මම..මට දකින දකින හැමදේකම ප්‍රශ්නයක් තියෙන කෙනෙක්..ඒකට හෙතුව උනේ මේ සමාජේ ..මොකද අපි ඉපදුන දවසේ ඉදන් අපිට වඩා අපේ ගැන හොයන්නේ මේ සමාජේ...පොඩි කලේ ඉදන් මම නිල් පාටට කැමති උනාම කෙල්ලෙක් කැමති වෙන්න ඔනේ රොස පාටටලු..ශෝටක් ගහලා T shirt එකක් ඇන්දම ගැනු ලමයි අදින්න ඔනේ ගව්ම්ලු..හයියෙන් හිනා උනොත් වාචාල කමලු..සාමාජේට ඔනා විදියට ඉන්න එක හැදියාව වෙද්දී මට ඔන විදියට ඉන්න එක නැහැදිච්ච කම උනා.. අපි ඉපදුනේ අපේ උවමනාවකට නෙවෙයිනේ ඉතින් ඇයි අපි ජිවත් වෙන එකවත් අපිට ඔන විදියට ඉන්න බැරි ...කාගෙන් හරි ඇහුවොත් කොහොමද ජිවිතේ කියලා හැමොම කියන්නේ එපා වෙලා ඉන්නේ බන් කියලා...කව්රුත් කියන්නේ නැ හොදින් බන් කියලා..මිනිස්සු හැමෝටම ප්‍රශ්න එත් එයාලා කියන්නේ ඒ හැමදේම දෛවය කියලා..එකද ඇත්ත නැත්තම් එක එකාට ඔන විදියට ඉදලා නැට්ට පාග ගත්තම කොහෙවත් නැති දෛවයක් ගාව ගන්න එකද....
ලොකේට ඔන Subject ගානක් පස්සේ දුව දුව රට වෙනස් කරන්න කතා වෙන සාමජේක හැමෝම මටනම් කියන්නේ Selfish කෙල්ලේක් කියලා..ඔව් මම Selfish කෙල්ලේක් මට ඔනේ නැ එක එකාට ඔන විදියට ඉන්න..තනිකම පට්ට ගගා වැලලෙන ගොඩක් අය තනිකම මොකක්ද කියලා වත් හරියට දන්නෙ නැ..එකයි ඇත්ත..කියන තරම් තනිකම ලස්සන නැ..එක මහා මූසල හැගීමක් කැදව බිව්වද කියලා අහන් ලග හිටිය අය වරු ගනන් කියෝපු අය දැක්කේ නැ වගේ යද්දී දැනෙන හැගීම පට්ට නැ මටනම්...
පොඩි කලේ මෙහෙම හිටිය මට මගේ Black and White ලොකේ Colour කලේ මගේ යාලුවා හොදම යාලුවා මට මේ පොතේ ලින්ක් එක දැම්මාත් එයා මට මම විදියට ඉන්න පුලුවන් උනෙත් එය ගාව විතරයි පළවෙනි පාරට හිනා වෙන්න ඉගැන්නුවෙත් එයා මගේ දුකේදි මටත් වඩා දුක් උනා එයා...ඉතින් මට එයා යාලුවෙක් විතරක් වෙයිද...නැ ..නමක් නැති ලස්සන හැගීමක් මට දිපූ මගේ මූණට හිනාවක් ගෙනපූ..ඒ මුණේ හිනාවෙන් හැම දුකක්ම අමතක කරන්න පුලුවන් තරම් මට ලන් උනා ඔයා..මට යාලුවෙක් විතර්ක් නොවෙදිදී...අද ඔයා මන් ලග නැ..අද අපි පාරවල් දෙකක..ඉතින් මගේ ජිවිතේ බැදිම් විහිලුවක් උනා...ලග කව්රුත් නැ කියලා දැනෙද්දි..ඔයා හිටියා නම් කියලා හිතිලා ඇස් වලට කදුලූ එද්දී..මට මලක් වෙන්න ඔනේ උනේ නැ මට ඔනේ මල් පිපෙන ගහක් වෙන්න..හිනා වෙන්න පුරුදු කරපු ඔයාටම අද මෙහෙම කෙනෙක් හිටියා කියලා වත් මතකද නැද්ද දන්නේ නැ...
සමහර විට මේක ඔයා කියවයි...නැති වෙයි..ඉල්ලන්නම් එක දෙයක්..පුලුවන් නම් ලබන ආත්මේවත් නමක් නැති මගේ බැදීමට ඉඩක් දෙන්න... ඉතින් මේ Selfish කෙල්ලට තියෙන එකම ප්රශ්නය මේකයි ඇත්තටම බැදීමක් කියන්නේ මොකක්ද ???? 🙂~ බයිසෙක්සුවල් කෙල්ලෙකුගේ බෝල්පොයින්ට් සිතුවිලි~
YOU ARE READING
බෝල්පොයින්ට් සිතුවිලි
Randomආදරයෙන් ලියමි....🖋️ සත්‍ය සිදුවීම් ඇසුරෙන් මා ලද අත්දැකීම් මෙලෙස ආදරයෙන් අකුරු කිරීමට පටන් ගත්තෙමි... මගේ සිතුවිලි ඔබට වඩා වෙනස් වීමට ඇති ඉඩකඩ වැඩිය, එහෙයින් මා සමඟ සම්පූර්ණයෙන්ම තර්ක කිරීමේ අයිතිය ඔබට ඇත. ඔබේ අත්දැකීම් කමෙන්ට්ස් මගින්ද ඉන්බොක්ස්...