~ Meanwhile Chloe ~
CL - තමුන්ල අර කෙල්ලව කොහොමහරි වැඩි කල් නොගිහින් මගෙ ඉස්සරහට අරන් එන්න ඕනේ.. ඒ කෙල්ලට ජීවත් වෙන්න දෙන්න බෑ.. ටේහ්‍යුන්ට වෙන කෙල්ලෙක්ට ළං වෙන්න දෙන්න කොහොමත් බෑ.. තමුන්ලට තේරෙනවනේ මං කියන දේ....
තමන්ගෙ වටේ හිටිය මිනිස්සුන්ට කෑ ගගහ හිටපු ක්ලෝයි ඒ එක මනුස්සයෙක්ගෙ කනට කරල දෙයක් කිව්වා..
~ Taehyung's POV ~
ක්ලෝයි කියපු දේවල් එක්ක මට මින්සුගෙ ජීවිතේ ගැන ඇති වුණේ ලොකු බයක්.. මට තව කෙනෙක්ගෙ ජීවිතේ අමාරුවේ දාන්න බෑ.. ක්ලෝයි මින්සු ගැන අනිවාර්යයෙන්ම හොයා ගනියි..
මේ හැමදේ ගැනම හිත හිත මං මින්සුගේ cabin එකට ගියා.. මං යද්දි එයා හිටියේ call එකක.. මාව දැක්ක ගමන් එයා පස්සෙ ගන්නම් කියල call එක cut කළා..
KTH - Minsoo..ඔයා මේ office එකෙන් අයින් වෙලා ගියොත් හොඳයි..මං මේ කියන්නේ..
KMS - Sir..sir..මං කරපු වැරදි ආයි කරන්නැහැ .. මං මෙහෙ වැඩ කරන්න කැමතියි.. අනේ sir please..🥺
මින්සු මං කියන දේ තේරුම් අරන් තියෙන්නේ වැරදියට කියල මට තේරුණා..
KTH - නැහැ මින්සූ මං මේ කියන්නේ.. ඔයා ජීවිතේට තර්ජනයක් තියෙනවා.. මට බෑ තව කෙනෙක්ගෙ ජීවිතේ අමාරුවේ දාන්න..
KMS - 🙄🤨
මං මින්සුගේ ඉස්සරහින් වාඩිවෙන ගමන් කිව්වා.. එයා ප්‍රශ්නාර්ථ මූනකින් මං දිහා බලාගෙන හිටියා..
KTH - මින්සු මේකයි ප්‍රශ්නේ.. ඔයාට මං ක්ලෝයි ගැන විස්තර කිව්වා නේද.. කලින් මෙහෙ agent boysල දෙන්නෙක් හිටියා කියලත් මං කිව්වානෙ..ඒ දෙන්නාගෙන් එක්කෙනෙක් මැරුණා.. එයාව මැරුවේ ක්ලෝයි.. අනික් කෙනා.. එයාට එයාගෙ අතක් නැතිවුණා.. ම්ම්.. ක්ලෝයි නිසා...මින්සු මට බෑ ඔයාවත් අනතුරේ දාන්න..
KMS - Sir, ඒක ප්‍රශ්නයක් නෙවෙයි sir...මං මෙහෙ වැඩ කරන්න කැමතියි.. මං මෙහෙ දිගටම ඉන්නම්.. Sir ඒක ගැන බය වෙන්න එපා..😊
YOU ARE READING
Untold ∫ove..❣️ | KTH | On Hold
Fanfictionආ-ද-ර-ය කෙනෙක්ට නිකන්ම අකුරු හතරක් වුණත්, තවක් කෙනෙක්ට මහමෙරක්... ආ-ද-ර-ය මේ ලෝකෙ තියෙන ප්රබලම.. ඒ වගේම, දරාගන්න අමාරුම හැඟීම.. ආ-ද-ර-යට කෙනෙක්ගෙ හිතක් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුලුවන්.. ආ-ද-ර-ය වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුලුවන්.. මරන්නත් පුලුවන්...