CHAPTER 03

1K 207 179
                                    

යන අතරමග සිගැරැට්ටුවක් දල්වාගත් ටේ තමන්ගෙ වේගෙන් ජන්කුක්ගෙ ඔෆිස් රූම් එක වෙත ගියෙ දෙගිඩියාවෙන්.. ඒ රූපය ඉදිරියේ නොසන්සුන් වෙන තමන්ගෙ සිතටම තරවටු කරගත්ත ටේ දුම් වලාවක් පිට කලේ ජන්කුක්ගෙ ඔෆිස් රූම් එකේ දොර ඉස්සරහ ඉදගෙන. තමන්ගෙ හිත තමන්ට මහ හයියෙන් හිනාවෙනවා ටේට ඇහෙනවා නෑහෙනවා වගේ..

" එක්ස්කියුස් මී සර් "

කියන්න කට ඇරලත් ටේ දොර ඇරගෙන අනවසරයෙන්ම ජන්කුක්ගෙ රූම් එකට ගියෙ තමන්ගෙ හිතුවක්කාරකම පෙන්නන්න වගේ.. නිල ඇදුමෙ බොත්තම් දෙකක් ගලවලා දෑස් පියාගෙන පුටුවර බර වෙලා සිටි ජන්කුක්ව දැක්කම ටේගෙ හිත ගැස්සුනේ නෑ කියලා කිව්වොත් බොරුවක්. විදුලි පංකාව නොනවත්වාම ක්‍රියාත්මක වෙමින් තිබුණත් ජන්කුක්ගෙ කම්මුලක ඉදන් රූටලා ආපු දාඩිය බිංදුවක් බෙල්ල දිගේ රූටලා ගොස් පපුව දිගේ ගිහින් කමිසය අතර හැංගුනෙ ටේ අපහසුවෙන් වෙනතක් බලා ගනිද්දි...

ඒ ඇස් පුදුම තරම් කලබල වෙලා..  තමන්ට හොරා පිබිදෙන හැගුම් ටේව උපරිමේටම අසරණ කරලයි තිබුණෙ. උගුර පාදන්න කිහිපවරක් උත්සහ කරලත් හඩ පිටවෙන්නෙ නැති වෙද්දි ටේගෙ නහර ඉලිප්පුනෙ ඉබේටමයි .

" ඔච්චර දගලන්න ඕන නෑ මට කතා කරන්න.. "

ජන්කුක්ගෙ හඩට ටේ කලබලයෙන් බැලුවෙ ජන්කුක් දිහා. මූණට වැටිලා තිබ්බ කොණ්ඩෙ එහාට කරපු ජන්කුක් පුටුවෙන් නැගිටලා ඇවිත් ටේගෙ ඉදිරියට ඇවිත් මේසෙට බර උනෙ ටේ අපහසුවෙන් අහක බලා ගනිද්දි .

" මෙහෙ බලනවා.. කෝ දැන් තමුන්ගෙ අර අසමජ්ජාති හිනාව.. "

ජන්කුක් කට කොනින් හිනා වීගෙන කියද්දි ටේ නැවත් වරක් බැලුවෙ ජන්කුක්ගෙ ඇස් දිහා.. ජන්කුක්ගෙ ඇස් අස්සෙ කාටවත් නොකියපු කතාවක් හැංගිලා තියලයි ටේට හිතුනෙ.. මේ ඇවිලෙන සීතල යුද්දය නවත්තන්න කාටවත් ඕන කමක් නැති පාටයි..

ජන්කුක් ඉස්සරහට අඩියක් තියලා ටේට ලං උනෙ ටේ එයාගෙ අඩවන් ඇස් වලින් ජන්කුක් දිහා නොවෙනස්ව බලාගෙන ඉදිද්දි.. ටේගෙ මූණ අසලටම ලං උනු ජන්කුක් ඒ නිකලැල් මූණ දිහා බලන් හිටියෙ කට කොනින් හිනා වීගෙන. සාක්කු දෙක අතර හොවා ගෙන සිටින ටේගෙ ඇගිලි මිටමෙලවුණෙ මේ දැනෙන  හැගීම් හරි අපූරුවට දරාගන්න ගමන්. කිසිම හැගීමක් නොපෙන්න ටේගෙ මූණෙන් නොව ජන්කුක් හැගීම් කියෙව්වෙ... ටේගෙ ඒ කතාකරන ඇස් වලින්...

ᑕIᗪ ❙Onhold❙Where stories live. Discover now