𝘋𝘦𝘢𝘳 𝘥𝘪𝘢𝘳𝘺...
අද 17 වෙනි සිකුරාදා. මන් දන්නෙ නෑ මම ඇත්තටම මොකක්ද කරන්න ඔනේ කියලා. හැමදේම ගැන හිතලා මගේ ඔලුව පැලෙන්න තරමට රිදෙනවා. කවුරු කොහොම කිව්වත් තව කාලයක් මම නම්ජූන්ගේ මූන බලාගෙන එකටම ඉන්න ඔනේ.
අපි අතරේ අෆෙයාර් එකක් නැතිවුනත්, කොන්සට් වලදි, ලයිව්ස් වලදි, අවොර්ඩ් සෙරමනි වලදි එයා එක්කම ඉන්න වෙනවා. මැරෙන්න තරම් දුකක් පපුවේ ඉතුරු වෙලා තියෙන්නේ. වෙන්දට පිස්සෙක් වගේ හේතුවටත් නොහේතුවටත් හිනාවෙන මම මද මේ කියලා හිතෙනවා.
ආයේ කාටවත්ම ලං වෙන්නේ නෑ කියලා හිතුවත්, දුක් විදින්න හරි මම ඒ වරදටම ලං පෙළඹෙනවා. මෙච්චර ලොකු දඩුවමක් දෙන්න එපා. ආයෙමත් සැරයක්. මටත් කියලා දරාගන්න පුළුවන් සීමවක් තියෙනවා. ඉස්සර වගේ මන් වෙනුවෙන් කවුරුත් නෑ. ඔයාවත් මම කියන දේ අහගෙන ඉන්න. ප්ලීස්!!!
𝘭𝘰𝘷𝘦 𝘶 𝘥𝘢𝘪𝘳𝘺
...............................
පොත පැත්තකින් තියලා මම සාලෙට ගියේ කන්න හිතාගෙන. වෙන්දට කිචන් එකට ගියාම කැරකි කැරකි ඉන්න පුලුවන් වුනාට එතනට ගියාම එන මතකයන් මට දරාගන්න බෑ. කිචන් එක දිහාම බලාගෙන මම හිල්ලුවා. කරන්න දෙයක් නෑ වෙන.
තිබ්බ බඩගින්නත් ගියා. මම ආයෙමත් කාමරේට යන්න හැරුනේ සාලෙ ඉදගෙන වැඩක් නැති නිසා. මෙහෙම හිටියොත් මම ලෙඩෙක් වෙනව. උනත් මොකො ඉතින්! මන් ගැන හොයන්න කවුරුත් නෑනේ..
ඒත් ආපහු පස්සට තිබ්බ අඩිය මම ගත්තේ ඩොර් බෙල් එක වැදුන නිසා. මේවෙලාවේ එන්න ඉන්නෙ කවුද? මම ඔර්ලෝසුවේ වෙලාව බලාගෙනම ගිහින් දොර ඇරියේ ආවේ මොන එකා උනත් මේ සීතලේ වැඩිවෙලා එළියේ තියන්න බැරි නිසා. කළුවරේ ඉදලා එකපාරට ලයිට්ස් තියෙන හරියට ආපු නිසාද මන්දා මගේ ඇස් නිලංකාර වෙලා ගිහින්. ඇගිලි වලින් ඇස් පොඩි කර කර මම ඩොර් එක ඇරලා. එළියේ ඉන්න කෙනාට ඇතුළට එන්න ඉඩ දුන්නා. ඒත්... එකක් නෙවෙයි අඩි සද්ද ගොඩක් ඇහුන නිසා මම ඇතුළට එන කට්ටිය දිහා බැලුවා.
'ඇයි ආයෙමත් ආවේ? වැකෙශන් ඉවර වෙන්න තව කල් තියෙනවා නේ?'
'හ්‍යුන්ව තනියම තියලා යන්න පුලුවන්ද හ්‍යුන්. කොහොම වුනත් අපි ඔයා එක්කම ඉන්නවා.'
ජන්කුක් එයාගේ අතේ තිබ්බ බැග්ස් පැත්තකින් දාලා මාව හග් කරා එයාගේ අත් දෙක සීතල වෙලා. ඒත් මම එයාට රිපල්‍යි හග් එකක් දීලා වෙල්කම් කරේ ඒ මගේ පුංචි මල්ලි නිසා. අඩුම තරමේ මේ වෙලාවේ මාව තනි නොකර ඉන්න හරි එයාට මතක් උනානේ.
ඒත්, හැමෝම එකපාරට ආපු එක ගැන මට සැක හිතුනා. නම්ජූන්ගේ මූණ මැලවිලා ගිහින්. එයා අඩුම තරමේ මගේ මූනවත් නොබලා වටපිය බල බල ඉන්නේ මාව මගාරින්න වගේ. ජන්කුක් මගෙන් ඈත් වෙලා එයා සීතලට ඇදලා හිටපු ජැකට්ස් ගලවලා ටේගේ අතට දුන්නා. හැමෝම එයාලගේ රූම්ස් වලට ආයෙමත් ගියා. මන් හිතුවා කට්ටියගේ කට හඩ ඇහෙනකොට එයා රූම් එකෙන් එළියට එයි කියලා.
ඒත් වුනේ මම හිතපුවත් නැති දෙයක්! ඇයි මෙයා මෙහෙම කරන්නේ???
...............................
by_Queen jiniwa ♥️🔮
මෙක ටයිප් කරලත් පබ්ලිශ් නොකරේ ඇයි කියලා මට තේරෙන්නෙ නෑ 🙂✌️
YOU ARE READING
𝘤𝘈𝘯𝘥𝘺 𝘤𝘳𝘶𝘚𝘩 | 𝘬𝘴𝘫 | completed
FanficYes, you're the reason I'm smiling like this ... If you want to fool me to, go now. please. I can't this anymore.... ~ksj ෴෴෴෴ 𝘣𝘵𝘴 𝘫𝘪𝘯 𝘧𝘢𝘯𝘧𝘪𝘤 𝘴𝘩𝘪𝘱𝘴 𝘪𝘯𝘤𝘭𝘶𝘥𝘦𝘥!! 𝘰𝘯𝘭𝘺 𝘢 𝘧𝘢𝘯𝘧𝘪𝘤...