No one pov~
හොසොක් ලොකු හුස්මක් පාතට දාලා ඇස් පියාගත්තා. යුන්ගි නම්ජූන් අර විදිහට හැසිරිලා මෙයා මෙහෙම පාඩුවේ ඉන්න එක ගැන තිබ්බේ ලොකු කලකිරීමක්. නම්ජූන් ජින්ට කරපු දේවල් එක්ක පසුතැවීමක් විදිහට මේව කරන එකත් හොදයි.
'එයා මොනවා කරත් මම ආයේ නම්ජූන්ට ජීනී ලගට යන්න දෙන්නෙ නෑ!!'
'මොකක්? තමුන් එයාට කැමතිද? අහ් මිනිහෝ!!!'
'මන් දන්නේ නෑ.'
හොසොක් නැගිටලා එයාගේ කාමරේට ගිහින් හයියෙන් දොරවහගත්තේ යුන්ගි කටත් පුම්බගෙන මේ මෝඩයොන්ගේ හැසිරීම බලාගෙන. යුන්ගි මේක ගැන දැනගෙන හිටියා. හොසොක්ගේ හිතේ පොඩි හරි එකක් තියෙනව කියලා.
යුන්ගිට ඔනේ එක දෙයයි! ආයේ ජින්ගේ හිත රිද්දවන්නෙ නැතුව එයාව බලාගන්න පුළුවන් කෙනෙක් ලග ජින්ව තියන්න. නම්ජූන් කරපු දෙයින් ජින් විදෙව්වා කියලා ජින් රෑට රෑට අඩ අඩ කියපු දේවල් වලින් දන්නවා. එක අතකින් ජින් පව්. එයා පොඩි දෙයිනුත් බලාපොරොත්තු ගන්නවා.
ජින් මේ හැමදේම කරන්නේ එයාගේ සීනීබෝල ක්‍රශ් එක එයාගෙන් ඈත් වෙලා යයි කියලා බයේ නේ!!
යුන්ගි හොසොක් ගිය හැටියේ, සොෆා එකෙ වැටිලා හොද නින්දක් දාන්න හැදුවා විතරයි! එකපාරට නම්ජූන්ගේ කාමරේ පැත්තෙන් ආපු ලොකු සද්දයක් නිස යුන්ගි නොවැටි බේරුනා.
'හිතලා හිත ගත්තා විතරයි!! මුන් ඇත්තටම මරාගන්නවද?'
යුන්ගි ඈනුමක් ඇරලා උඩට බඩගෑවේ හෙමින්, මොකද ඒ වෙනකොට අනිත් තුන්දෙනා එතන රණ්ඩුව බේරන්න ගිහින් තිබ්බා. යුන්ගි ජින්ගේ හැමදේම දන්නවා. ජින්ට පුළුවන් මේ ගෙදර පාලනය කරන්න, ඒ වගේම අවුලවලා බලාගෙන ඉන්නත්.
'තමුසේ නිසා තමයි මේ ඔක්කොම නම්ජුනා.
මගේ ජීනී අච්චර දුක් වින්දේ තමුසේ නිසා...
එයා ඇඩුවා...
උබ දන්නවද?අහ්.. එක එක කෙල්ලො පස්සෙන් ගියේ?
උබට් අවුරුදු ගානකට කලින් මම ජින්ව බාරදුන්නේ මේ මගුලක් බලන්න නෙවෙයි. ජින් හිතුවේ මේක හීනයක් කියලා. පව් නැද්ද මිනිහෝ එ අහිංසකයා. තමුසේ බයයි නම් ඇයු මේවා පටන් ගන්නෙ අහ්?
