CHAPTER 04

1K 194 101
                                    

@jungkook' office room

" තමුසෙ කියන්නෙ මේකට ඉහළින් ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැතිවෙයි කියලද ජන්කුක්... "

ජන්කුක්ගෙ ලොක්කා එහෙමත් නැත්තම් හෙඩ් මේසෙට අතින් ගහන ගමන් කෑගැහුවෙ ජන්කුක්ට.. හෙඩ් එහෙමත් නැතිනම් හේසන් අවුරුදු 35 - 40 ත් අතර මැදි වයසෙ පුද්ගලයෙක්. නාහෙට නාහන ජන්කුක් හා හේසන් අතර ඇවිලෙන මේ ගින්න අද ඊයෙක පත්තු උනු එකක් නම් නෙවෙයි.

" ඉතින් මට කියන්නෙ මිනිස්සු එකා දෙන්නා මැරෙනකම් බලන් ඉන්න කියලද. "

ජන්කුක් කිව්වෙ එක එල්ලේ හේසන් දිහා බලාගෙන. " සර් " කියන ගරුත්වය ජන්කුක් හේසන්ට නොදුන්නෙ ඇයි කියන එක හේසන්ට නොතේරෙන්නට ඇති. එම ගරුත්වය දෙන්න අමතක කලාද නැත්තම් අමතක උනාද කියන එක දන්නෙ ජන්කුක්ම තමයි.

" ඒකද මිනිහො මන් දැන් කිව්වෙ.. මාස හයකින් දෙන්න තියෙන ට්‍රේනින් එක මාස එකහමාරෙන් දීලා මේ තෝරගත්තු විසිදෙනාව මරාගන්නද ඕන... හිතල බලනවා උන්ට මේක දරාගන්න පුලුවන්ද කියලා.. "

හේසන් ලිය කියවිලි පුරවලා තිබ්බ ෆයිල් එකෙන් ජන්කුක්ගෙ මූණට දමලා ගැහුවෙ ඒ ප්‍රතාපවත් සිරුරෙ ඉරියව් නොවෙනස්වම තියෙද්දි. තමන් වටේ ඉගිල්ලෙන ලිපි ගොනු  දිහා අවධානය යොමු කරන්න මදකුදුත් කාලය වැය නොකරපු ජන්කුක් මේසෙට අත්දෙක තියලා බර උනේ හේසන්ගෙ මූණට..

" මෙතනට එන ඕන එකෙක්ට හැමදේකටම ඔරොත්තු දෙන්න පුලුවන් වෙන්න ඕන මිස්ටර් හේසන්.. මෙතනට එන්නෙ සීනිබෝල නෙවෙයි. යකඩ කෑලි.. යකඩ කෑලි කඩදාසියෙන් පිරිමැද්දට වැඩක් නෑනෙ නේද..අනිත් එක මේ කේස් එකේ වගකීම භාරගත්තෙ මම.. මේ වෙලාවෙ ගන්න තිබ්බ හොදම ක්‍රියාමාර්ගය තමයි මන් මේ ගත්තෙ. ඕන එකෙක්ට ඕන මගුලක් කරලා බලන්න කියන්න. අනිත් එක මිස්ටර් හේසන් ජිමින් මේ ෆයිල්ස් ටික කම්ප්ලීට් කරන්න ගොඩක් මහන්සි උනා.. ඒ ටික පිලිවෙලට හැදුවොත් ඔයාගෙ තත්වෙට හොද වෙයි.... "

සෙමින් නමුත් දැඩි හඩකින් වචන එකින් එක කියපු ජන්කුක් හේසන්ට හෙලුවෙ අසමජ්ජාති බැල්මක් . කිසිම තෙතමනයක් නැති වචන හේසන්ව දංවැල් දාලා හිර කරගෙනයි ඉන්නෙ කියලයි හේසන්ට හිතුනෙ.. කේන්තිය ඔලුවට උඩිනුත් ගිහින් තිබුනත් හේසන්ට කරන්නයි කියලාත් කිසම දෙයක් ඉතුරුවෙලා නෑ. මන්දයත් මේ වෙනකොටත් ජන්කුක් දොර පලු දෙක විවෘත කරගෙන කාමරයෙන් පිටවගොස් අවසානයි. අතමිටමොලවලා මේසෙට පහරක් ගැහුව හේසන් " ඇහිදලා අරන් උඩින් තියන්නයැයි " යන බැල්මෙන් තමා දෙස බලාසිටින කොලවලට හෙලුවෙ දවා අලු කරන බැල්මක්.

ᑕIᗪ ❙Onhold❙Where stories live. Discover now