" Meeting එක ready කරන්න ඕන 8 : 45 වෙද්දි.. සේරම තිතට තියෙන්න ඕන. "
ෆයිල්ස් වගයකට සයින් කරන ගමන් ජිමින් මේ කියවන්නේ DSI වරයාගේ මුහුණ දෙසවත් නොබලා.... මෙවර තමන්ගෙ ටී ටයිම් එක අහිමි කරගන්න ඔහු කොහෙත්ම සූදානම් නෑ..
" හරි ජිමින්.. සර්ට කියන්න.. මට බෑ ඔය මිනිහව හම්බෙන්න යන්න. මොකක් හරි වැරැද්දක් අල්ලගෙන කෑගහනවා.. කොල්ලෙක්ගෙ ඒ තරම් විනයක්.. "
DSI වරයා කියන දේවල් අහගෙන ඉන්න තරම් සිහියක් ජිමින්ට තිබ්බෙ නෑ. කට කොනින් සිනාසුණු ජිමින් ....
" ඕක සර්ටම කියලා බලන්න.. කොල්ලෙක්ද නැත්තම් වෙන මොකෙක්ද කියලා ඇස් දෙකෙන්ම බලා ගන්න පුලුවන්ල් වෙයි.. "
ජිමින්ගෙ කතාව තේරුම් ගන්නම DSI වරයාට තප්පර කිහිපයක් ගියා.
" ඔව් එයාට බැරි කමකුත් නෑ.. "
කට කොනින් සිනාසුණු DSI වරයා ජිමින්ගෙ ඔෆිස් රූම් එකෙන් එලියට ගියෙ ජිමින් මහ හඩින් සිනා සෙද්දි.. ජිමින්ගෙ මේ කොලුකාරකම.. අමන කතා.. මෙතන ඉන්න හැමෝටම හොදය පුරුදුයි.. ඒ කට කැඩිච්ච කතාවට තවත් එකක් කියලා සිනාසීම ත්ද්මයි ඔවුන් කරන්නෙත්. ෆයිල්ස් ටික සයින් කරපු ජිමින් සැනසුම් සුසුමක් හෙලුවා. සේරම ටික කම්ප්ලීට්..
ෆයිල්ස් ටික එකමත එක පිලිවෙලට තබපු ජිමින් ඊලගට අවධානය දුන්නෙ තමන්ගෙ නිළ ඇදුමට. තෘප්තිමත් ආකාරයට සිනාසුනු ඔහු තම සපත්තු යුගලය දෙසටත් අතෙහි පැලද සිටි ඔරලෝසුව වෙතටත් පිලිවෙලින් අවධානය යොමු කලා. ෆයිල්ස් ගොන්න තම දෑතට ගත් ජිමින් මහත් පරිශ්‍රමයකින් දොරත් විවෘත කරගෙන මේ යන්නෙ ජන්කුක්ගෙ ඔෆිස් රූම් එකට...
────────────────────────
@jungkook's office room
───
ජන්කුක්ගෙන් ලද අවසරයත් සමග ඔෆිස් රූම් එකට ඇතුලු වුණු ජිමින් මෙවර නොපැකිලව ගොස් ෆයිල්ස් ටික මේසෙ උඩින් තිබ්බෙ ජන්කුක් වෙත කෝලම් සිනහවක් පාමින්..
" ගුඩ් මෝනින් සර්.. "
කටපුරා සිනාසී ජන්කුක්ට සුභ පැතුවත් ජන්කුක් කටකොනින් සිනාසුණා විතරයි. ඉතින් එයින් ජිමින්ට සෑහීමකට පත්වෙන්න සිදුවුණා.
YOU ARE READING
ᑕIᗪ ❙Onhold❙
Fanfictionයාහ්... ඔය අසමජ්ජාති හිනාව විතරක් මට පේන්නන්න එපා... මතක තියාගන්නවා තමුන් තාම CID එකේ ට්‍රේනින් වෙන පොඩි කොල්ලෙක්... -JK- හැහ්.. මහ ලොක්කා.. මොකටද දන්නෑ මාව කිස් කරන්න හැදුවෙ.. මමද ඇගේ හැප්පුනෙ.. හැහ්.. කියලා වැඩක් නෑ.. කට ගලේ...