𝘌𝘗 01

614 86 12
                                    

'මොකක්ද කියන්නේ එතකොට? තමුසේ කියන්නේ දැන් මාව එපා කියලද? අවුරුදු 8ක් තිස්සෙම මාත් එක්ක ඉදලා එපා වෙලා කියලද අහ්?
කතා කරනවා නම්ජුනා!! තමුසේ ගන්න පුළුවන් හැමදේම අරගෙන කොහෙවත් යන එකියක් එක්ක යාලු උනා කියලා කියන්න එපා...'

අපු කදුලක්වත් වැටෙන්න නොදි මම එකදිගට කියවගෙන ගියේ කේන්තියට. මගේ දුක කේන්තියෙන් යටන්වෙන්න ඇති! ඒ නිසා තමයි මම මෙතනින් යන්නෙ නැතුව තාම නම්ජූන්ගේ මූනදිහා බලාගෙන ඉන්නේ.. නම්ජූන්ගේ මූන දැක්කම මට වෙන්දා වගේ එයාගේ හැගීම් තේරුම් ගන්න බැරිවුනා. ඒත් මම දිගටම එයාගේ දිහා බලාගෙන හිටියේ උත්තරයක් ලැබෙනකල්.

වැඩිවෙලා නොගිහින් නම්ජූන්ගේ ඇස් වලින් කදුලු වැටෙනවා කියලා මම දැක්කා. එකටවත් මගේ හිත රිදුනේ නැත්තේ ඇයි? මේ පොඩි දේට මගේ හිත ගලක් වෙලාද? දෙපාරක් විතර පපුවට ගහගෙන බලන්න ඔනේ උනත් මේ එකට වෙලාව නෙවෙයි! නම්ජුන් බිම බලාගෙන අඩනවා.

'මන් තමුසෙ ගෙන් ඇහුවේ එක ඇත්තද කියලා විතරයි! අඩන්න කියලා කිව්වේ නෑනේ. මට කට ඇරලා කියනවා යනවද නැද්ද ඒකි එක්ක?'

'හ්‍යු...න්.. සොරි හ්‍යුන්.'

'තියාගන්නවා තමුසෙගෙ හ්‍යුන් එක. ආයේ ඔය මූන මගේ ඉස්සරහට එන්න තියන්න එපා. දැනගන්නවා නම්ජූනා! ආයේ මම තමුසෙ එක්ක කතා කරන්නවත් එන්නෙ නෑ.
කොන්සට් එකකදි වත් මට තමුසෙ එක්ක ඉන්න ඔනේ නෑ. ඒත් අකමැත්තෙන් හරි ඉන්න වෙනවා නේ!!'

මහලොකු ආදර්ශමත් ලීඩර්. අනේ මගේ කට මොකටද...

හෙමිට කියාගෙනම මම එතනින් එළියට ආවා. අද ඉදන් අපිට වැකෙශන්! කැමති විදිහට අපිට මේ දවස් ටිකේ ඉන්න පුලුවන්. අපි කැමති කෙනෙක් එක්ක. ඒත්, මම ඉන්න කැමති වුන කෙනා මාව දාළා යන්න ගිහින්. මොන විකාරයක්ද මේ? මාව පිස්සෙක් වගේද පේන්නේ!

අවුරුදු 8 ක් තිස්සෙම ආදරේ කරපු කෙනා මාව දාළා යයි කියලා මට නිකමටවත් හිතුනේ නෑ. ඇයි එයාමට එහෙම කරන්නේ? මන් ආදරේ කරේ අතාරින්න නෙවෙයි. අනේ ජූනී ඇයි මට මෙහෙම කරන්නේ?

මන් කාමරේට ඇවිත් දොර වහගෙන බිමින් වාඩිවෙලා ඔලුවට අතගහගෙන බිමින් වාඩිවුනේ ඉස්සරහට කොහොමද මම ජීවත් වෙන්නෙ කියලා හිතාගෙන. ඔම්මා අපි ඩිස්බැන්ඩ් උන ගමන් මැරි කරනකල් බලාගෙන ඉන්නවා. මන් ෆැමිලි එකෙ අයට කොහොමද කියන්නේ බ්‍රෙකප් උනා කියලා. මැරිකරන්න කෙනෙක් හොයාගන්න එක ප්‍රශ්නයක් නෑ, ඒත්... මට තේරෙන්නෙ නෑ...

හිතාගන්න බැරිම තැනම මම ෆොන් එක අතට අරගෙන උඩට පහළට ගියේ කෝල් එකක් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවද බලන්න. වැකෙශන් නිසා ගෙදර ගිහින් නිදහසේ ඉන්න පුළුවන් වෙයි. මන් යන්නෙ නැතුව මෙහෙ තනියන ජූන් එක්ක ඉන්න නේද ප්ලැන් කරේ. ඔම්මලා අප්පලා හ්‍යුන්ගේ වයිෆ් එක්ක ජෙජු යනවා කිව්වා නේද?

දැන් මම මොකක්ද කරන්නේ? මට බෑ ජුනා එක්ක මේ ගෙදර ජීවත් වෙන්න. ඒ මනුස්සයා මට බොරු කරා. එයාට බෝයි කෙනෙක් එක්ක රිලෙශන්ශිප් එකක් තියෙනවා කියන්න ලැජ්ජ ඇති. එයාගේ පර්සනැලිටි එකට හරි නැතුව ඇති!!

ඇත්තටම ඇයි මට මේක එච්චර දැනෙන්නේ නැත්තේ? අඩුම තරමේ දුකක්වත් නැත්තේ ඇයි?

...............................

𝘩𝘦𝘭𝘭𝘰!!
අලුත් එකක් ලු 🙂
𝘫𝘪𝘯 𝘹 ???

මන් දන්නෙ නැතෝ
නම අවුල් බව දනිමි. ඒත් සමහරවිට නමෙන් අනිත් එක්කෙනාව හොයාගන්න පුලාන් වෙයි...

𝘣𝘺_𝘘𝘜𝘌𝘌𝘕 𝘑𝘐𝘕𝘐𝘞𝘈♥️
𝘭𝘰𝘷𝘦 𝘶 🤭
ඔව් ඔව් ඔයාට තමා කිව්වෙ 😂🙆

𝘤𝘈𝘯𝘥𝘺 𝘤𝘳𝘶𝘚𝘩 | 𝘬𝘴𝘫 | completed Where stories live. Discover now