⚡ Chapter 5 ⚡

72 15 40
                                    

මම ඔහොම වැඩ ටික කරගෙන යද්දි හැමෝම දුවගෙන ඉස්සරහට ගියේ CEO ගෙ වාහනේ සද්දෙ ඇහිලා. මාත් දුවලා දුවලා ගියේ එයාලා එක්කමයි. එකපාට්ටම කාර් එකෙන් බැස්ස කෙනාව දැකලා මගේ කට ඉබේටම ඇරුනෙ උදේ පාන්දර හොද වචන දෙක තුනකුත් මගේ කටින් පිටවෙද්දි. වේ? මෙයා ද දෙය්යනේ මේකෙ CEO? කොහොමද එහෙම වෙන්නෙ ? 🙄

මගේ විතරක් නෙමේ මේ වෙද්දි එයාගෙත් කට ඇරිලා . Oh god please kill me . ටික වෙලාවකින් හැමෝම CEO ට ආචාර කරලා ගිහින් තමතමන්ගෙ වැඩ පටන් ගත්තෙ CEO , Mr. Jung එක්ක එයාගෙ රූම් එකට යද්දි . මාත් මගේ රූම් එකට ගියේ මගේ ඉතුරු වැඩටික ඉවර කරගන්න ඕනෙ නිසා. ටික වෙලාවකින් මැනේජර් ජන්ග් මන් ගාවට ආවෙ හරියට පණිවිඩයක් දෙන්න වගේ.

" මිස් මින්හි CEO ඔයාට එන්න කිව්වා. "

මේ මට ?

" ඔව් "

මම හෙමින් සැරේ CEO ගෙ රූම් එකට ගියේ මොනා කතාකරන්න ද කොහොම කතාකරන්න ද කියලා හිත හිත.

" අන්යොන්හසේයෝ යොන්දො " මම එහෙම කියලා එයාගෙ ඉස්සරහට ගියාම එයා devil mood එකක් දාගෙන මන් දිහා බැලුවෙ අලුවෙන බැල්මකින් .

" මිස් මින්හි මම ඔයාගෙ CEO "

ඇත්තටම මට එහෙම හිතෙන්නෙ නෑ. 🥲 මට තාමත් ඔයාව පේන්නෙ high school කාලෙ මගෙන් ගුටිකාලා හක්කෙ දතක් කඩාගත්ත යොන්දොවම තමා.

" යා......මිස් මින්හි 😑"

වේ?

" හොදට මතක තියාගන්නවා තමුන්ව ඕනෙ නම් මට මේ ජොබ් එකෙන් අයින් කරන්නත් පුලුවන් කියන එක "

" යා......ඔයත් මතක තියාගන්න ඔයා ගුටිකාපු එක මට ඕනෙනම් මුලු staff එකටම කියන්න පුලුවන් බව. " මම එහෙම කිව්වාමනම් මිනිහට දාඩියත් දැම්මද කොහෙද 🙂

" ගෙ....ගෙට් අව්ට් "

මම එතනින් ගිහින් ආයෙත් මගේ වැඩ පටන් ගත්තෙ යොන්දො ගෙ අතීතෙ මතක් වෙන ගමන්. ඕකා ඒ කාලෙ හෙන චණ්ඩියා කියලා හිතන් හිටියෙ . ඒ නිසා දවසක් මගෙන් ගුටි කාලා ඕකා හක්කෙ දතක් කඩාගත්තා. එදා ඉදන් ඕකා මට බයයි. අන්තිමට දැන් ඒකා මගේ CEO ත් වෙලා. 🥲

CEO කොල්ලා කියලා හිතපු අය මේ කොනට 👉👉👉👉👉👉👉👉👉👉

වැඩ ටික ඉවර වෙද්දි ටිකක් රෑ වුන නිසා CEO කාරයාට අර කතාව කියලා අසරණ කරලා එයා ලව්ව ගේ ලගට transport එක දාගන්න මට විනාඩි තුන හතරක් විතර ගියා. එයා එක්ක ගෙදර ගාවට ඇවිත් මම කාර් එකෙන් බැහැලා එයා දිහාවට හැරිලා ස්තුති කරන්න ගියත් එයා ඒ වෙද්දිත් ගිහින් ඉවරයි  😑💔

❤️💫 Live with me ❤️💫 [ Completed ✅]Where stories live. Discover now