මම දන්නවා...මම තේරුම් ගත්තා,කවුරුත් මාව ගනන් ගන්නේ නෑ කියලා.කණ්ඩායමක් මැද්දේ තමන්ව නොදැක්ක ගානට හැසිරෙනකොට දැනෙන හැගීම මට දැනුනා...
පොඩි කාලේ යාලුවොත් එක්ක සෙල්ලම් කරන වෙලාවේ තමන්ට හොරෙන් රහස් කියනකොට දැනෙන හැගීම මට දැනුනාඅම්මා,තාත්තා උදේම වැඩට ගිහින් හවස් වෙලා ගෙදර එනකම් තනියම ගෙදරට වෙලා ඉන්නකොට දැනෙන තනිකම මට දැනුනා
හැමදේකින්ම තනිකම දැනෙන කොට ඉස්කෝලෙත් පෝලිමේ ජනේලේ අයිනේ ඩෙස් එකට වෙලා තනියම ඉන්න පුරුදු වුනා...
හැබැයි අනිත් අය ආදරෙන් බැදෙනකොට තනියම ඉන්න මම පොත් එක්ක බැදුනා
මම අදින විදිහවත් මගේ පෙනුම ගැනවත් මම කවුද කියලවත් එයාලට වැදගත් වුනේ නෑ.එයාලා මට නිදහස දුන්නා එයාලගේ ලෝකේ සැරිසරන්න.එයාලා මාව සතුටු කරා.එයාලා හිනා වෙනකොට මමත් හිනා වුනා.එයාලා අඩන වෙලාවට මමත් එයාලා එක්ක ඇඩුවා.අපි හැගීම් බෙදා ගත්තා.හැමදේම සතුටින් අවසන් වෙනන් ඉඩ දුන්නා.
පියාඹන් කොස්සක නැගලා පියාඹන්න,මුහුද කොල්ලකාරයෙක් වගේ මුහුද යන්න,රාක්ශයෝ එක්ක සටන් කරන්න,අන්තයක් නැති වංගගිරියක දුවන්න,සුපර් හීරෝ කෙනෙක් වෙන්න මට පුළුවන් වුනේ එයාලා නිසා.
කොහේ ගියත් ඉස්කෝලෙ ගියත් හැමදාම අනිවාර්යයෙන් පොතක් ගෙනියන තරමට මම ඇබ්බැහි වෙලා.මට තනිකමක් නෑ .මම තනියම නෙවෙයි කියලා දැන ගන්න මම කියවනව...
~ බයිසෙක්සුවල් කෙල්ලෙකුගේ බෝල්පොයින්ට් සිතුවිලි ~
YOU ARE READING
බෝල්පොයින්ට් සිතුවිලි
Randomආදරයෙන් ලියමි....🖋️ සත්ය සිදුවීම් ඇසුරෙන් මා ලද අත්දැකීම් මෙලෙස ආදරයෙන් අකුරු කිරීමට පටන් ගත්තෙමි... මගේ සිතුවිලි ඔබට වඩා වෙනස් වීමට ඇති ඉඩකඩ වැඩිය, එහෙයින් මා සමඟ සම්පූර්ණයෙන්ම තර්ක කිරීමේ අයිතිය ඔබට ඇත. ඔබේ අත්දැකීම් කමෙන්ට්ස් මගින්ද ඉන්බොක්ස්...