_Intro_

8.2K 569 7
                                    

"යුන්ගි අරං වරෙං ඔය පාහර බල්#@.  මූට කොහෙන් ද මෙච්චර හයියක් මගේ ජීවිතේ ට ඇගිලි ගහන්න තරම්."ජන්ග් කුක් රෞද්‍ර ව ගිගිරුවේ එයාගේ වටේ ඉන්න එයාගේ ආරක්ෂකයන් ගෙත් ඇගේ හිරිගඩු පිපෙද්දී.ජන්ග් කුක්ට කේන්ති ගිය වෙලාවට එයාව සන්සුන් කරන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කරන්න බැරි වැඩක්

කිරි පැහැති සමට යටින් ඇති, නමුත් සමෙන් මතුපිටට නෙරා එන නිල් පැහැයට හුරු කොල පැහැ නහර, ජන්ග් කුක් කේන්තියේ උපරිම තැනට ඇවිත් කියන එක හුවා දක්වන මනා නිදසුනක්

"කුමරුනි,මට සමාවෙන්න.ආයේ මගේ අතින් ඒ වගේ කිසිම වැරද්දක් වෙන්නේ නැහැ.මට යන්න දෙන්න කුමරුනි" ජන්ග් කුක් ඉදිරියට ගෙන ආ ඒ ආගන්තුකයා ජන්ග් කුක් ඉදිරියේ දනින් වැටී තම ජීවිතය අයදිද්දී ජන්ග් කුක් තුළ තිබූ කේන්ති ය ඔහුට පාලනය කර ගත නොහැකි අයුරින් තව තවත් වැඩි වුණා

තමන්ට රාජකීය උරුමයෙන් දායාද වූ තම මුවහත් වූත් තියුණු වූත් අසිපත සිය අතට ගත් ජන්ග් කුක් එක් කඩු පහරකින් ආගන්තුකයා ගේ හිස කදින් වෙන් කර දැමීය

.
.
.
.
.
.
.
.
.
.
.
.

රාජකීය උද්‍යානයට අසලින් තිබූ බිම් මහල් වදකාගාරයෙන් පිටත ට ආ ජන්ග් කුක් කිසිවක් සිදු නොවූ ආකාරයෙන් උද්‍යානය හරහා ගමන් කරේ අවටින් එන මදනලෙහි පහසද විදිමින්

නමුත් එක්වරම තම නෙත ගැටුන එක් දසුනක් වෙත තම අවධානය යොමු කළ ජන්ග් කුක් ට සිතුනේ මේ මොහොතේ තම දෙනෙත් ඉදිරිපිට සිටින කෙනා එක් මායාවක් විය හැකිද යන වගයි

දුඹුරු මිශ්‍ර කළු පැහැයකට හිමිකම් කියූ දෙනෙතින් ද,කිරි පැහැති පිරිපුන් සමකට උරුම කම් කියමින් ද, පිටුපස ගෙල තෙක් දිගු මදක් කැරලි ගැසුණු හිසකෙස් වලින් සැරසුණු මේ පුද්ගලයා ඒ මොහොතේ ම ජන්ග් කුක් ගේ සිත තුළ සිත්තම් වූයේ යළිත් මකා නොදැමිය හැකි අයුරින්

දෙඅත් පිටුපස ට කර බැදගනිමින්, උද්‍යානයේ ඇති නොයෙකුත් ආකාරයේ පුෂ්පයන් වෙත තම අවධානය යොමු කර සිටි ඔහුට ජන්ග් කුක් ඒ අසලින් ම සිටියද ඒ වගක් නොදැනුනි

ජන්ග් කුක් පියවරක් ඉදිරියට තැබීමට සූදානම් වනවාත් සමගම ඊට ප්‍රථමව තම දකුණු උරහිසින් දැනුනු ස්පර්ශයට ප්‍රතිචාර දැක්වීම ට එදෙසට හැරුණි.යුන්ගිට අතින් සන් කර නිහඩ වන ලෙස පැවසූ ජන්ග් කුක් නැවත ඉදිරිපසට හැරුණ නමුදු ඒ වනවිටත් එතැන සිටි ඒ පුද්ගලයා අතුරුදහන් වී හමාරය

"ඔහ් ෂිට්"

.
.
.
.
.
.
.
.
.
.

ජියොන් ජන්ග් කුක්මීළගට කොරියාවේ කිරුළ හිමි කුමාරයා වගේම තද ගති ගුණ වලින් පිරිච්ච කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ජියොන් ජන්ග් කුක්
මීළගට කොරියාවේ කිරුළ හිමි කුමාරයා වගේම තද ගති ගුණ වලින් පිරිච්ච කෙනෙක්.
සෙල්ලක්කාරයෙක්.
කොටින්ම කිව්වොත් evil personality එකක් තියෙන්නේ.
කිසිම සමාවක් නෑ...

මින් යුන්ගිජන්ග් කුක් ගේ ප්‍රධාන ආරක්ෂකයා වගේම හොදම යාළුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මින් යුන්ගි
ජන්ග් කුක් ගේ ප්‍රධාන ආරක්ෂකයා වගේම හොදම යාළුවා.
කේන්ති ගිය වෙලාවට ජන්ග් කුක් ට විතරයි දෙවනි.

වර්තමාන කොරියානු පාලකයා ජියොන් නම්ජූන් ඉතා සාමකාමී පාලකයෙක් වගේ ම ගොඩක් බුද්ධිමත් කෙනෙක්.ජියොන් ජන්ග් කුක් ඔහුගේ එකම සහෝදරයා වගේම මීලගට කිරුළ හිමි කුමාරයා.මේ යන්නේ වර්තමාන කොරියානු පාලන සමයයි.ඒ කියන්නෙ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් හා වෙනත් ක්ෂේත්‍රවලද ඉතා ඉහල දියුණුව ක් ඇති කාලවකවානුව.(2021 මෙන්) වර්තමානයේ ද කොරියානු පාලනය ගෙන යන්නේ රාජකීය පරම්පරාවයි

ජියොන් නම්ජූන් වර්තමාන පාලකයා හා ජියොන් ජින් ඔහුගේ සහකරු වේ.මේ වන විට same sexual marriage වලට permission හිමි වී තිබුණා වගේ ම ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබුණා

කතාවේ ඉදරි කොටසෙන් හමුවෙමු.අනිත් චරිත හැදින්වීම පසුවට.

Alan_Liya

.
.
.
.
.
.
.
.
.
.
.
.

~To be continued~

♕︎ 𝐑𝐎𝐘𝐀𝐋 𝐋𝐎𝐕𝐄 ♕︎ [ KookV ] ✓Where stories live. Discover now