_13_

2.8K 489 74
                                    

" ඒන්ජල් ඔයා "

එතනට ආපු ජන්ග් කුක්ට ටේ හ්‍යොයන්ග් මේසයක් උඩට නැගලා අඩන හැටිත් එයාගේ හුරතලා බෑම් ටේට හයියෙන් බුරන හැටිත් දැකලා හිනා යන්න ආවත් ආපස්සට කට පියන් හිටියේ ටේ හ්‍යොයන්ග් හොදටම බය වෙලා අඩන නිසා

" හුවෑ... කූ බබා මාව බේරගන්න මේ දුස්ට බලු කුක්කගෙන් "

ජන්ග් කුක් දැක්ක ගමන් ටේ හ්‍යොයන්ග් තවත් හයියෙන් අඩන්න ගත්තේ ජන්ග් කුක් ටේ ගේ ඇඩිල්ලේ සද්දෙට ගැස්සිලා යද්දී.ඊටත් වැඩිය එය පුදුම වුනේ ටේ එයාට කතා කරපු විදිය ඇහිලා

" මො... මට ඇහුන හැටි හරිද නැත්තං මගේ මොලේ තිබුනටත් වැඩිය අවුල් වෙලාද "

ජන්ග් කුක් කොම්පියුස්.ඒත් එක්කම එයාගේ අයිතිකාරයව දැක්ක බෑම් ජන්ග් කුක් ලගට ගිහින් ජන්ග් කුක් ගේ කකුල් දෙකේ ඇතිල්ලෙන ගමන් පුරු පුරු ගාන්න ගත්තේ මෙච්චර වෙලා සද්දෙට ටේට බිරුවේ එයා නෙමෙයි වගේ

" කූ බබා..දැන්වත් ඔය කුක්කව කොහෙන් හරි ගැට ගහලා මාව මේ ආපදාවෙන් බේර ගන්න කෝ "

කටත් ඇරගෙන බෑම් දිහයි ටේ දිහයි මාරුවෙන් මාරුවට බලන ජන්ග් කුක් ට ටේ හ්‍යොයන්ග් කතා කලා

ටේගේ කදුළු පිරුණු බෝල ඇස් දෙකටයි,අඩලා අඩලම රතු වෙච්ච චබී කම්මුල් වලටයි ටේගේ ආදරණීය වචන වලටයි රැවටුන අසරණ කිරුළ හිමි කුමාරයා බෑම්ගේ කර පටියෙන් අල්ලලා ලග කණුවක ගැට ගැහුවේ බෑම්ට ඇහැක් ගහලා කරපු උදව්වට ස්තූති කරන ගමන්

" කූ.. ඉක්මනට එන්නකෝ අප්පා.ඇවිල්ලා මාව වඩාගෙන මගේ කාමරේට එක්ක යන්නකෝ.අර කැහැටු කුක්කා මගේ සපත්තු දෙක විනාස කරලා දැම්මා "

කට කොනට හිනා වෙන ගමන් ටේ ලගට ආපු ජන්ග් කුක් ටේගේ තොල් වලට පොඩි කිස් එකක් දීලා ටේගේ ඉන වටේ අත් දෙක ඔතාගත්තේ ටේ ජන්ග් කුක් ගේ ඉන වටා කකුල් දෙක ඔතා ගද්දී

" ඔයා පේන්නේ හරියට පොඩි බබෙක් වගේ බබා "

ජන්ග් කුක් ටේව උස්සන් ටේගේ කාමරේ පැත්තට යන ගමන් කිව්වා

" යැයි යැයි තමා 😑 ඔය කුක්කා අහු වෙයිනේ මට ෆේස් ටු ෆේස්..ඕකගේ හොම්බ කපලා මං බාබර් කියු දානවා "

♕︎ 𝐑𝐎𝐘𝐀𝐋 𝐋𝐎𝐕𝐄 ♕︎ [ KookV ] ✓Where stories live. Discover now