මන් යන්නම් කුකී..බයික් එකේ හුඟ දවසකින් කොහෙවත් ගියෙත් නෑනෙ...

🐰හ්ම්..පරිස්සමින් හොඳද...

මම ඉක්මනට කාලා ඒලියන් හියුන්ගේ කම්මුලට ආයෙත් කිස් එකක් දුන්නා...

🐣හැමදෙයක්ම හොඳින් වෙයි හියුන්...

මම එහෙම කියලා හිනාවෙලා ඉක්මනට ගිහින් කාර් එකට නැග්ගා...

මම දැක්කා බනී හියුන් ඒලියන් හියුන්ගේ තොල් කිස් කරනවා..ඒ දෙන්නට පොඩ්ඩක් තනි වෙන්න දීලයි මම ආවේ...

ටික වෙලාවකින් බනී හියුන් ඇවිත් කාර් එකට නැග්ගා..ඒත් හියුන්ගෙ මූන අමුතුයි..

🐣හියුන්..ප්‍රශ්නෙ මොකක්ද !?

🐰මට බයයි මෝචි...මේ යන ගමන මට ටේට යන්න දෙන්න හිතෙන්නෙම නැහැ..මොකක්ම හරි නරක දෙයක් වෙයි කියල බයයි...

🐣බය වෙන්න එපා හියුන්..හැමදේම හරියාවී..

🐰හ්ම්...යමු..ඔයාට පරක්කු වෙනවනෙ නැත්නම්...

ලොකූ හුස්මක් අරගත්තු බනී හියුන් එහෙම කියලා වාහනේ පනගැන්වුවා...

WE [vminkook complete✔️]Where stories live. Discover now