CHAPTER 05

980 181 57
                                    

@Jimin's Office room

" ම්ම්.. ටන්ටන් ටාන් ටින් ටීන්.. "

මේසෙට තට්ටුවක් දාන ගමන් සිවුරුහන්බාපු ජිමින් වෙලාව බැලුවා. වෙලාව හවස 6 : 30 යි.. අද තමන්ට ගෙදර යන්න ඉඩක් ලැබෙන්නෙ නෑ කියලා දැන දැනත් මොකක්දෝ හේතුවකට ජිමින්ට වෙලාම බැලෙනවා. කම්ප්ලීට් කරලා තිබ්බ ෆයිල් ටික දැක්කම ජිමින්ට දැනුනෙ සැනසීමක්. ඒත් ඒක කෙටි කාලීන දැනසීමක් විතරයි කියලා ජිමින් දන්නවා. හෙට අලුත් දවසක්. ඉතින් සුපුරුදු විදිහටම තවත් ෆයිල් ගොන්නක් හෙටත් ජිමින්ව බලාපොරොත්තුවෙන් මෙතන ඉදීවි කියලා ජිමින් විශ්වාස කරනවා. මේ දවස් ටිකේම  නින්දක් නැතුව වෙහෙස උණු හින්දම ඉඩක් ලැබෙන හැම වෙලාවකම ජිමින්ගෙ ඇස් දෙක හෙව්වෙ විවේකයක්.. සැනසීමක්..

     ඒ ඇස් ජිමින්ටත් නොදැනිව පියවුනු වාර ගණන අනන්ත ඇති. පෙනුමෙන් හිනාවෙලා හිටියත් ඒ බොලද හිත අස්සෙ තෙරපෙන හැගීම් ගැන කියන්න දන්නෙ ජිමින් විතරයි. හැගීම් පිටට පෙන්නන මිනිස්සු අතරෙ හැගීම් හංගන.. නොපෙන්නන මිනිස්සු විදවනවා වැඩියි. කොච්චර විදෙව්වත් එක තප්පරේකින් තවත් කෙනෙක්ගෙ මුණට හිනාවක් ගේන්න එයාලා දන්නවා. හරියට ජිමින් වගේ.. දාඩියට ඇලිලා තිබ්බ කොණ්ඩෙ අතින් අවුල්කරපු ජිමින් ගිහින් හිට ගත්තෙ ෆෑන් එක ඉස්සරහින්. ෆෑන් එක ඉස්සරහ ඉදගෙන කෑ ගැහුවම ඒකෙන් ඇහෙන්නෙ අමුතු සද්දයක් කියලා ජිමින් හොදටම දන්නවා.ජිමින්ට හිනාවක් ගියෙ එයාගෙ පොඩි කාලෙ මතක් වෙලා. ඒ කාලෙ හරි සුන්දරයි... ජිමින්ට හිතුනෙ එහෙම.

" ක්‍රීන් " හඩින් කෑගසමින් දොරපලු දෙක විවෘත වෙද්දි ජිමින්ගෙ අවධානය යොමු උණේ ඒ පැත්තට. වෙන කවුරුවත් නෙවෙයි ඒ ජන්කුක්. ඔහු තාමත් නිලඇදුමින් සැරසී නොසිටීම ගැන ජිමින් හිටියෙ පුදුමයෙන්. මන්දයත් ජිමින් දන්නවා ජන්කුක් හවස හය වෙද්දිත් ඉන්නෙ නිලඇදුමෙන්මයි කියලා. නිල ඇදුමෙන් නොසිටියත් රාත්‍රිය පුරාම ජන්කුඔ කලේ අලුත් කේස් එක ගැන කල්පනා කරපු එකමයි..ව්මහත් හිසරදයක් උනත් භාරගත්තු කටයුත්තක් මගහරින්න ජන්කුක් කෙසේවත් සූදානම් නෑ.

" ජිමින් ඔයා මොකක් හරි වැඩකද ඉන්නේ "

ෆෑන් එක ඉස්සරහ හිටගෙන ඉන්න ජිමින්ගෙනුයි ජන්කුක් ඇහුවෙ. තමත් කල්පනා ලෝකයක සැරිසරමින් ඉන්න ජිමින්ව පියවි ලෝකයට ඇදලා ගන්න ඒ වචන ප්‍රමාණවත්.

ᑕIᗪ ❙Onhold❙Where stories live. Discover now