ජේකේ...
ජින් කෑම මේසෙ ඉදන්ම කෑ ගැහුවම හැමෝගෙම අවධානෙ ආපු තරුණයා දිහාට යද්දි ඒ කොල්ලා ජින්ට ගස්සගෙන කිචන් එකට ගියා.
යකෝ මූ.. ඒයි ඉරිසියාකාරයා ඔහොම ඉන්නවා. කිචන් එකට නම් යන්න එපා යුන්හි කෑම හදනවා..
ඒක කිව්වම නම් ඒ යකා ඇවිත් කෑම මේසෙන් ඉදගත්තා. කොට කෙල්ලගෙ කෑම මෙච්චරම අවුල්ද? ජේකේ ටේ ලගින්ම ගිහින් ඉදගද්දි යුන්ගි හිනා වුණා. මං මෙහෙට ආවට පස්සෙ යුන්ගි හිනා වෙනවා දැක්කෙම ජේකේ ආපු වෙලේ ඉදන්.
කෝ අර කොටා. මං ආවෙම ඌට දෙකක් අනින්න බලන්. එහෙදි කෙල්ලො කීයක් නම් ආවද මූගෙ ගෑණු කියලා. එහෙ නිසා හොදයි. මෙහෙදි නම් ලමයිනුත් උස්සන් එයි.
ජීමිනාව නම් හදන්න බෑ. මෙහෙත් එහෙමයි. මේ අහනවා.. කෙලින්ම කියන්නම් වැඩේ. නම්ජුන්ගෙ ගෙදර අර්ත් වයර් එක කපලා තිබ්බෙ. තව බඩු වගයක් තියෙනවා. තමුසෙ චෙක් කරලා බලනවා.
ඇමරිකාවෙ ඉදන් මේ දැන් ගෙදර ආපු මිනිහට යුන්ගි කියාගෙන යද්දි ජේකේ අතේ තිබුණ මුද්ද එහා මෙහා කර කර අහන් හිටියෙ.
යාහ්.. ආපු ගමන්ම ඕවා කියන්නෙ මොකද යුන්ගියා. මේ මනුස්සයාට හුස්ම ගන්න දෙනවකෝ. මහන්සි ඇරලා ඒක කතා කරමු.
හහ්.. හුස්ම ගන්න....?? මං හුස්ම ගන්න එක නවත්තලා දැන් අවුරුදු දෙකක් වෙනවා වයිටා.. ඒකෙන් වැඩක් නෑ. මට ඔයා එක්ක කතාවක් නෑ. මං ආවෙ වැඩේ කරන්න. යුන්ගි හියුන් පිහියෙන් ඇනපු මිනිහව මට බාර දෙන්න.
ජේකේ එහෙම කියද්දි ජින් ඔරවන් බලන් හිටියා. මේ අදුරන්නැති මිනිස්සුන්ගෙ තේරෙන්නැති කතා එක්ක මගේ ඔලුව තනි විකාරයක්.
යාහ්.. ජන්කුකා ඇයි දැන් මගෙත් එක්ක තරහ වෙලා. යුන්ගිට හියුන් කිව්වත් මට ඔහොම කතා කරන්නෙ ඇයි.
දැන්ද ජන්කුක්ව මතක් වුණේ. හියුන්ට මේ මාව අමතක වෙන තරමටම කෙනෙක් ලං වෙලානෙ දැන්. මං ඒකට ඉරිසියයි. හියුන් මට දවස් දෙකයි පැය දාහතරකින් කතා කරේ නෑ. හියුන්ට අත තියපු එකා හොයාගත්තා කියපු ගමන් මං ආවත් මාව දැන් හියුන්ට වැඩක් නෑ. මාත් යනවා හිතුනොත් නූනා ලගටම.
YOU ARE READING
𝙳𝚒𝚖𝚙𝚕𝚎 | 𝙺𝙽𝙹 ✔️
Fanfiction""ඉතින් අවසරද සිපගන්න ඔබේ ඔය වල ගැහුන දෙකොපුල් ආදරෙන් ලංවී"" දගකාර හිතක ආදරෙන් පැටලුණු වගකීම් පිරුණ ගල් හදවතක කතාව... ✍story by blacklove.. Published date :- 2021.12.12