" කියපං පර බ*ලා.උබත් කලින් එකාගෙම ඇමක් නේ.. උබලා කොහොමද මගේ VIP room එකට ඇතුල් වුනේ.කොහොමද මගේ ෆොටෝස් ගත්තේ.එච්චර හයියක් "
ජන්ග් කුක් දත් මිටි කන ගමන් එයාගේ ඉස්සරහ ලේ පෙරාගෙන බිම වැටිලා ඉන්න මනුස්සයට කකුලෙන් එක දිගටම ගහන්න ගත්තේ ඒ මනුස්සයා වේදනාවටම බඩත් අල්ලන් තව තවත් ගුලි වෙද්දී.ජන්ග් කුක් අහන එක ප්‍රශ්නෙ කකටවත් උත්තර නොදුන්න නිසා ජන්ග් කුක් ගේ කේන්තිය දැං තියෙන්නේ උපරිම සීමාවේ
" අන්තිම වතාවට මං මේ උබෙන් අහන්නේ. කියහං උබේ මහ මොළකාරයා කවුද කියලා "
" හහ්.. උබ ජියොන් ජ.. ජන්ග් කුක්.උබ අපිට වටිනම කෙනෙක් මරලා දැම්මා.. ඒකත් මහ ලොකු වැරැද්දකටද?? උබට මේ... මේවට වි..කැහ් කැහ් විදවන්න වෙයි "
ඒ මනුස්සයාගේ කටින් ඒ වචන ටික පිට වෙනවත් එක්කම ජන්ග් කුක් එයාගේ ගන් එක අරගෙන එක දිගටම ෂූට් කලේ මුළු කාමරේ පුරා ම ලේවලින් නෑවිලා යද්දී
" යුන්ගි මේක අයින් කරලා දාන්න.. ජරා සත්තු.මං ඉක්මනට හොයා ගන්නම් මාත් එක්ක මෙච්චර සෙල්ලං කරන එකා කවුද කියලා "
කාමරෙන් එළියට ආපු ජන්ග් කුක් පිටත ඉදපු යුන්ගිට කතා කරලා එයාගේ කාමරේ පැත්තට යන්න ගත්තා
Jimin's bedroom
" මේ ඕයී "
උද්‍යානේ ඇවිදලා එහෙම්ම ජිමින්ගේ කාමරේ ට ආපු ටේ ෆෝන් එකේ ඇලිලා ගැලිලා ඉන්න ජිමින්ට කතා කලා
" මොකෝ ඕයී "
" මට අනිද්දා යුනිවර්සිටි පටන් ගන්නවනේ එතකොට මං ගොඩක් බිසී වෙයි "
" ඉතින් දැන් උබ මට කියන්නේ උබ වෙනුවට මට යුනිවර්සිටි යන්න කියලද? අනේ බම් මගෙන් නරක වචන අහගන්න එපා "
ජිමින් ෆෝන් එකේ ඇලිලා ඉන්න ගමන් ම උත්තර දුන්නා
" අහපං හරකෝ ඉස්සෙල්ලා කියන දේ.. මේ අපි දැන් ක්ලබ් එක පැත්තට ටිකක් ගිහින් එමුද "
ටේ එයාගේ එක අතකින් එයාගේ බෙල්ලේ පිටිපස්ස කසන ගමන් ඇහුවා.ඒ වචන ටික ඇහෙනවත් එක්කම ජිමින් ඇස් දෙකත් පොල් සයිස් කරගෙන ටේ දිහා බැලුවේ මූට මොකක් වෙලාද යන සයිස් එකෙන්
YOU ARE READING
♕︎ 𝐑𝐎𝐘𝐀𝐋 𝐋𝐎𝐕𝐄 ♕︎ [ KookV ] ✓
Fanfictionදරදඩු හදවතකට මුණ ගැසුණු නොඉදුල් හදවතක්....... #1 - Sri Lanka 🥇 Top - Jung kook Bottom - Tae hyung Mature contents+ ‼️ Don't copy my works ‼️