" ඒන්ජල් "
කකුල් දෙක පන නැති වෙලා යනවා වගේ දැනෙද්දී එහෙම්ම ජන්ග් කුක් ගේ අත් වලින් ගන් එක බිමට වැටුනේ නිහඩ බව පැතිරිලා තිබුන මුළු ශාලාව පුරා ම ඒ හඩ විහිදිලා යද්දී
ගන් එක බිමට වැටිලා නැගුන හඩත් එක්ක තමන්ගේ අත්වලින් කට ආවරණය කරන් ඉදිය ටේ හ්‍යොයන්ග් ගේ මුවින් ලොකු ඉකියක් පිට වුණා.ඒ බයටද නැත්තං හදවතින් දැනෙන වේදනාවට ද කියලා ටේ හ්‍යොයන්ග් ට පවා හිතාගන්න බැරි වුණා
එයා බලාපොරොත්තු වුණ ජන්ග් කුක් කවදාවත් මෙහෙම කෙනෙක් කියලා ටේ හ්‍යොයන්ග් ගේ තුන් හිතකවත් තිබුනේ නෑ.ඒකත් ජන්ග් කුක් ෂූට් කලේ ගෑනු කෙනෙක් ට කියලා දැක්කම ටේ හ්‍යොයන්ග් ට දැනුනේ පපුව පැලෙන්න එනවා වගේ වේදනාවක්
" ඒන්ජල්.. මාව දාලා යන්න එපා රත්තරන් "
මෙච්චර දෙයක් මෙතන සිද්ධ වෙලත් ජන්ග් කුක් ගේ කටින් පිට වුනේ ටේ හ්‍යොයන්ග් ට එයාව දාලා යන්න එපා කියන වචන ටික.ජන්ග් කුක් ගොඩක් බය වුනා.ජිවිතේ කවදාවත් නැති තරම් අද එයා ගොඩක් බය වුනා.ඒ වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි ටේ හ්‍යොයන්ග් එයාව දාලා යයි කියන බයට
වෙනදට ටේ හ්‍යොයන්ග් ව නොදැක එයා ඉදපු විදිහ දන්නේ ඒ වේදනාව දන්නේ ජන්ග් කුක් ම විතරයි.ඊටත් වඩා ටේ හ්‍යොයන්ග් එයාගෙම වෙච්ච වෙලාවේ ඉදලා ඒ දරදඩු පපුවේ ටේ හ්‍යොයන්ග් වෙනුවෙන් ඇති වුනේ කියලා නිම කරන්න බැරි තරං ආදරයක්
ඒකයි එයා බය ටේ හ්‍යොයන්ග් එයාව දාලා ගියොත් කියලා.මොකද ටේ හ්‍යොයන්ග් නැති ජීවිතයක් එයාට වැඩක් නැහැ.කටින් නොකිව්වත් ඒ ගැහෙන හදවතේ කියලා ඉවරයක් කරන්න බැරි සෙනෙහසක් ටේ හ්‍යොයන්ග් වෙනුවෙන් හැංගිලා තිබුනා
" තමුන් මිනී මරුවෙක් "
පුටුව මත ඉදිය ගෑනු කෙනාගේ පැත්තට හිමින් ඇගිල්ල දික් කරලා පෙන්නන ගමන් ටේ හ්‍යොයන්ග් මුළු ශාලාවම දෙදරන්න කෑගැහුවා
මෙච්චර වෙලා මේ හැමදෙයක් පැත්තකට වෙලා බලන් ඉදිය යුන්ගි දැනුයි හරි සිහියට ආවේ.හැමදෙයක්ම එක මොහොතක් ඇතුලත සිද්ධ වෙද්දී යුන්ගි පවා ශොක් වෙලා ඉදියේ.ටේ හ්‍යොයන්ග් ගේ කෑගැහිල්ලත් එක්ක හරිසිහියට ආපු යුන්ගි දැක්කේ ටේ හ්‍යොයන්ග් ලගට දුවන් යන ජන්ග් කුක් ව
YOU ARE READING
♕︎ 𝐑𝐎𝐘𝐀𝐋 𝐋𝐎𝐕𝐄 ♕︎ [ KookV ] ✓
Fanfictionදරදඩු හදවතකට මුණ ගැසුණු නොඉදුල් හදවතක්....... #1 - Sri Lanka 🥇 Top - Jung kook Bottom - Tae hyung Mature contents+ ‼️ Don't copy my works ‼️