"එක්ස්කියුස් මී සර් .. මේ අයි කමින්.. "
" දේ.. කමින්.. "
මදක් පැකිලෙමින් ඔෆිස් කාමරයේ දොර විවෘත කරමින් පැමිණි ඔහු ඇස් යටින් බැලුවෙ ඔහු ඉදිරියේ සිටිනා CID ඔෆිසර් වරයා දිහා.. තමාට කිසිදිනක ලගාවිය නොහැකි තරම් ප්‍රතාපවත් , දක්ෂ මිනිසා ඉදිරියේ ඔහු ලැජ්ජාශීලී ... හරියට පෙති සිනිදු මලක් වගේ. ඒ ප්‍රතාපවත් සිරුරේ හැඩිදැඩි බව ඔහුට වෙනදාටත් වඩා දැනෙන්නට විය. ඒ තියුණු ඇස් දිහා කෙලින් බලන්න තරම්වත් ශක්තියක් ඔහුට නොමැති වීම පිලිබද ඇත්තේ ලැජ්ජාවක් බව ඔහුගේ මුහුනේ ඉරියව්වලින්ම පෙනේ. CID ඔෆිසර්වරයා හෙලූ තියුණු බැල්මෙන්ම ඔහුට දැනුනේ දෙපා පණ නැති වූවාක් මෙනි. දෑතේ ඇගිලි දෙකක් මත රදවා සිටි පෑන බිමට අතඇරිය CID වරයා මේසෙට තට්ටුවක් දැම්මා.. ඒ හඩම ප්‍රමාණවත් ඔහුව පියවි සිහියට ගන්න.
" එක්ස්කියුස් ජන්කුක් සර්.. මේ තියෙන්නෙ අර අලුත්ම කේස් එකේ ෆයිල්ස් ටික. "
ඔහු ෆයිල්ස් ටික තිබ්බා ජන්කුක්ගෙ මේසෙ උඩින්. මෙච්චර වෙලාවක් කකුල් මේසෙ මත තබාගෙන සිටි ජන්කුක් කකුල් පහලට ගත්තෙ බිබී සිටි සිගරැට්ටුව කුණු කූඩෙට විසික් කරන ගමන්. ඉලක්කෙ හරියටම හරි. සිගරැට්ටුව රැදුනෙ කුණු කූඩෙ. කට කොනින් සිනාසුනු ජන්කුක් ඊලගට අවධානෙ දුන්නෙ තමන් ඉස්සරහා හිටගෙන ඉන්න මේ ලැජ්ජාශීලී තරුණයාට.
" ජිමින්.. මන් දිහා කෙලින් බලනවා.. මන් තමුන්ව ගිලින්නෑ... "
තමන්ගෙ අවඥා සහගත සිනහවලින් එකක් තමයි ජන්කුක්ගෙ මූණෙ දැන් තියෙන්නෙ ..
ජන්කුක් දිහා හෙමින් හිස ඔසවා බැලූ ජිමින්ට පෙනුනෙ ෆයිල් එකේ තිබූ ලිපි ගොනු එකින් එක බලන ජන්කුක්ව. ඒ තියුණු ඇස් තමන්ගෙන් වෙනතකට යොමුවෙලා තිබුණු එකම ජිමින්ට සහනයක්. ජන්කුක් තමන්ට වාඩි වෙන්නයැයි කියන කම් තමයි ජිමින් බලාගෙන හිටියෙ. ඒත් ජන්කුක්ගෙන් එවැනි සුහදශීලී දෙයක් කොහොමවත් බලාපොරොත්තු වෙන්න බෑ කියලා ජිමින් දන්නවා.
" ඕහ්.. මේකද මේ අලුත්ම කේස් එක.. දැන් මොකක්ද මේ.. "
ජන්කුක් සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් ගැන නොදැන ඉන්න එක ගැන සියයට දෙකක් වගේ ප්‍රතිශතයක් තියෙන්නෙ ... ඒ තරමටම ඔහු අවට සමාජය ගැන දැනුවත්. ජිමින් ඇස් වපර කරලා බැලුවෙ ජන්කුක් දිහා.
YOU ARE READING
ᑕIᗪ ❙Onhold❙
Fanfictionයාහ්... ඔය අසමජ්ජාති හිනාව විතරක් මට පේන්නන්න එපා... මතක තියාගන්නවා තමුන් තාම CID එකේ ට්‍රේනින් වෙන පොඩි කොල්ලෙක්... -JK- හැහ්.. මහ ලොක්කා.. මොකටද දන්නෑ මාව කිස් කරන්න හැදුවෙ.. මමද ඇගේ හැප්පුනෙ.. හැහ්.. කියලා වැඩක් නෑ.. කට ගලේ...