දැනෙනා තුරු...25
කාලයක් හැල හැප්පීම් එක්ක ගෙවුන මගෙ ජීවිතය ඇත්තටම දැන්නම් මට හීනයක් වගේ..
ඉස්සර ගෙව්ව ජීවිතය එක්ක දැන් මන් ගෙවන ජීවිතය ඇත්තටම සාමකාමී වෙලා...
මම ලන්කාවෙන් ඇවිල්ල දැන් අවුරුදු තුනහමාරක් වෙනව.. ඒ කාලය ඇතුලත මගෙ ජීවිතය වෙනස් වෙලා තියන තරම් මටම හිතාගන්න බෑ...ඇත්ත තවමත් මන් ලන්කාවෙ ගෙවපු අන්තිම දවස මතක් නොවෙනව නෙවෙයි ඒත් මට දැන් ඒ මතකය දැනෙන්නෙ හෙවනැල්ලක් වගේ...
ඉස්සර දකින්නෙ නැතුව ඉදපු ඒ රූපෙ අන්තිමට මන් ඇස් වලින් දැකල අවුරුදු ගානක් වෙනව..
මම කොයි තරම් නම් ඒ මතකයන්ගෙන් ඈත් උනාද කියනවනම් මම දැන් ලන්කාවෙ මනුස්සයෙක් නොවෙන ගානටම මේ රටේ ජීවිතයට පුරුදු වෙලා..මගෙ පරන ජීවිතයෙ ඉතුරු උන දෙයක් තියනවනම් ඒ කල්ප , උමේශා අනික් එක්කෙනා පැතුම් අයියයි අක්කයි...
..........................................................
ලන්කාවෙන් ගිහිල්ල ටික කාලයක් යද්දි අම්මල මටත් කසාද බදින්න බල කරා... මාව ලන්කාවට ගෙන්න ගන්නම හැදුව.. ඒ හැම දේම කෙලවර උනේ මන් කවුද කියන දේ මමම අම්මලට කිව්වහම..
ඇත්ත මන් ලොකු පවක් කරන්න ඇති මන් හැමදාම හිතනව වගේ.. මොකද මගෙ අම්ම තාත්ත දෙන්නම කැමති උනේ නෑ මාව මම විදිහට බාරගන්න..
ඒක එයාල පැහැදිලිවම කිව්ව..
එයාලගෙ වචනෙන්ම කියනවනම් උබ අපිට මලා හා සමානයි ආයි අපිට ඔයා එක්ක ගනුදෙනුවක් නෑ...ඒත් මටම පුදුම දේ.. එච්චර දෙයක් මගෙ අම්ම තාත්තම කියලත් මගෙ ඇහෙන් එක කදුලු බින්දුවක් නොවැටුනු එක..
අර කල්ප කියන්න වගේ මන් ගල් හිතක් තියන මිනිහෙක් වෙලා දැන්..කොහොම උනත් මන් මගෙන් අම්ම තාත්ත වෙනුවෙන් කරන්න තිබ්බ දේවල් අතපසු කරේ නෑ..
ලන්කාවෙන් අහම මන් මේ රටේ ජොබ් එකක් කරන්න ගත්ත..ඒ ගමන්ම මගෙ මාස්ටර් එක වගේම PHd එකත් කරගත්ත.. ඉගෙනගන්න තියන උපරිමයෙන් ඒක කරපු නිසාද මන්ද මට හොද පඩියක් එක්ක හොද ජොබ් එකක් තියනව.. ඒක නිසාම මාසෙ ගානෙ අම්මයි තාත්තයි වෙනුවෙන් සල්ලි යවන්න මන් අමතක කරේ නෑ.. ඇත්ත සල්ලි කියන දේ වැඩක් නෑ ආදරය රැකවරනය තමා වටින්නෙ ... ඒත් මන් නැති උනත් මගෙ ලොකු අක්ක ලොකු අයිය ඒ දේවල් අකුරටම කරනව ඒක මට ඇත්තටම ලොකු හයියක්..
අම්ම්මයි තාත්තයි මාව අතෑරියා උනත් මගෙ සහෝදරයො දෙන්න මගෙ ලගින් තවම ඉන්න එක මට හයියක්.. මගෙ අක්ක තවම මට ඉස්සර වගේම ආදරෙයි . ඒ වගේම මගෙ අයිය තාත්ත නැති අඩුව මට දැනෙන්න දුන්නෙත් නෑ.. මන් ගැන ලැජ්ජ වෙනව වෙනුවට ඒ දෙන්න මගෙ ගැන ආඩම්බර වෙන එක මට සතුටක්...
කෝල් එකක් ගත්ත ගමන් ඒ දෙන්නගෙ පොඩිවුන් දුවගෙන මාත් එක්ක කතාකරන්න එන එකට මන් පුදුම ආසයි.. ඇත්තටම මන් පින් කරල තියනව එහෙම අක්කෙක් අයියෙක් ලබන්න.. අනික මගෙ අනික් සහෝදරය කල්ප..
එයා නිසා තමා මට මේ හැමදේම...
BẠN ĐANG ĐỌC
දැනෙනා තුරු...
Lãng mạnතනියම ආදරේ කරන්න පුලුවන්ද ආදරය හිමි නැති බව දැන දැනම ආදරය ආපහු නොලැබෙන බව දැන දැනම.... දවසක හැම දේම ජීවිතයම උන ආදරේ වෙනකෙනෙක්ට බාර දීල... ඈත් වෙන්න වෙන් බව දැන දැනම ආදරේ කරන්න පුලුවන්ද.... අහිමිවන , නොදැනන ආයිමත් ලන් නොවෙන හිතක් ලග අපිත් දවසක නතර...