දැනෙනා තුරු....20
මන් ආපහු ගෙදර ගිහිල්ල ආව දවසෙ ඉදන් හැම දේම ආපහු සාමාන්‍යය විදිහටම තිබුන..
වෙනව වගේ නෙවෙයි එශාන් ගොඩක් මන් ගැන හොයල බැලුව.. උයන කරන එකේ ඉදල මගෙ ඇදුම් සෝදල ගෙවල් අස් කරල මට උදව් වෙන තරමටම.. ඇත්තටම මට ඒක හිතාගන්නවත් බෑ.. කොහොම හරි මගෙ අතේ ප්ලාස්ටර් එක අයින් කරන කම්ම එශාන් තමයි ගොඩක් වෙලාවට ඉව්වෙ.. මන් රෑට ශේප් එකේ මොනාහරි ඉව්ව .. ඒකත් එශාන් උදේට එලවලු අනන් මනන් කපල ගිය නිසා..
ඇත්තටම ඒක එපා වෙන වැඩක මොකව එයා හොස්පිටල් එකේදි සෑහෙන්න මහන්සි වෙනව කියල මන් දන්නව ඒත් ඉතින් වෙන කරන්න දෙයක් නෑ..
මන් එපා කියද්දි එයා මගෙ ඇදුම් ඉදන් හෝදල දෙනව ඇත්තටම මට වෙලාවකටනම් ඒ වෙනස්වීම හිතාගන්න බැරි තරම්..ශශීත් ඉදල හිටල ඇනෙක්ස් එකට ඇවිත් ගියා.. ඒ අහම ඉතින් අපි කයිය ගහ ගහ ඉදල කඩෙන් මොනාහරි ගෙනහල්ල කාල රැ වෙනකම් ඉදල එශාන් ශශීව ගිහිල්ල දැන්ම..ඒ ඔක්කොටම වඩා මන් මගෙ හිත ආයිමත් හදාගන්න ලොකු උත්සහයක් දුන්න.. ඇත්තටම ඒ හැගීම් අමතක කරන්න අමාරුයි ඒත් මන් ඒක කරන්නම ඕනි..
උදේට එශාන් මාව ඉස්කෝලෙ ලගින් දාගෙන ගියා.. හවසට පැතුම් අයිය මාව ගෙදරට දාගෙන ගිය.. මුලින්නම් එශාන් එච්චර වැඩේට කැමති උනේ නෑ . ඒත් එයාට මාව ගන්න දවල්ට එන්න වෙලාවක් නෑ අනික එහෙම එන්න උවමනාවකුත් නෑ.. ඒ ඔක්කොටම වඩා පැතුම් අයිය මාව බලන්න අපේ ඇනෙක්ස් එකට ආව නිසා පැතුම් අයියයි එශානුයි ගොඩක් ෆිට් උනා.. දෙන්න මට හොරා සමහර වෙලාවට බියර් එකක් බොන තරමටම ඒ ෆිට් එක දුරදිග ගිහිල්ල කියල දැනගත්තෙ දවසක් මට දෙන්නව අතේ මාට්ටු උනහම...අතට ප්ලාස්ටර් එක දාල මාසයක් විතර ගියා ඒක කපද්දි... ඒක කපලත් දිගටම මට ෆිසිකල් තෙරපි කරන්න කියල තමා ඩොක්ටස්ල කිව්වෙ..
හොස්පිටල් එකෙන් කරගන්න වැඩ ටික එශාන් ඉදපු නිසා වැඩි වදයක් නැතිවම කරගන්න පුලුවන් උනා...ඔක්කොටම වඩා මට ප්ලාස්ටර් එක කැපුවහම දැනුන සතුට ගැනනම් කියල වැඩක් නෑ.. තනි අතින් හැම දේම කරනව කියන්නෙ එපා වෙන වැඩක් අනික ඔක්කොටම වඩා පොඩි දේටත් එශාන්ට වද දෙන එකට මන් ආසම නෑ..
ඇත්ත එශාන් ඒක ගැන වචනයක් වත් කියල නෑ ඒත් මට ඒක වදයක්.. ඔක්කොටම වඩා ඒකෙන් මට මගෙ හිත හදාගන්න තියන ඉඩයි අඩු වෙන්නෙ..
YOU ARE READING
දැනෙනා තුරු...
Romanceතනියම ආදරේ කරන්න පුලුවන්ද ආදරය හිමි නැති බව දැන දැනම ආදරය ආපහු නොලැබෙන බව දැන දැනම.... දවසක හැම දේම ජීවිතයම උන ආදරේ වෙනකෙනෙක්ට බාර දීල... ඈත් වෙන්න වෙන් බව දැන දැනම ආදරේ කරන්න පුලුවන්ද.... අහිමිවන , නොදැනන ආයිමත් ලන් නොවෙන හිතක් ලග අපිත් දවසක නතර...