" අන්න උබේ මැණික් කැටේ ආයේ ඇමරිකා ගිහිල්ලා" යුන්ගි කට කොනට හිනා වෙන ගමන් කිව්වා
" ඕක කියන්න ද උබ දැන්...මො... මොකක්.. ආයේ කියපං...."
"ජිමිනුයි ටේයි ආයේ ඇමරිකා ගිහිල්ලා "
" කවද්ද ගිහින් තියෙන්නේ " ජන්ග් කුක් අත් මිට මොලවන ගමන් කිව්වා
" අද "
" ඇයි ගිහින් තියෙන්නේ... "
" ඒක දන්නේ නෑ "
සෝෆා එකෙන් නැගිට්ට ජන්ග් කුක් මේසේ උඩ තිබුණ ලෑම්ප් එක අරන් පොලවේ ගැහුවා.අතට අහු වෙන හැමදෙයක්ම පොලවේ ගැහුවා. මේ දිහා කළකිරීමෙන් බලපු යුන්ගි එක කකුලක් දන හිසෙන් නමලා බිත්තියට තියලා හේත්තු වෙන ගමන් ජන්ග් කුක් දිහා බලන් ඉදියේ එයා කොයි වෙලේ හරි බඩු පොලවේ ගහන එක නවත්තයි කියලා
" ජන්ග් කුක් ඕක නවත්තපං... උබේ කේන්තියට ඔය බඩු පලි නෑනේ " බලන් ඉදලා බැරි ම තැන යුන්ගි ජන්ග් කුක් ට කතා කලා
ජන්ග් කුක් පිස්සෙක් වගේ හැසිරෙන එක නවත්තන්නේ නැති තැන යුන්ගි ජනිග් කුක් ගේ කොලරෙකෙන් අල්ලලා සෝෆා එකට තල්ලු කලා
" උබ දන්නවද උබ ලක්ෂ ගානක දේවල් විනාස කලා.. පිස්සෙක් වගේ හැසිරෙන එක නවත්තනවා දැන්වත්.. වෙනදා තමුසේ කොල්ලෝ කෙල්ලෝ පාවිච්චි කලාට මෙහෙම නැහුනේ නෑනේ උන් මත්තේ.. දැන් මොකද වෙලා තියෙන්නේ. ලගදී ආපු කොල්ලෙක් නිසා කිරුළ හිමි කුමාරයා පිස්සෙක් වගේ හැසිරෙනවා.. ආදරේ බලෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි මිනිහෝ.. ටේ ඇහැක් වත් ඇරලා බලයිද මෙහෙම පිස්සෙක් වගේ හැසිරෙන කොට.. ඒ කොල්ලට තමුන් ගැන දැනෙන්න දියන්.. ඉස්සෙල්ලම හරි මනුස්සයෙක් වගේ හැසිරෙන්න පුරුදු වෙයන්.. " යුන්ගි හිතට ආපු ආවේගෙත් එක්ක ජන්ග් කුක් ට කෑ ගැහුවා
යුන්ගි කියපු හැම වචනයක් ගානේම හොදින් අහන් ඉදපු ජන්ග් කුක් ගේ ඇස් වලින් නොදැනිම කදුළු එක පිට එක කඩා වැටෙන්න ගත්තා.මිනිහෙක් එයාගේ අතින් මැරුම් කන කොටවත් එක ඇහි පිල්ලමක් ගහන්නේ නැති ජියොන් ජන්ග් කුක් අද පොඩි කොල්ලෙක් වගේ අඩන්න ගත්තේ යුන්ගිගේ හිතත් එයාටම දොස් කියා ගනිද්දී
YOU ARE READING
♕︎ 𝐑𝐎𝐘𝐀𝐋 𝐋𝐎𝐕𝐄 ♕︎ [ KookV ] ✓
Fanfictionදරදඩු හදවතකට මුණ ගැසුණු නොඉදුල් හදවතක්....... #1 - Sri Lanka 🥇 Top - Jung kook Bottom - Tae hyung Mature contents+ ‼️ Don't copy my works ‼️