'ජින්!'
'වොහ් හොසොක්.'
'මම එළියට ගිහින් එන්නම්. ටිකක් රෑ වෙයි සමහරවිට එන්නෙම නැතිවෙයි. ආවේ නැතිවුනොත් මාව හොයන්න එපා. පරිස්සමින් ඉන්න. නිදාගන්න කලින් කෝපි එකක් බොන්න එතකොට සීතල අඩුවෙයි!'
'අහ්? ම්ම්ම්
කෝපි. කෝපි බිව්වම හොදට රොමැන්ටික් මූඩ් එකක් එනවා නේද හොසොක්?'එයා මාස්ක් එකක් දාගෙන ගෝනි බිල්ලෙක් වගේ හිටියේ. එළියට යන නිසා වෙන්න ඇති සම්පුර්ණ ඇදුමක් ඇදගෙන හිටියේ. හොසොක් ගැන මට තිබ්බේ මොනවගේ හැගීමක්ද කිව්වොත් මට දැන් ඔනේ එයාට හග් එකක් දීලා 'පරිස්සමින් ගිහින් එන්න' කියන්න...
එයාට විතරක් නෙවෙයි මට දැන් කාටහරි එහෙම කියන්න ඔනේ උනා. මාව දැන් පිස්සෙක් ගානටම වැටිලා කියලා මම හිතන දේවල් වලින් මට තේරෙනවා. හොසොක් එළියට බැහැලා උඅන දිහා බලාගෙන ඉදලා හදාගත්ත කෑම එක කාලා ප්ලෙට්ස් හොදලා මම උඩට ගියේ නිදිමත නැතිවුනත් පොඩ්ඩක් කාමරේ ඉන්නකොට මගේ හිත හැදෙයි කියලා.
මම රූම් එකෙ ජනේලේ ලග වාඩිවෙලා එළිය බැලුවා. ලයිට්ස් දාලා ලස්සනයි! මටත් ඔනේ එළියේ ඇවිදින්න යන්න. ඒත් නිදහසේ ඇවිදින්න යන්න බෑ කියලා මම දන්නවා. දැන් මට හිතෙනවා ඇයි මම මීට කලින් මම හෝසොක්ව අදුර නොගත්තේ කියලා. මට අනිත් අය එක්ක ඉන්නවට වඩා පාලුවක් දැනෙනවා.
ඔම්මා. ඇයි මට මෙහෙම වෙන්නේ? අප්පා මාවයි ඔයාවයි දාලා ගියාම ඔයා අලුත් අප්පා කෙනෙක් ගෙනාවා. එයා එක්ක ඉන්නකොට ඔයාට මාව අමතක උනා.
හ්‍යුන්ට වයිෆ් කෙනෙක් ගෙනාවම එයාටත් මාව අමතක උනා. මම දන්නවා. ඔයාලා ජේජු ගියාට ඉන්නේ වෙන වෙනම කියලා. අඩුම තරමේ මම ඔයාලා එක්ක ඇවිත් රණ්ඩු කරනවට වඩා ඔක්කොම දරාගෙන මම මෙහෙම ඉන්න එක හොදයි කියලා මට දැනෙනවා. මම දන්නෙ නෑ. නම්ජූන්ටත් මාව එපා වෙලා ගිහින්.
ටික කාලයක් යනකොට හැමොටම මාව අමතක වෙන්න තරම් මගේ වැරැද්ද මොකක්ද කියන්න මම දන්නෙ නෑ.හීනේ වුනේ අයිඩල් කෙනෙක් වෙන්න. එකත් වුනා. එකෙන් මට තිබ්බ නිදහස තවත් නැතිවුනා. ඇත්තට ඔම්මා.... මාව තේරුම් අරගෙන ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් නැද්ද? හිතේ හැටියට ආදරේ කරන්න පුළුවන් කෙනෙක්.
මම දන්නවා නම්ජූන් මාව දාළා යන්න ඇත්තේ මගේ සමහර දේවල් නිසා. ඇත්තටම මම ඉරිසියා කරා නම්ජූන් වෙන අය එක්ක ඉන්නකොට. නම්ජූන්ට මම දාපු නිතියක් නිසා එයා මාව දාලා ගියා කියන්න මම දන්නවා. ඇයි ඔම්මා දැන් මම පසුතැවෙන්නෙ? මට පුළුවන් මගේ ජිවිතේ හදාගන්න.ඔම්මා.... මාත් ආච්චාම්මා ඉන්න තැනට යන්නද ඔම්මා... එතකොට මට පුළුවන් තරුවක් වෙලා හැමෝම දිහා බලාගෙන ඉන්න...
ජනෙලෙන් අහස දිහා බලාගෙන මම හුස්මක් අරගෙන මගේ ඇස් වලින් වැටෙන්න ගිය කදුලක් පිහිදගත්තා. හීන තියෙන්නෙ සැබෑවෙන්න උනත්, බලාපොරොත්තු තියෙන්නෙ කඩවෙන්න කියලා මම දන්නවා. ආයෙමත් සැරයක් මගේ හිත ආදරේ කරන්න අරගතාම මම මොකක්ද කරන්න ඔනේ?
මම මගේ හිතට එකග වෙන්නද? නැත්තම් මම මටම දඩුවම් දීගන්නද?
කවදාවත් කතානොකරපු කෙනෙක් වෙනුවෙන් මගේ හිත අදරේ කරන්න ගත්තාම මම ඒක එයාට කියන්නම ඔනේද?
මට කියන්න පුළුවන් ඔම්මා. ඒත්, ඒ කෙනා මගෙන් ඈත්වෙලා යනවා කියලා මම දන්නවා. සමහරවිට මගේ ලග ඉදලා නම්ජුන් වගේ දාලා යන්නත් පුළුවන්!!හොසොක්..
ඇයි ඔයා මාත් එක්ක ඉන්නේ නැතුව ගියේ? තව ටිකක් මාත් එක්ක කතා කරන්නවත් තිබ්බා ඔයාට මාත් එක්ක. හිත හැදෙන්නවත්!!!...............................
𝘣𝘺_𝘘𝘜𝘌𝘌𝘕 𝘑𝘐𝘕𝘐𝘞𝘈
𝘓𝘰𝘷𝘦 𝘺𝘰𝘶♥️ඇත්තටම හොදම දේ සද්ද නැතුව ඉන්න එක නේද?
මන් දන්නවා එක...
මොකද කියම්නේ අන්තිමට කස් එකේ නම කියන්නතේ 😌. [ එව්වා හදේ තමා 😂]මොනාහරි කියනවලකෝඔ... මට කම්මැලි 🤧🤧🤧🤧
YOU ARE READING
𝘤𝘈𝘯𝘥𝘺 𝘤𝘳𝘶𝘚𝘩 | 𝘬𝘴𝘫 | completed
FanfictionYes, you're the reason I'm smiling like this ... If you want to fool me to, go now. please. I can't this anymore.... ~ksj ෴෴෴෴ 𝘣𝘵𝘴 𝘫𝘪𝘯 𝘧𝘢𝘯𝘧𝘪𝘤 𝘴𝘩𝘪𝘱𝘴 𝘪𝘯𝘤𝘭𝘶𝘥𝘦𝘥!! 𝘰𝘯𝘭𝘺 𝘢 𝘧𝘢𝘯𝘧𝘪𝘤...