🌼Chapter 07🌼

266 64 17
                                    

උදේම සීතල අතක් මූණෙ වදිනවා දැනිලා ඇහැරුණේ ටේයොන් මං ලග හිටපු නැති නිසා කවුද කියලා බලන්නමයි. මං දිහා බලන් හිටපු ලොකු කලු ඇස් බෝල දෙක දැක්කම ඇදෙන් ඉන්දවුණේ එයා මොකද මෙතන කරන්නෙ කියලා.

ගුඩ් මෝනින් ඩිම්පල්..

කෙල්ල මගේ මූණටම එබිලා කියද්දි මං ඒ ඇස් දිහා නොබලම අහක බලාගත්තෙ උදේ පාන්දර කෙල්ල මෙතන මොකද කරන්නෙ කියලා දැනගන්න.

මොකද උදේ පාන්දරම.. යාහ්.. නින්ද යන්නැද්ද? ඔව්නෙ ඉතින් ඊයෙ දවසම නිදාගෙනනෙ හිටියෙ.

උදේ පාන්දර...?? නියම උදේ පාන්දර තමයි. දැන් දහයටත් ලගයි නිදිකුම්බෝ. අන්න සන්ශයින් ඔප්පා ඇවිත් ඉන්නවා ඔයාව ඇහැරවන්න. අනිත් අය නම් කවුරුත් නෑ. ජින් ඔප්පත් ජේකේ එක්ක වැඩකට ගියා. යුන්ගියාට නම් උදේම අප්පගෙන් කැදවීමක් ලැබුණා. ටේයොන් නම් අද තනියම තමයි යුනිවර්සිටි ගියේ. ජීමිනා තාම ඇහැරෙන්න හිතලවත් නෑ. වොෂ් එකක් දාගෙන එන්නකෝ..

මං අහන්නෙත් නැතුව කෙල්ල කියවගෙන යද්දි මං ඇදෙන් බැහැලා කෙලින්ම වොෂ් රූම් එකට ගියා. ඊයෙ හිටපු විදිහත් එක්ක කෙල්ල ආයෙම නෝමල් වෙලා කියලා තේරුණේ වෙනදා වගේම කියවපු නිසා.

හොබී එක්කම ෆාමසියට ගිහින් වැඩ ටික කරලා හවස ගෙදර ආවෙ ටේයොන් මං ඇහැරෙන්නත් කලින් ගෙදරින් ගිහින් තිබ්බ නිසා හවසවත් කතා කරනවා කියලා හිතාගෙන. ගේ ඇතුලට යද්දිම කෙල්ල ටීවි බලනවා දැකපු නිසා එතනින් ඉදගත්තා. සද්දෙන්ම කාටුන් එකක් බලන ගමන් මොනාද කකා හිටපු කෙල්ල මාව දැක්කම සද්දෙ අඩු කරලා මං දිහාට හැරුණා.

ටේයොන් ආවෙ නැද්ද?

අනී.. උදේ එක්කන් ගියෙත් ජින් ඔප්පනෙ. ඔප්පම එක්කන් එයි. අප හතුරො නිසා ඔයාලටත් නිදහසක් නෑ නේද ඩිම්පල්.

හ්ම්... ජීමින් ඇහැරුණාද?

කෙල්ලට දෙන්න උත්තරයක් නැති නිසා ජීමින් ගැන ඇහුවෙ උදේ ජීමින් යුනි ගියේ නැති නිසා.

දේ.. එයා එලියට ගියා. මං විතරයි ගෙදර ඉන්නෙ. අප්පා සෝල් ඇවිත් රෑට මෙහෙත් එයි.

𝙳𝚒𝚖𝚙𝚕𝚎 | 𝙺𝙽𝙹 ✔️Where stories live. Discover now