දැනෙනා තුරු 09

2.6K 372 29
                                    

දැනෙනා තුරු .... 9

ඉස්කෝලෙ ඇරිල ටිකක් වෙලා නිසා ඉස්සරහ ගේට් එක ලග එච්චර තදබදයක් තිබ්බෙ නෑ...
මන් එක අතනික් හෙල්මට් එක් දාගෙන අනික් අතෙන් ෆෝන් එක අරගන්න ගමන් එශාන් කොහෙද ඉන්නෙ කියල බැලුවෙ හොයාගන්න බැරි උනොත් කෝල් එකක් වත් දෙන්න හිතන ගමන්..
මන් වටපිට බලද්දි එක පාරටම හෝන් සද්දයක් ඇහුන නිසා මන් ඒ පැත්ට හැරුනා..
එතකොට තමා මන් දැක්කෙ පාරෙන් එහාපැත්තෙ ඉදන් මන් දිහා බලන් ඉන්න එශාන්ව.. එයා ෆුල් ෆේස් හෙල්මට් එක දාගෙනම ඉදියත් මට අදුරනගන්න අමාරු උනේ නෑ..

..........................................................

මන් පාර පැනල එයා ලගට යන ගමන් අතේ තිබ්බ හෙල්මට් එක දාගත්තා..
මන් ලගට ගියහම එශාන් කතාවක් බහක් නැතුවම බයික් එක ස්ටාට් කරද්දි මන් බයික් එකට නැග්ග..

" අල්ල ගනින්...

ගෙදරට එනකම් එශාන් කියපු එකම වචනෙ එච්චරයි ..මම මිනිහගෙ හැටි දන්න නිසා එයාගෙ ඉනෙන් ටිකක් තද වෙන්න අල්ල ගත්තෙ මේ පිස්ස ඉන්නෙ එච්චර හොද මූඩ්  එකේ නෙවෙයි කියල දැනුන  නිසා...

.............................................................
ගේට් එක අරින්න ඕනි නිසා මන් පාරෙන් බැස්ස.. එශාන් බයික් එක එහෙමම අරන් ගිහිල්ල ගැරිජ් එකේ දාල මන් එනකම් නොයිද එහෙමම උඩට යද්දි මන් ඇරපු ගේටෙක ආයි වහල දාල හිමින් සැරේ එයාගෙ පස්සෙන් ගියෙ මොකද මේ මනුස්සයට වෙලා  තියෙන්නෙ කියල හිතන ගමන්...

මන් ගෙට යද්දි එශාන් රූම් එකේ.. මන් ඉතින් පුරුදුවිදිහටම ඇදුම් ගලවල දාල බාත් රූම් එකට ගිහිල්ල වොශ් එකක් දාගෙන  ඉවර වෙලා ඇදුමකුත් දාගෙන කුස්සියට යන ගමන් එශාන්ගෙ රූම් එක ලග නතර උනා...

" එශාන්.. කන්න වරෙන් බන්..."

මන් කියාගෙනම කුස්සියට ගියෙ කාබරේ ඇතුලට නොයා...

..........................................................

උදේ කිරිබත් හදද්දිම මන් දවල්ටත් එක්කම ඉව්ව මොකද ආයි ඇවිල්ල උයන්න කම්මැලි නිසා..
මන් පිගානක් අරන් මට බත් බෙදා ගත්ත..
බතුයි  පරිප්පුයි හාල් මැස්සො තෙල් දාල ගෝවකොල  මැල්ලුම්...
මන් බත් බෙදා ගනිද්ද්ම ශෝටක් විතරක් ඇදගෙන කුස්සියට ආපු එශාන් මේසෙන් වාඩි උනා...
ශර්ට් එකක් ඇදල ඉදියෙ නැති නිසාද මන්ද වෙනදට මන් නොදැක්ක අමුතුම සරාගි පෙනුමක් එයාගෙ තිබ්බෙ.. ඇත්තටම මගෙ ඇස් තත්පර ගානකට එයාගෙ ලග නතර වෙද්දි මන් බලෙන්ම අහක බලාගත්තා...

දැනෙනා තුරු...Kde žijí příběhy. Začni objevovat