දැනෙනා තුරු...8
එහෙ මෙහෙ යාන්තම් අතගාල ෆෝන් එක හොයාගත්ත උනත් පස්සෙ තමා මතක් උනේ ඒකෙ බැටරි බැහැල කියල.. මන් ඒක චාජ් එකට ගැහුවෙත් නෑ අකුනු ගහන නිසා..
අයියෝ ඉතින් මැදෑ...මන් මගෙ හිතෙන් මටම කියාගන්න ගමන් ෆෝන් එක ඇදට දාල නැගිටල කලුවරේම අත පත ගාල කාබරෙන් එලියට ගියෙ කුස්සියෙ ඉටිපන්දම් වගයක් තියන නිසා එකක් පත්තු කරගන්න කියල හිතන ගමන්..
කාබරෙන් එලියට ආපු මම බිත්තිය අල්ලගෙනම හිමින් සැරේ කුස්සිය දිහාට යන්න ගත්ත.. මුලු සාලෙම අදුරෙන් පිරුල.. ඒ අස්සෙ තවම දොර ඇරල කියල මන් යාන්තමට දැක්ක.. ඒ නිසාමද මන්ද ගේ ඇතුලට තද හුලන් පාරකුත් ආව..
කරන්න දෙයක් නෑ ඒක වහල ඉන්න ඕනි මොනා කරන්නත් කලින් .. මන් එහෙම හිතාගෙන දොර දිහාට ගියා ඒත් එක්කම කලුවර අතරින් මට යාන්තමට කවුරු හරි ඉන්නව වගේ දැනෙද්දි මාව ඒ ඉදපු කෙනාගෙ ඇගේ හැප්පුනා... ඒත් එක්කම මාව කන්ට්රෝල් නැතුව වැටෙන්න යද්දි එතන ඉදපු කෙනා මාව තද කරල අල්ල ගත්තෙ මාව එයාගෙ පපුවට තද කරන ගමන්..."සදුන්...."
එශාන්ගෙ කටහඩ ඇහහෙද්දි ඇත්තටම මගෙ හිතේ තිබ්බ ගැස්ම නැතිවෙලා ගියා...
" සදුන් .. කොහෙද යන්නෙ.. උබට තුවාලයක් නෑ නේද..."එශාන් මාව තවමත් එයාගෙ පපුවට තුරුල් කරගෙනම ඇහුව..
" ආහ්..නෑ.. බන්... මන් හොදින්..."
මම එහෙම කියල ටිකක් බලෙන්ම වගේ එයාගෙ ලගින් ඈත් වුනා...
"මොකද මේ කලුවරේ එහෙ මෙහෙ යන්නෙ ඈ..මන් හිතුව නිදි කියල..."
"මන් දොර වහන්න ආවෙ බන්.. මට නින්ද ගියෙ නෑ ඇහැරුනා.. උබ දැන්ද ආවෙ..."
" ඔව් මන් ඇවිල්ල ටිකක් ඉස්සරහට වෙලා ඉදිය..."
"හ්ම්ම්.. එහෙනම් ඔයා දොර වහල එන්න මන් ඉටිපන්දමක් අරන් එන්නම්..."
මන් එහෙම කියල එශාන්ගෙ ලගින් අයින් වෙලා කුස්සිය දිහාට ගියෙ බිත්තිය අල්ලගෙනමයි...
යාන්තම් දගලල දගලල මන් ඉටිපන්දමක් හොයාගෙන ඒක පත්තු කරගනිද්දි මට එශාන්ෆෙ කටහඩ ඇහුනා..
YOU ARE READING
දැනෙනා තුරු...
Romanceතනියම ආදරේ කරන්න පුලුවන්ද ආදරය හිමි නැති බව දැන දැනම ආදරය ආපහු නොලැබෙන බව දැන දැනම.... දවසක හැම දේම ජීවිතයම උන ආදරේ වෙනකෙනෙක්ට බාර දීල... ඈත් වෙන්න වෙන් බව දැන දැනම ආදරේ කරන්න පුලුවන්ද.... අහිමිවන , නොදැනන ආයිමත් ලන් නොවෙන හිතක් ලග අපිත් දවසක නතර...