𝘌𝘗 05

250 69 9
                                    

'හොසොක්!! ක්‍රිස්මස් වලට තව දවස් කීයක් තියෙනවද?'

'අද 15 වෙන්දා නේ, එතකොට තව දවස් 10ක් තියෙනවා. '

එයා එහෙම කියලා එතනින් ගියේ මාව ගානකටවත් ගන්නෙ නැතුව. හුහ්! මාර ලොකු කමක්නේ මෙක. යසයි. බලාගමුකෝ. හෝසොකා.. ඇයි ඔයාට මේ ටිකේම මෙහෙ ඉන්න ඔනේ උනේ? අහ්හ්හ්හ්. 𝘐 𝘩𝘢𝘷𝘦 𝘢 𝘤𝘳𝘶𝘴𝘩 𝘰𝘯 𝘶... 𝘤𝘢𝘯𝘥𝘺 𝘤𝘳𝘶𝘴𝘩 ඔව් ඔව් මගේ කැන්ඩි ක්‍රශ් එක ඔයා. හේ හේ. මගේ අයිඩියා එක මම ඔයාට කියලම තමා මම පස්ස බලන්නේ.

හොසොක් අඩුම තරමේ මාත් එක්ක කතා කරනවකෝ.මන් අහන එවට විතරක් උත්තර නොදි. අනේ මගේ හිත රිද්දන්න එපා මනුස්සයෝ. අඩුම තරමේ ඔය මාස්ක් එක ගලවලා මගේ ඉස්සරහට එනවා. මට නම් ඇත්තටම පුදුමයි! මෙච්චර අවුරුදු ගානක් එකට ජීවත් වෙලා මට හොසොක්ව මගැරුන එකට. මේ දවස් ටිකේ කොහොම හරි එයාව අල්ලගෙන කතා කරන්න.

[ 𝘈/𝘕 ; ජිනි වටේ යනෝ කිව්වොත් කන පලනෝ හරිත 😌, එයා තාම හොයන්නේ එයාට ආදරේ හොදටම දෙන්න පුළුවන් කෙනෙක්ව. සමහරවිට එයා එහෙම හොයාගෙන ගිහින් දෙවනි පාරත් හිත රිද්දගනීයි. ඔව් එහෙම වෙයි කියලා මම දන්නවා. මොකද ජිනි බලන්නේ එයා පෙන්නන පැත්ත විතරයි!

ඉස්සරහට මොනා කරන්න ඔනේද කියලා ජිනිගේ හිතේ තිබ්බට, කරයිද කියලා බලන්න ඔනේ... ]

කරන්න කියලා වැඩකුත් නැති එකෙ මම කාමර ටික අස් කරන්න ගත්තා. ඇත්තටම කිව්වොත් මම මගේ එක විතරයි අස් කරන්නේ. අනිත් උන්ගේ එවා අස්කරන්නේ මොක්ටද මම. මගේ කාමරේ එච්චර අවුල් වෙලා නැනේ. අනේ අස් කරන්න කම්මැලි දෙයියනේ!!

ඔන්නැහ් එක්කෝ, මන් යනවා කන්න මොනාහරි හොයාගෙන. සීනි බෝතලේ තරම් කිසිම දෙයක් මට වටින්නේ නෑ. හොසොක් කාමරේ ඉන්න නිසා මම පොළවේ පය ගහලා ගිහින් සිනී බොතලේ අරගෙන බෝතලේ ඇරලා සීනී හැන්දක් අරගෙන කටට දාගන්න ගියා.

'දෙයියනේ කූඹි! නිකන් කන්න තිබ්බ සිනී එකත් විනාස කරලා නෙද? මොන වදයක් ද මේ. ඔම්මා මට සීනී ඕනේ!!'

මන් බෝතලේ හයියෙන් පැත්තකින් තියලා පොළවේ අඩිය හප්පලා කෑගැහුවේ මේ වෙලාවේ කේන්තිය යවාගනා වෙන විදිහක් නැතිම නිසා. ඒත්, මාත් එක්ක මගේ කස් එක ඉන්නවා නේද කියලා මට අමතකවුනා හත්තික්කේ. නම්බුව ලෙප්ට් නේ ඉතින්.

