⚡ Chapter 1 ⚡

175 17 34
                                    

ජීවිතය ඔය වචනෙ තේරුම හොයනවා කියන එක මට කවදාවත් කරන්න බෑ. විටෙක එය සරදමක්. විටෙක එය සතුටක්. මගේ ජීවිතේ හැමදාමත් සතුටක් විවේකයක් නැති සරදමක් . 😔

" යා.....මින්හි මොනාද කරන්නෙ ? මේ ඕඩර් එක ගිහින් දෙන්නෙ නැද්ද අර ටේබල් එකට. ?"

අහ් දේ මියන්හේ ඔන්නී මම කරන්නම්.

අදත් සුපුරුදු විදිහටම කැෆේ එකේ වැඩ කරන්නෙ විවේකයකින් තොරව. ජීවත් වෙන්න සල්ලි ඕනෙ නෑ කියන්නෙ කව්ද ? සල්ලි නැත්නම් කොහොමද මම මගේ වැඩ ටික කරගන්නෙ කොහොමද මම සූහොන්ග් ගෙ high school වැඩවලට උදව් කරන්නෙ?

"මින්හි මම යනවා මගේ වැඩ ටික ඉවරයි ඔයා යන්නෙ නැද්ද ? "

දේ තව ටිකකින් යනවා ඔන්නී 😊

" හ්ම්ම් එහෙනම් පරිස්සමින් කෙල්ලේ "

යාලුවන්ගෙන් තොර ජීවිතේට යාලුවෙක් උනේ ලෝරා ඔන්නි විතරයි . එයා පව්ලෙ කෙනෙක් වගේ හැමදාමත් මාත් එක්ක හිටියා . හැමදාමත් . අදත් සුපුරුදු වැඩටික ඉවර කරලා ගෙදර යන්න හදද්දි හුගක් හවස් උනා. දඩිබිඩියෙ apartment එකට රින්ග ගත්ත මම එහෙම්ම පුටුවෙ වාඩි උනේ මහන්සියටත් එක්ක. ඩින්ගකට ඇහැ පියවුන මගේ ඇස් ආයෙත් ඇරුනෙ ආපු කෝල් එක නිසා. සූහොන්ග්...........

යෙබුසයෝ සූහොන්ග් ......

" අක්කෙ මම යාලුවො එක්ක ගමනක් යනවා. මට 10 000 ක් ඕනෙ මගේ account එකට දාන්න. "

යා.....සූහොන්ග් ...මම සල්ලි ගස්වලින් කඩනවා කියලද හිතන් ඉන්නෙ අහ් මම කොහොමද ඔච්චර වියදම් කරන්නෙ ? ඔයාගෙ high school වැඩවලටයි මගේ වැඩවලටයි ඔක්කොටම වියදම් කරන්නෙ මම . පොඩ්ඩක් ....................

" යා.....අක්කෙ මම අව්රුදු දහනවයක ලමෙක්. මට බෑ යාලුවො ඉස්සරහා ලැජ්ජ වෙන්න.😑 අපි අනාථයි කියලා යාලුවො ඉස්සරහා අසරණ වෙන්න මට බෑ. " එහෙම කියන ගමන් සූහොන්ග් කෝල් එක කට් කලේ හැමදාම වගේ මාව අදත් අසරණ කරන ගමන්. ඔව් අපි අනාථයි. ඒත් අපිටත් කාලයක් තිබ්බා ඔම්මයි අප්පයි එක්ක සතුටින් හිටපු. එයාලා අපිව දාලා මේ ලෝකෙන් ගිය එකට අපිද වග කියන්න ඕනෙ......😔ඒක දෛවය . මම හැමදාමත් මගේ දෛවයට වෛර කරනවා. හැමදාමත්.

❤️💫 Live with me ❤️💫 [ Completed ✅]Where stories live. Discover now