දැනෙනා තුරු....27
" මල්ලි උබ දන්න්නවද... එශා...."
"පැතුම්..."
පිනිදි අක්ක එක පාරටම කතා කරපු නිසා පැතුම් අයිය කියන්න ගිය දේ නතර කරල අක්ක දිහා බලද්දි අක්කගෙ මූන ටිකක් අදුරු වෙලා වගේ මට දැනුනෙ නම්...
" කියන්න ..."
" මල්ලිට මහන්සි ඇති එයාට නිදාගන්න දෙන්න හෙටත් කතාකරන්න පුලුවන්නෙ..."
" හරි හරි ඔන්න කතාව ඉවරයි.."
පැතුම් අයිය මට ඇහැක් ගහන ගමන් කියද්දි මමත් හිනාවෙලා ඉදපු තැනින් නැගිට්ටෙ ඇත්තටම මටත් මහන්සි දැනුන නිසා..
....................................................................
අක්කයි අයියයි මට කාබරයක් ලෑස්ති කරල තිබ්බ නිසා මන් කෙලින්ම කාබරේට ගියා.. ගිහිල්ල ඇදේ ඇලවෙලා ලයිට් එකත් ඕෆ් කරල දැන්ම..මන් පැය බාගයක් විතර ඇදේ එහෙ මෙහෙ පෙරලි පෙරලි ඉදියත් මට නින්ද යන පාටක් තිබ්බෙ නෑ ඒක නිසා බැරිම තැන මන් ඇදෙන් බැස්සෙ වතුර ටිකක් වත් බීල එනව කියල හිතන්..මන් ඉතින් කාබරෙන් එලියට ඇවිල්ල කුස්සිය දොහාට ගියෙ වතුර බොන්න හිතන් ඒත් මන් කුස්සිය ඇතුලට යන්න නැතුව මගින් නතර උනේ අක්කයි අයියයො කතා කර කර ඉන්නව ඇහුන නිසා..
මට එයාලගෙ කතාවට කන්දෙන්නඕනි උනේ නෑ ඒත් මොකද්ද හේතුවක් නිසා මට එයාල මොනාද කියන්නෙ කියල අහන්න ලොකු උවමනාවක් දැනුන..." පැතුම් ඇයි ඔයා මල්ලිට එශාන් ගැන කියන්න ගියෙ..."
" සොරි බබා මට එච්චර ඒක හිතුනෙ නෑ... අනික ඉතින් එශාන් ගැන දැනගන්න ඌට අනික් කාටත් වඩා අයිතියක් තියනවනෙ.."
"ඒත් ඔයා හොදටම දන්නවනෙ මල්ලි ඒ මනුස්සය නිසා කොයි තරම් විදෙව්වද කියල ඒක නිසා මන් කියන්නෙ අපි ඒ ගැන මල්ලිට නොකිය ඉමු...මේ අවුරුදු කීයකින්ද ඒ ලමය ආයි ලන්කාවට ආවෙ..මට ඕනි නෑ ආයි එයාව එලවගන්න.."
"ඒත් බබා.. ඔයා දන්නවනෙ මල්ලි ඌට කොයි තරම් ආදරේද කියල..."
"ආදරේ කරනවා නෙවෙයි ආදරේ කරා.. දැන් එහෙම දෙයක් නෑ එයාට පාඩුවෙ ඉන්න දෙමු පැතුම් අපි ඒ ලමය ආවෙ හොද වැඩකට අත ගහන්න ඒක නිසා අතීතය මතක් කරන්න ඕනි නෑ.. "
VOUS LISEZ
දැනෙනා තුරු...
Roman d'amourතනියම ආදරේ කරන්න පුලුවන්ද ආදරය හිමි නැති බව දැන දැනම ආදරය ආපහු නොලැබෙන බව දැන දැනම.... දවසක හැම දේම ජීවිතයම උන ආදරේ වෙනකෙනෙක්ට බාර දීල... ඈත් වෙන්න වෙන් බව දැන දැනම ආදරේ කරන්න පුලුවන්ද.... අහිමිවන , නොදැනන ආයිමත් ලන් නොවෙන හිතක් ලග අපිත් දවසක නතර...