🌼Chapter 04🌼

290 66 24
                                    

ටේයොන් කතා කරපු කලබලේටම බයික් එකත් ස්ටාර්ට් කරන් ගෙදර ගියේ කරදරයක් නම් වෙන්න එපා කියලා හිතන ගමන්මයි. ඒත් ගෙදරට ලං වෙද්දිම දැකපු දේ නිසා මගේ හදවත නැවතුනේ ඒක අපේ ගෙදර නම් වෙන්න එපා කියලා. ගෙවල් පැත්තෙන් ආපු ලොකු දුම වගේම ගේ ඉස්සරහ පිරිලා ඉන්න මිනිස්සු දැක්කම මගේ ඔලුවට ආවෙ ටේ විතරයි. මිනිස්සු අස්සෙන් මගේ ගෙදර ගිනිගන්නවා දකිද්දි මගේ හිතත් පිච්චිලා ගියා. මිනිස්සු පිරිලා නිසා යන්න අමාරු වුණත් ගේට් එක ඇරලා තිබ්බ නිසා බයික් එක ඇතුලට දාලා ගේ ඇතුලට දුවන්න හදද්දිම මං දැක්කෙ එලියෙන් ඉදගෙන ඉන්න ටේව.

ටේයොනා..

හියුන්.. අනේ හියුන්..

ටේ අඩාගෙනම ඇවිත් මාව බදාගද්දි මගේ හිතට සැනසීමක් දැනුනෙ ටේට කිසිම කරදරයක් වෙලා නෑ කියලා දැනගත්තු නිසා. මාව බදාගෙනම ටේ වචනයක් වත් කතා කරගන්න බැරුව අඩද්දි මට කරකියා ගන්න දෙයක් තිබ්බෙ නෑ.

ටේ.. දැන් අඩන්න එපා. මං ආවනේ. ඔයා ගෙදර ඉද්දිද මේක වුණේ.

ම..මං ගෙ...දර එනකොටම ගේ ගිනිගත්තා හි..යුන්..

ටේ ඇඩුම් අතරෙන් කියද්දි මං බැලුවෙ ගේ දිහා. අප්පගෙන් කියලා අපිට ලැබුණ එකම දේ මේ ගෙදර විතරයි. තාමත් ඔහේ ගිනිගන්න ගෙදර ගිනිදැල් අස්සෙන් මං බලන් හිටියෙ හැගීමක් නැති ඇස් වලින්. එකපාරම මෙහෙම දෙයක් වුණේ කොහොමද කියලා මගේ හිතේ තිබුණත් හිස් හැගීමෙන් ගිනිගන්න ගෙදර දිහා බලන් හිටියා. ටිකකින් ගින්න නිවන්න ආවත් ඒ වෙනකොටත් මුලු ගේම පිච්චිලා ඉවරයි.

හියුන්.. අපිට තිබ්බෙ මෙච්චරයි නේද? ඒකත් නැති වුණා අද? අපි කොහෙද හියුන් ඉන්නෙ. මගේ පොත් නේද ඇතුලෙ පිච්චුනේ. හියුන් අහ්.... අර ෆොටෝ එක. අනේ හියුන් ඒක මට ඕනි. හියුන් මට ඒක ඕනි. අනේ... මගේ ජීවිතේම ඒක. අනේ හියුන් මං කොහොමද දැන් එයාව හොයාගන්නෙ.

ටේ කෑ ගහලා අඩද්දි මගේ හිතේ තිබ්බෙ ටේටත් මට වගේම ඉගෙනගන්න නැතිවෙයිද කියලා. මටත් අඩන්න ඕනි. මගේ උගුරෙ දෙයක් හිර වෙලා වගේ දැනෙද්දි මං කරේ ටේයොන් සනසපු එක. මට බෑ එයා ඉස්සරහ වැටෙන්න. මං නැතිවුණොත් එයාට කවුද ඉන්නෙ. මගේ හිත කෑ ගහලා අඩද්දි මගේ නිහඩතාවෙ එතන හිටපු මිනිස්සුන්ට පුදුමයක් වෙන්න ඇති. පොලිසියේ මිනිස්සු දෙන්නෙක් මං ලගට ආවම ටේව ඈත් කරලා මං එයාලා කතා කරනකන් හිටියා.

𝙳𝚒𝚖𝚙𝚕𝚎 | 𝙺𝙽𝙹 ✔️Where stories live. Discover now