part 15

922 176 26
                                    

ඊලග දවසෙ උදේ අනිත් කපල් දෙක ගෙදර ආවම දැක්කෙ සොපා එක උඩ වාඩි වෙල නිදාගෙන ඉන්න ටේකුක් දෙන්නව...එයාලව දැක්කම තේරෙනවා ඊයෙ රෑත් එයාලා හොදටම අඩල කියලා...

"ටේ,ජංකුක් නැගිටින්න කාමරෙට යන්න"

"අහ් ඔයාලා ආවද හියුන්"

"දේ කාමරෙට ගිහින් නිදා ගනින් කොල්ලො"

"මට මෙතන ඉන්න හැමෝටම දෙයක් කියන්න තියෙනවා..."
එහෙම කියාගෙන ජිමින් පහලට ආවේ හොදට ඇද පැලදගෙන බෑග් එකකුත් අරගෙන

"මෝචි කොහේ යන්නද මේ?"

"හියුන් මන් ගොඩක් හිතල මෙ තීරන්ගේ ගත්තෙ..මන් යන තැනක් අහන්න එපා...ටෙමින් මට ආදරෙයි.එයාත් එක්ක මන් අද මේ රටින් යනවා..."

"ජිමින්...පිස්සුද?"

"නෑ හියුන් මන් මෙහෙ තවත් හිටියොත් මෙයාලගෙ ජීවිත විනාස වෙනවා...මෙයාලා මගෙ ජීවිතේ විනාස කරාට මට එහෙම කරන්න ඕනෙ නෑ.."
එහෙම කියපු ජිමින් ඉස්සෙල්ලම ගියෙ ජින් ගාවට

"මගෙ දෙවෙනි ඔම්මා..ඔයාට ගොඩක් පින් මාව එදා බේර ගත්තට..මන් මැරෙන තුරාවට කවදාවත් ඔයාව අමතක කරන් නෑ...මට දාලා යන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ඒ ඔයා විතරමයි ඔම්මා..ඔයාගෙ එක වචනෙකින් පුලුවන් මාව නතර කරන්න...ඒත් මට යන්න දෙන්න ඔම්මා...මට මගෙ ජීවිතේ ඉතුරු ටිකවත් සැනසිමෙ ඉන්න ඕනෙ ඔම්මා...මන් යන්නද ඔම්මා?"

ජිමින් එයාගෙ කතාව ඉවර කරනකොට ජින් හොදටම අඩනවා...එයා කවදාවත් මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ...ජින් ජිමින්ට ගොඩක් ආදරෙයි..අනිත් අයට වඩා ගොඩාආක් ආදරෙයි...ජින්ගෙ පාලුව නැති කරෙ ජිමින්...ජින්ට ළමයෙක් නැති උනත් ජින්ගෙ දරුවා උනේ ජිමින්...

"මගෙ බෝලේ...මට ඔයාව නතර කර ගන්න ඕනේ...ඒත් දරුවො මට තේරෙනවා ඔයාගෙ තත්වෙ..කමක් නෑ කොහේ හිටියත් පරිස්සමින් සතුටින් ඉන්න..කවදම හරි දවසක ඔයාට මේ ඔම්මා ලගට එන්න ඕනෙ උනොත් එන්න මේ තුරුලෙ ඔයාගෙ ඉඩ හැමදාම වෙන් වෙලා තියේවි..ඔයායි මගෙ පලවෙනි දරුවා.එක වෙනස් වෙන් නෑ..මන් ආදරෙයි මගෙ බෝලේ"

"ඊලග ආත්මෙක මාව ඔයාගෙම පුතෙක් කර ගන්නවා,ඔය උනුහුම ඔය ආදරය ඔය විදියටම මට දෙනවා කියල පොරොන්දු වෙන්න ඔම්මා"

yes i'm park jimin(completed)Where stories live. Discover now