ජංකුක්ලා ගියාට පස්සෙ ෆිල්ම් බලන්න කම්මැලි හිතුන නිසා ෆිල්ම් එකත් වහපු ජිමින් පහලට ඇවිත් ටේ,ජංකුක් කැමති කෑම හදන්න පටන් ගත්තෙ එයාලා ආවට පස්සෙ මෙ කෑම දැකලා එයාලා සතුටු වෙවි කියල හිතලා...
සින්දුවකුත් දාගෙන නට නට කෑම හද හද හිටපු ජිමින්ට එක පාරටම දැනුනෙ එයා දිහා කවුරු හරි බලන් ඉන්නවා වගේ...ඒ නිසා ඉක්මනට හැරිලා බලපු ජිමින් දැක්කෙ රතු උන ඇස් වලින් එයා දිහා බලන් ඉන්න එයාගෙ හියුන්ලා දෙන්නව...
"හියුංගි ඔයාලා මෙච්චර ඉක්මනට ආවද?"
🐯"අද වෙනදට වඩා සතුටින් වගේනේ ජිමින්"
"අහ් එහෙම විශේශයක් නෑ හියුන්..නිකන් ඉන්න එකේ හියුන්ලා කැමතිම කෑම හදන්න හිතුනා"ජිමින් හරි අහිංසකව හිනා වෙලා කිව්වෙ ඉස්සරහට එයාට වෙන දේ නොදැන..
"එක පාරටම අපි කන්න කැමති කෑම හදන්න හිතුනෙ ජිමින්...කරපු වැරැද්ද වහගන්න ඕන නිසාද?"
එක පාරට ජංකුක්ගෙ නපුරු කටහඩ ඇහෙනවත් එක්කම ජිමින් ගැස්සිලා ෆියේ ජංකුක් කවදාවත් ඒ විදියට එයාට කතා කරල නැති නිසා..."මන් මොකද්ද කර වැරැද්ද හියුන්?"
"මොනවත් නොදන්න තොත්ත බාබ වගේ හැසිරෙන්න එපා ජියොන් ජිමින්.....එහෙම නැත්තන් royal street මාෆියා ටීම් ලිඩර් පාර්ක් ජිමින්"
ඇසුත් රතු කරගෙන අඩියෙන් අඩිය ජිමින්‍ට ලන් වෙන ගමන් ජංකුක් කිව්වෙ ජිමින් බයටම පස්සෙන් පස්සට ගිහින් පැන්ට්‍රි කබඩ් එකට හේත්තු වෙද්දි...ජිමින්ට හිතා ගන්න බැරි උනා ජංකුක් මෙ කියන්නෙ මොකක් ගැනද කියලා...."හි....හියුන් ඔ..ඔයා මෙ මොනවද කි..යන්නෙ?ම...මන් මාෆියා ටී..ටීම් එකක ලීඩර් කෙනෙක් කියලද ඔයාලා කියන්නෙ?"
"මේ අන්තිම හොදින් අහන්නෙ ජිමින්..ඇත්ත කියනවා අපෙන් ගත්ත රත්තරන් ටික කොහෙද හැංගුවෙ?"
"අනේ හියුන් මන් මේ කිසිම දෙයක් දන්නෙ නෑ...මන් ඔයාලගෙන් කිසිම දෙයක් ගත්තෙ නෑ..ටේ හියුන් මන් ඔයාලගෙන් මොනවත් හොරට ගත්තෙ නෑ.."
🐯"Jk පොඩ්ඩක් ඉන්න...අපි ඉස්සෙල්ලා මෙයා එක්ක හොදින් කතා කරල මේක විසද ගන්න බලමු..මොනව උනත් අපි දවසක් හරි ආදරෙ කරපු කෙනානේ"
YOU ARE READING
yes i'm park jimin(completed)
Fanficවිශ්වාසය කියන විදුරුව එක පාරක් බිදුනොත් මොනවා වේවිද? ඒකත් අහිංසකයෙක්ගෙ විශ්වාසය බිදුනොත්?ආත්මෙන්ම ආදරේ කරන දෙන්නම එයාව රිද්දුවොත්?