ජින්ට මොනාහරි වෙලානම් මම තමුසෙව මරලා හිරේයනවා.'යුන්ගි බලාපොරොත්තු වුනේ රණ්ඩුව බේරන දර්ශනයක්. ඒත්, කුක්, ටේ,ජිමින් ටිකට් පොප්කෝන් නැතුව රෙස්ලින් එකක් බල බල ඉන්නවා හොදට. යුන්ගිට තේරුනා. එයා වගේ බුද්ධිමත් කෙනෙක් මේ සමාජෙට ගැලපෙන්නෙ නෑ කියලා. ඒ නිසාමයු එයා වැඩිය මෙවා ගනන් ගන්නෙ නැත්තේ!!!
'නවත්තන්වා දෙන්නම!!'
යුන්ගි බැරිම තැන හයියෙන් කෑගැහුවේ දෙන්නව දෙපැත්තට විසික් වෙලා යන්න. ජින් නැතිවෙලාවට යුන්ගි තමා ලොක්කා. යුන්ගි ඇස් හීනි කරලා ඒ දෙන්නා දිහා බලාගෙන ඉදලා උගුර පාදල කතාව පටන් ගත්තා.
'මතක තියාගන්නවලා. මේකට තමුන්ලා දෙන්නම හේතුවක්!! නම්ජූන් වගේම හොසොක්.
දැන් ගිහින් මූන හෝදලා ලැහැස්ති වෙනවලා ප්‍රෙස් කන්වරන්ස් එකට යන්න. තමුන්ලට ශෙඩුල් අමතක වෙලාද???
ජින් නෑ කියලා එවා කල් දාන්න බෑනේ..''මොන එකද? ජින් හ්‍යුන්ගේ වෙඩින් එකෙ එකද හ්‍යුන්!'
ජන්කුක් බ්‍රශ් එක කටේ ගහගෙනම ඇහුවේ ඇස් දෙක පොල් සයිස් කරගෙන. යුන්ගි ඔලුව වනලා අත්දෙක බැදගෙන බයවෙලා බලාගෙන ඉන්න නම්ජූන් හොසොක් දිහා ආයෙමත් බලලා රැව්වා. යුන්ගි මොනාහරි කියන්න කට ඇරියා. ඒත්, එයා නොකියා කට පියාගෙන ඉදලා තොල් එකට තදකරගෙන ආයේමත් එතනින් ගියා.
'ජින් හ්‍යුන් මැරි කරන නූනා ලස්සන ඇති නේද?'
'ඔව් කොටෝ!! මන් යනවා වොශ් කරන්න.'
කට්ටිය සාමෙන් විසිර ගියාට, හෝසොක් තාම හිටපු තැනම ලොක් වෙලා බලාගෙන හිටියේ ජින් අතුරුදන් වෙලා තොරතුරක් නැතුව ඉන්න මේ වෙලාවේ මොන ප්‍රෙස් කන්ෆරන්ස් ද කියලා. එතකොට නම්ජූන්? දැන් දන්නවා හැමදේම ඉවර වෙන්න යන්නෙ කියලා....
...............................
තව එකයි!!!
comment කරන්න කිව්වට කරන්නෙ නැනේ ☹️
කෙහෙල් ගෙඩියක් කකා මන් කමෙන්ට් එනකල් බලාගෙන ඉන්නෝ ඔහේ...by_Queen jiniwa 🔮♥️
නැහ් ආදරේ නෑ ඔයාලට☹️
YOU ARE READING
𝘤𝘈𝘯𝘥𝘺 𝘤𝘳𝘶𝘚𝘩 | 𝘬𝘴𝘫 | completed
FanfictionYes, you're the reason I'm smiling like this ... If you want to fool me to, go now. please. I can't this anymore.... ~ksj ෴෴෴෴ 𝘣𝘵𝘴 𝘫𝘪𝘯 𝘧𝘢𝘯𝘧𝘪𝘤 𝘴𝘩𝘪𝘱𝘴 𝘪𝘯𝘤𝘭𝘶𝘥𝘦𝘥!! 𝘰𝘯𝘭𝘺 𝘢 𝘧𝘢𝘯𝘧𝘪𝘤...