මගෙ පස්සේ කවුරුහරි ඉන්නවා කියලා දැනුන නිසා මම ඇස් පියාගෙනම ඒ පැත්ත හැරුනේ ලැජ්ජාව පැත්තකින් තියලා. ඔව් මම හරි, මගේ සද්දෙට එයා කාමරෙන් එළියට ඇවිත්! මම තිස්දෙක දාලා එතනින් ශේප් වෙන්න ගියත් එයා මගේ අත අරගෙන ලොකු චොකලට් එකක් අතේ තිබ්බා.

[ කාටද ජිනීවා තමුන් මේ බොරු කරන්නේ 😑]

'ඔහ්!!!! මේ මටද?'

'ඔව්, සිනී එකෙ කුඹි ඉන්නවා කියලා කියන්න අමතක උනා. ඒ නිසා ඔක කන්න. හවසට ගිහින් මම ඔයාට වෙන මොනාහරි ගෙනල්ලා දෙන්නම් ම්ම්..'

ඔයා මම සීනී කනවා කියලා දන්නවද?
මම හිතුවා විතරයි කිව්වේ නෑ. මන් ආස මෙවට නෙවෙයි! ඒත් කමක් නෑ කස් එකනේ දුන්නේ. මන් කනවා. මේ වෙලාවේ කන්න දේකුත් නැති එකෙ මේක හොදයි. කිචන් එරියා එකෙන් එළියට ඇවිත් මම ටේබල් එකෙන් වාඩිවෙලා කන්න ගත්තා.

ටික වෙලාවකින් කවුරුහරි හචින් යවන සද්දයක් ඇහුන නිසා මම ඒ පැත්තට ගියා. මගේ අතේ චොකලට් තිබ්බත් මම ඒක ගානකට ගන්නෙ නැතුව බාගෙට ඇරලා තිබ්බ දොර අරින්න ගියා. නැහ් නෑ එයාට කරදර කරන්න බෑ.. එයා මාත් එක්ක තරහා වුනොත්.

ඔනේ නෑ. පොඩ්ඩක් හෙම්බිරිස්සාවක් වෙන්න ඇති! අහ්... දැන් කතා කරන්නත් ඔනේ. ඒත් එයාට මාව වදයක් වෙයි. ඔව් ඊටවඩා හොදයි නිකන් ඉන්නවා. හොසොක් ගැන හොදටම දන්නේ ජන්කුක්! ඔව් ජන්කුක්ගෙන් අහන්න ඔනේ.

අඩුම තරමේ එයාට 𝘨𝘧 කෙනෙක් හරි 𝘣𝘧 කෙනෙක් ඉනන්වද කියලාවත් හොයාගන්න. මම හොසොක්ට කැමති වෙලාද? ඒත්, මෙච්චර ඉක්මනින්!! ආහ්හ්... ඒ මගේ 𝘤𝘳𝘶𝘴𝘩 එක නේ... 𝘤𝘢𝘯𝘥𝘺 𝘤𝘳𝘶𝘴𝘩 එක. ඒක මම විතරක් එයාට කිව්වම ඇති 😌!

...............................

විකාරයක් වගේත 🙂
බඩ්ඩක් කියන්නත 🙂👉👈
මම මෙකට එන්ඩ් එකක් හිතලා නෑනේ ඩලාලා. දැන් මම එම් කේ 🤧
අතින් දාලා මේක මම හැපි එන්ඩින් කරනෝ 😌.
මෙක හෙනම බොලදයි මම දන්නවා. මොකද මේක මගෙ අනිත් ස්ටෝරි විදිහට නෙවෙයි ලියන්නේ. just my thoughts about my candy crush!!😂♥️

𝘣𝘺_𝘘𝘜𝘌𝘌𝘕 𝘑𝘐𝘕𝘐𝘞𝘈 ♥️
𝘭𝘰𝘷𝘦 𝘺𝘢𝘭𝘭♥️

𝘤𝘈𝘯𝘥𝘺 𝘤𝘳𝘶𝘚𝘩 | 𝘬𝘴𝘫 | completed Where stories live. Discover now