🌼Chapter 02🌼

384 76 22
                                    

වෙනදා එනවා වගේ කියුට් විදිහක් ගෑවිලා වත් නැතුව කලු ජැකට් එකක් ටී ෂර්ට් එකට උඩින් දාලා ඩෙනිමක් ඇදලා හිටපු කොට කෙල්ල දැක්කම හුස්ම ගන්නත් අමතක වුණා.

ඩිම්පල්.. කෝ මගේ ඔප්පා...

මෝ..?? ඔ..ප්පා..

මාවත් පෙල්ලගෙන ඇතුලට ගියපු කෙල්ල නැවතුනෙ තුවාල වුණ මිනිහා ලග.

ඔප්පා.. මොකද වුණේ.. අනී... ඉරෝනා...

යාහ්.. නැගිටිනවා මෝඩි. සිහිනැති වෙලා විතරයි තියෙන්නෙ. පිස්සුද මංදා.

මෙයත් මෙයාලගෙ කෙනෙක්ද? ඇයි මෙයාම එයාලගෙ කෙනෙක් වුණේ. එතකොට මෙයා මේ මනුස්සයා නිසා අඩන්නෙ ඇයි. මෙයාගෙ කවුද මෙයාලා.

මගේ හිත මගෙන්ම අහද්දි යුන්ගි කියන මිනිහා ඒ කෙල්ලට බැන බැන ආපහු නිදාගත්තා. කෙල්ලගෙ සද්දෙට ඇහැරුණ හොබී මං දිහා බැලුවෙ එයත් මේ කොට කෙල්ල හැමදාම මෙතනට එන බව දන්න නිසා. උදේ බෙහෙත් ගන්න ආවෙත් නැති කෙල්ල මේ මිනිහා බලන්න ආවෙ මොකද?

ඩිම්පල්.. කුමාවෝ මෙයාට බෙහෙත් දැම්මට.

අහ්.. මං නෙමෙයි බෙහෙත් දැම්මෙ හොබී. මට කියනවද ඔයාලා කවුද කියලා. මේ මනුස්සයා කවුද? ඔයා මෙතනට බෙහෙත් ගන්න ඔහොම ඇවිත් නෑනෙ කවදාවත්.

ඕහ්... ඒ කියන්නෙ ඩිම්පල් මං එන විදිහ හොදට බලලා තියනවනේ..

කෙල්ල කියපු දේට ලැජ්ජාවක් ආවත් මට තිබුණ ලොකුම ප්‍රශ්නෙ මේ අය කවුද කියන එක. කොණ්ඩෙ කඩාගෙන ෂෝට් කලිසමක් ඇදන් ලොකු හූඩියක් ඇදන් කියුට් විදිහට එන කොට කෙල්ලව මේ විදිහට දකිද්දි අමුත්තක් දැනුනත් මගේ හිත කිව්වෙම මෙතන වෙන දෙයක් තියෙනවා කියලා.

යුන්හී දැන් තමුසෙ යන්න. මෙතන ඉන්න එක සේෆ් නෑ.

මට බෑ.. ඔප්පට සිහිය එනකන් මං යන්නෑ. තමුසෙට ඕන්නම් යනවා. මං සෙට් එකක්ම එක්කන් ආවෙ. ජීමින් මට කියනකන් මං දන්නෙත් නෑ. ඔයා මගෙත් එක්ක ඉදලා ගියත් මේක කිව්වෙ නැත්තෙ ඇයි.

ජීමින්... ජීමින් කියලද කිව්වෙ.

මගේ ඔලුව ප්‍රශ්න පත්තරයක් වෙලා තියෙද්දි තවත් ප්‍රශ්න එකතු වෙන්නෙ ඇයි. ජීමින් කියන්නෙ ටේගෙ යාලුවනෙ. අයිෂ්.. ටේ ගාව ඉන්නෙත් මෙයාලගේ කෙනෙක්ද?

𝙳𝚒𝚖𝚙𝚕𝚎 | 𝙺𝙽𝙹 ✔️Donde viven las historias. Descúbrelo ahora