" ඉක්මන් කරන්න ඊදර්.. "
ජන්කුක් කෑගැහුවෙ යන්න පුලුවන් උපරිම වේගෙන් ජීප් එක ඩ්‍රයිව් කරන ඊදර්ට.ජන්කුක් හිටියෙ නොඉවසිල්ලෙන්. කොච්චරක්ද කිව්වොත් යන වේගෙ ගැනවත් ජන්කුක්ට කිසිම අවබෝධයක් නෑ. ජිමින් හිටියෙ ශීට් එක තදින් අල්ලගෙන. " දැන් මැරෙයිදෝ.. " කියලමයි ජිමින්ගෙ හිත කෑගැහුවෙ.. අඩුවයසින් මැරෙන්න ජිමින්ට නම් කිසිම වුවමනාවක් නෑ.ඒකමයි මෙච්චර බයක්.
විශේෂම දේ අද තව එක් දඩබ්බර ආධුනිකයෙකුත් මේ කණ්ඩයම සමග එක් වී සිටීම. වෙන කවුරුවත් නෙවෙයි ඒ ටේහයුන්ග්. ටේ ජන්කුක් දිහා බලන් හිටියෙ හිස් බැල්මකින්. ජන්කුක්ගෙ තියෙන ලොකුම දුර්වලතාවය තමයි කලබල වීම. හරිම පුංචි දේකටත් ඔහු කලබල වෙනවා වගේම කේන්ති ගන්නවා.. ඒ හින්දම අතපසුවීම්, හිත් රිදීම් බොහෝමයි..
විකී තමන් ගැන ඉන්නෙ අවධානයෙන් කියන්න ටේට පිටුපස නොබලා වුවද කියන්න පුලුවන්.. අනිත් ට්‍රේනින් ස්පෙෂලිස්ට්ලා තිදෙනා හිටියෙ පිටත බලාගෙන.. විකීගෙ නෙත් වෙනතකට යොමු වෙනවාත් සමගම ටේ ජන්කුක්ට තට්ටුවක් දැම්මෙ සන්සුන් වෙන්න යැයි ඇස් වලින් ඉගි කරමින්. මෙතරම් කාලයක් කාගැනවත් එක වැලි කැටයක් තරමටවත් සැලකිල්ලක් නොදක්වපු ටේ දැන් ජන්කුක්ගෙ පොඩි වෙනස්වීමක් ගැනත් ගොඩක් සැලකිලිමත්. ටේට තේරෙන්නෙ නෑ තමන්ට වෙලා තියෙන්නෙ මොකක්ද කියන්න. නමුත් ජන්කුක් මේ විදිහට නොසන්සුන්ව හැසිරෙනවා දකිද්දි ටේගෙ හිත කියන්නෙම ඔහුව සන්සුන් කරන්න කියලමයි.
තමන්ගෙ කලබල නෙත් වලින් ටේ දිහා ජන්කුක් බැලුවෙ එක් ක්ෂණයකින්. තමන්ගෙ මුලු ආත්මයම ටේගෙ ඒ ගැඹුරු ආගාධයක් වගේ ඇස් අතර ගිලෙද්දි නොදැනිවම ජන්කුක්ව මදක් සන්සුන් උනා. ජන්කුක්ට දැනෙන්න ගත්ත දේවල් විස්තර කරන්න ඔහුටවත් නොතේරෙන්නට ඇති. මුලු ඇගම එකවර සීතල වී ඇස් වලින් කදුලු උනන්නට තරම් ටේගෙ ඒ සුලු හැසිරීම ජන්කුක්ට ප්‍රමාණවත්.
මොකද එක් ඉරියව්වකට , එක් වචන පෙලකට හිතක් නිවන්න වගේම හිතක් දවන්නත් පුලුවන්..
ටේ දිහා බලලා ඔලුව වනපු ජන්කුක් ඉදිරිය බලා ගත්තෙ ටේ වීදුරුවෙන් පිටත බලා ගනිද්දි. විනාඩි දහයක් යද්දි ඔවුන් හිටියෙ ඒ නිවාස සංකීර්ණය ඉදිරියෙ. ඒ වෙනකොටත් මීඩියා වලින් මුලු ඒරියා එකම වටකරලයි තිබුනෙ. ජන්කුක්ට ආවේ පුදුම කේන්තියක්.. මොකද මේ වගේ හදිසි අවස්ථාවක මීඩියා වලින් කරන්න ඕන මෙතන කලබලයක් ඇති කරන එක නෙවෙයි. මොකද මේ හැමතැනම සාක්ෂි තියෙන්න හැකියාව තියෙනවා. අඩි සටහන්.. ඇගිලි සලකුණු .. ඉතින් මීඩියා එකෙන් හැසිරෙන විදිහට ඒවා විනාශ වෙලා යන්න ගත වෙන්නෙ තප්පර කිහිපයක් විතරයි. ජීප් එක දුටු වහාම සියල්ලන්ම CID නිලධාරීන්ව වට කරගත්තෙ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් ඔවුන් ඉදිරියෙ දිග හරිමින්.
YOU ARE READING
ᑕIᗪ ❙Onhold❙
Fiksi Penggemarයාහ්... ඔය අසමජ්ජාති හිනාව විතරක් මට පේන්නන්න එපා... මතක තියාගන්නවා තමුන් තාම CID එකේ ට්‍රේනින් වෙන පොඩි කොල්ලෙක්... -JK- හැහ්.. මහ ලොක්කා.. මොකටද දන්නෑ මාව කිස් කරන්න හැදුවෙ.. මමද ඇගේ හැප්පුනෙ.. හැහ්.. කියලා වැඩක් නෑ.. කට ගලේ...