ක්..කෙවින්..
කෙල්ල වෙව්ලන හඩකින් කියද්දි ඒ කෙනා මහ හයියෙන් හිනා වුණා.
ඔහ්.. බේබි ගර්ල් බය වුණාද?
යාහ්.... කෙවින් තමුසෙ යුන්හිගෙන් ඈත් වෙනවා.
යුන්ගි ගන් එක දික් කරන් කෑ ගහද්දි ජේකේ හිටියෙ තාමත් තරහෙන් පුපුරන ඇස් දෙකෙන් ඌ දිහා බලාගෙන.
මෙන්න බ්ලැක් හෑන්ඩ් මෙතන්ට ඇවිත්. ජේකේ... මගේ චින්ගු...
චින්ගු... මගුල තමයි.. තමුසෙ යුන්හි ලගින් අයින් වුන්නැත්තන් ඔලුවටම තියෙනවා.
ජේකේ ගන් එක ඒ මිනිහගෙ ඔලුවටම ඒම් කරගෙන කියාගෙන ලගට ආවා.
යාහ්.. මොකද මේ කලබල වෙලා. මං ආවෙ මගේ කෙල්ල බලලා යන්න. ඔන්න මං ගියා. ආයෙම හම්බෙමුකො මීට වඩා හොද විදිහකට.
තමුසෙට වැඩි කලක් ජීවත් වෙන්න නෑ. පරිස්සමෙන් හිටපන්. ආයෙ මගේ ඉස්සරහට ආවොත් මරලා දානවා.
ජේකේ යන්න හදපු මිනිහා ලගට ගිහින් එහෙම කියද්දි ඒ මිනිහා ආයෙම වාහනේට නැග්ගා. යුන්හි එයාගෙ කෙල්ල කියලද කිව්වෙ. කවුද ඒ මිනිහා. කාටවත් බය නැති කෙල්ල ඇයි මේ මිනිහට මෙච්චරම බය. ජේකේ යුන්ගි දෙන්නම කෙල්ල ලගට දුවන් ආවත් කෙල්ල බිම වැටුන විදිහට මාත් එතන්ට ගියා.
යුන්හියා.. ක්වෙන්චානාසෙයෝ..??
ඔප්පා.... එයා...
කියන්න හදපු දේත් කියන්නැතුව කෙල්ල කෑ ගහලම අඩද්දි ජේකේ යුන්ගි දෙන්නා කෙල්ලව කොච්චර නැගිට්ටවන්න හැදුවත් කෙල්ල හෙලවුණේ වත් නෑ.
යුන්හියා... නැගිටිනවා.. අපි ඌ ගැන බලාගන්නම්. යාහ්... නැගිටිනවා.
ජේකේ කෙල්ලට කෑ ගැහුවත් කෙල්ල නැගිට්ටෙ නෑ. මං ලගට ගිහින් බිමින් ඉදගෙන කෙල්ලට කතා කරා.
යුන්හි.. වේ..? අපි ගෙදර ගිහින් කතා කරමු. දැන් නැගිටින්නකෝ.
අනේ... ඩිම්පල්.... ඔයා යන්න.... උන් ඔයාට... කරදරයක් කරයි.... ඔයා මෙහෙන්.....යන්න... ඌ ඔයාට... කරදරයක් කරයි...
කෙල්ල ඇඩුම් අතරින් මාව බදාගෙන කියපු කිසි දෙයක් මට තේරුන්නෑ. ජේකේ කෙල්ලව හරහට වඩාගෙන වාහනේට ගෙනිච්චා. ගෙදර යනකන්වත් ජේකේව බදාගෙන ඇඩුවා මිසක් කෙල්ල කිසි දෙයක් කිව්වෙ නෑ.
KAMU SEDANG MEMBACA
𝙳𝚒𝚖𝚙𝚕𝚎 | 𝙺𝙽𝙹 ✔️
Fiksi Penggemar""ඉතින් අවසරද සිපගන්න ඔබේ ඔය වල ගැහුන දෙකොපුල් ආදරෙන් ලංවී"" දගකාර හිතක ආදරෙන් පැටලුණු වගකීම් පිරුණ ගල් හදවතක කතාව... ✍story by blacklove.. Published date :- 2021.12.12