🌼Chapter 13🌼

255 64 15
                                    

ජින්ගේ  කබඩ් එකේ තිබිලා ගත්තු ෆොටෝ එකේ තිබ්බේ මායි හියුනුයි බීච් එකේ ඉදන් ගහපු ෆොටෝ එකක්. ඒත් ඒ කොහොමද...?? ජින් ලග ඒක තියෙන්නෙ කොහොමද? ඒක තිබ්බේ හියුන් ගාවනේ..

ආයිෂ්.. කොහොමද මට ඒක අමතක වුණේ..

එකපාරම මතක් වුණ දේ නිසා යුන්හිව හොයන් ගියේ මේකෙ ඇත්ත දැනගන්න. මං කතා කරන්නෙත් නැතුවම රූම් එකට යද්දි මේසෙ ලග ඉදගෙන හිටපු කෙල්ල මගේ ලගට දුවන් ආවා.

ඩිම්පල් වේ...?? මොකද කලබලෙන්..??

ජින්ගේ නම මොකක්ද?? එයා මින් කෙනෙක් නෙවෙයිනේ කොහොමත්. එයාගෙ ඇත්ත නම මොකක්ද?

මං අහද්දි කෙල්ල මං දිහා බලන් හිටියෙ ඇස් දෙකත් ලොකු කරන්.

යාහ්.. යුන්හියා මං දෙයක් ඇහුවා. බලන් ඉන්නැතුව උත්තර දෙන්න.

අහ්... සො...ක්ජින්.. වේ... ඩිම්පල්... හදිසියේම ඒක??

කෙල්ල පටල පටල කතා කරපු විදිහෙන්ම තේරුණේ මොනා හරි දෙයක් හන්ගනවා කියලමයි.

කිම් සොක්ජින්... ඒකද එයාගෙ නම...?? එයාද අපේ හියුන්...?? මට ඇත්ත කියන්න.

ඩිම්පල්.. අම්මෝ සී අයි ඩී එකේද වැඩ කරන්නේ..?? දේ දේ... කිම් සොක්ජින් තමයි.

එතකොට ඒ ටේයොන්ගෙ ඇත්තම හියුන්ද?? ඔයාලා අපි ගැන හෙව්වෙ ඒ නිසාද? වේ යුන්හියා. අපෙන් ඇයි මේ දේවල් හන්ගන්නේ. දැන්වත් මට ඇත්ත කියන්න.

මං කෙල්ලගෙ උරහිසෙන් අල්ලගෙනම ඇහුවෙ ඒ ඇස් දෙක දිහාම බලාගෙන.

දේ... එයා ඔයාගෙ හියුන් තමයි.

මං බලාපොරොත්තු වුණේ ඒ වචන ටික වුණත් ඒ ටික ඇහෙද්දි මගේ ඇග පණ නැතුව ගියේ ඒ ඇත්ත මට පිලිගන්න අමාරු කරවලා. මෙච්චර ලගින් ඉදලත් මට එයාව හොයාගන්න බැරි වුණා.

වේ... අපි ලග ඉදලත් ඒක කිව්වෙ නැත්තේ... වේ........ යුන්හියා.... ඔයාවත් මට කියන්න තිබ්බනේද?

ඩිම්පල් ඔප්පා හැමදේම ඔයාලගෙන් හැන්ගුවේ හේතුවක් ඇතුව. එයා ඈත ඉදන් ඔයාලව පරිස්සම් කරා. එයා කොරියාවට ආපු දවසෙ ඉදන්ම කරේ ඔයාලගෙ පස්සෙන් ඉදන් ඔයාලව පරිස්සම් කරපු එක. අපි හැමෝම ඔයාලා එක්ක හිටියා. මං ඔයාව දැක්කෙත් ඔප්පා නිසා.

𝙳𝚒𝚖𝚙𝚕𝚎 | 𝙺𝙽𝙹 ✔️Место, где живут истории. Откройте их для себя