සුරතලුන් පිළිබඳ මතක අවුස්සමින් ආදරෙන් ලියමි,මා පළමු වරට මගේයැයි කියා මිතුරෙකුට තබාගත්තේ පූසෙක්ය. ඔහු නමින් ගාෆිල්ඩ් නම් වූයේය. සුන්දර මටසිළුටු ආඩම්බරකාරයෙකු වූ ගාෆිල්ඩ් මට වයස පහළොවේදී මාගේ හොඳම සගයා විය.ඔහු ඇත්තෙන්ම ආඩම්බරකාරයෙකු වූයෙ අන් අයට පමණි, මගේ හැඬුමක් ඇසුණු විගස ඔහු මගේ ලගින් හෙල්ලෙන්නේ නැත. එමෙන්ම ඔහු හොඳ මොඩ්ල් කෙනෙක්ද වීය... " ගාෆිල්ඩ් ෆොටෝ එකක් ගමුදැ"යි ඇසූ විගස ඔහු ඔහුගේ ආඩම්බර විලාසයෙන් පස්ස වනමින් මා ගාවට පැමිණෙයි.
ගාෆිල්ඩ් වූවාට ඔහුට තිබුනේ නර්මෝගේ පෙනුමය. එයට සෑම දෙනාම සිනහවූ හැටි මට අදටද මතක් වේ. නමුදු ඔහු මගේ ගාෆීල්ඩ්ය මට ඒ නම හොඳය. ගාෆීල්ඩ් මගේ මල්ලීට කැමතිම නැත. නමුදු මගේ මල්ලීගෙ පණ වූයේ ඔහුය. ඉඳින් වසර කීපයකට පෙර ගාෆිල්ඩ් නැතිවූ සමයේ මටද වඩා එය ඔලුවට ගැසුවේ මල්ලීටය. ඉඳින් අම්මා නැවත සතුන් ඇතිදැඩි කිරීම මට තහනම් කර දැමුවාය. මටද ගාෆිල්ඩ්ගෙ වියෝවෙන් පසු නැවත සගයෙකු සාදාගැනීමට හිත එකඟ කරගත නොහැකි වීය.
ඉන් බොහෝ කලකට පසුව මගේ අවශ්‍යතාවයක් සඳහා මා කඩයට ගොස් එනවිට කපුටු ප්‍රහාරයකට අසුවූ ගිරා පැටියෙක් මට හමුවිය.පණ අදිමින් පිහාටුද තැනින් තැන නොමැතිව සිටි කුඩා රෝස බෝලය මගේ හද කම්පා කලේය. සතුන් සාදන්නෙ නැති බවට පරසක්වල ගැසූ මාගේ සිත වෙනස් කිරීමට ඒ ගිරා පැටවාට හැකිවිය. ගෙදර ඇනුම් බැනුම් හම්බුවේ මා ඔහුට ෆිලික්ස් යන නම තමා ඇති දැඩි කිරීමට පටන් ගත්තේ අනාගතය නොදැකය.
YOU ARE READING
බෝල්පොයින්ට් සිතුවිලි
Randomආදරයෙන් ලියමි....🖋️ සත්ය සිදුවීම් ඇසුරෙන් මා ලද අත්දැකීම් මෙලෙස ආදරයෙන් අකුරු කිරීමට පටන් ගත්තෙමි... මගේ සිතුවිලි ඔබට වඩා වෙනස් වීමට ඇති ඉඩකඩ වැඩිය, එහෙයින් මා සමඟ සම්පූර්ණයෙන්ම තර්ක කිරීමේ අයිතිය ඔබට ඇත. ඔබේ අත්දැකීම් කමෙන්ට්ස් මගින්ද ඉන්බොක්ස්...