වේගෙන් එහා මෙහා දුව දුව පැය කාලක් ඇතුලත මීටින් එක රෙඩී කරන්න ජිමින් මහන්සි වෙනවා අනිත් අයට පෙනුනෙ පස්ස කැඩිච්ච කඩියෙක් ගානට. වෙලාවට වැඩ කරන ජන්කුක්ගෙන් මැරුම් කන්න බැරි කමටම ජිමින් එක තප්පරයක් නාස්ති වෙන්න දුන්නෙ නෑ. ඩිටෙක්ටිව් රෑන්කින්ස් වල ඉන්න අයගෙ ඉදන් ට්‍රේනින් ස්පෙෂලිස්ට්ලා වෙනකන් ඉන්න හැමෝටම මීටින් එක දැනුම් දෙන්නම ජිමින්ට විනාඩි අටයි තප්පර විසිදෙකක් ගියා.. ඔරලෝසුවෙ කට්ට දිහා තප්පර දෙකක් විතර විතර බලාගෙන හිටපු ජිමින් " අද නම් ඉවරයි " කියලා සුසුමක් හෙලුවෙ ලැබෙන ඕනම දඩුවමක් භාර ගන්න තමන්ගෙ සුකොමල හිත හදාගන්න ගමන්.ඩිටෙක්ටිව් රෑන්කින්වල ඉහලින්ම ඉන්න DSI ට , DSU ට , DSI ට මීටින් එක ගැන දැනුම් දෙන්නම ජිමින්ට විනාඩි හතයි තප්පර තිස්තුනක් ගියා. මොකද එයාලා අහන හරස් ප්‍රශ්න කෝටියටම එකක් නෑර උත්තර දෙන්න ජිමින්ට සිද්ධ උනා. කනට දෙකක් ගහලා මීටින් එකට ඇදගෙන යන්න ජිමින්ට බැරි නිසාම ජිමින් තමන්ගෙ වාචාල කටට ඉබ්බෙක් දාගෙනමයි හිටියෙ. ජිමින් මීටින් රූම් එකට යන කොටත් ජන්කුක් ප්‍රධාන පුටුවෙ වාඩි වෙලා කකුලක් පිට කකුලක් දාගෙන වෙලාව බලන ගමන් හිටියෙ. මීටින් රූම් එක අල්පෙනෙත්තක් වැටුණත් ඇහෙන තරමට නිශ්ශබ්ද වෙලා.. කතා කරලා හොදට තියෙන අතපය වගේම මහන්සි වෙලා ලාබාගත්ත රැකියාවට " බායි " කියන්න කාටවත් වුවමනා උනේ නෑ. කලබලේට රූම් එකේ දොර ගලෝගෙන වගේ ආපු ජිමින්ව හැමෝගෙම අවධානයට ලක් වෙන්න ගියෙ තප්පර ගානක්.
- " හොදයී.... තප්පර පනස් හයක් ප්‍රමාදයි තමුන්. ලැබෙන ඕනම දඩුවමක් භාරගන්න සූදානම්ද... "
ඇසිපිය වේගෙන් ගහන ගමන් තමන් දිහා බලන් ඉන්න ජිමින්ගෙන් ජන්කුක් ඇහුවෙ ජිමින් අකමැත්තෙන් උනත් හිසසලද්දි. තමන් ලග තියෙන අසමජ්ජාති හිනා වලින් එකක් ජිමින්ට පෙන්නපු ජන්කුක් පුටුවට බර දීලා හේත්තු උනා.
-" ගුඩ්.. අද හවසට තමුන්ගෙ ටී ටයිම් එක මන් අයින් කරනවා.. ඒ වෙලාවට තමුන් ඉතුරුවෙලා තියෙන ෆයිල්ස් ටික කම්ප්ලීට් කරන්න ඕන... "
අපහසුවෙන් උනත් හිස සලලා එකග උන ජිමින් තමන්ට හිමි අසුනෙන් වාඩි උනා. කේන්තියටම ජිමින්ගෙ මූණ රතුවෙලා.. පුපුරලා යන්න ඔන්න මෙන්න වගේ. ඒට්ග් ජන්කුක්ට ඉහලින් ශබ්දයක්වත් නගන්න කාටවත් හැකියාවක් තිබ්බෙ නෑ. ජන්කුක්ට අනුව CID වරයෙක්ට වටිනම දේ තමයි කාලය. ඉතින් තප්පරයක්වත් නාස්ති නොකරන්න හැම කෙනෙක්ම වගබලා ගත්තා. හැමෝගෙන්ම පිටවුනේ දුක්බර හඩක්. මොකද මෙතන ඉන්න හැමෝටම ටීටයිම් එක කියන්නෙ ඔලුවෙ තියෙන බර පැත්තකින් තියලා ටිකක් නිදහස් වෙන වෙලාවක්. ඒක අහිමි වෙනවා කියන්නෙම දෙන්න පුලුවන් උපරිම දඩුවමක්.
YOU ARE READING
ᑕIᗪ ❙Onhold❙
Fanfikceයාහ්... ඔය අසමජ්ජාති හිනාව විතරක් මට පේන්නන්න එපා... මතක තියාගන්නවා තමුන් තාම CID එකේ ට්‍රේනින් වෙන පොඩි කොල්ලෙක්... -JK- හැහ්.. මහ ලොක්කා.. මොකටද දන්නෑ මාව කිස් කරන්න හැදුවෙ.. මමද ඇගේ හැප්පුනෙ.. හැහ්.. කියලා වැඩක් නෑ.. කට ගලේ...