" සරන්හේ ........❤️""මො...මොකක්ද මෙ..මෙයා අදත් වෙරි මතින්වත්ද ඉන්නෙ ? නැත්නම් මේක හීනයක් ද ? " ඔහොම හිත හිත ඉද්දි එකපාට්ට එයා මගේ තොල් වලට බරවුනේ මේක හීනයක් නෙමෙයි කියලා ඔප්පු කරන ගමන්. ඔව් මේක හීනයක් නෙමේ.
ටික වෙලාවකින් මගේ තොල් වලින් එයා අයින් උනේ මාව එයාගෙ පපුවට තුරුලු කරගන්න ගමන්.
ඇ..ඇයි මේ ?
" සරන්හේ මැනික "
" මම ඔයාට ආදරෙයි කිව්ව වෙලාවෙ ඔයා කිව්වනෙ එහෙම කරන්න එපා මොකද ඔයා මනුස්සයෙක් නෙමෙයි කියලා .........." මම එහෙම කිව්වෙ එයාගෙ පපුවෙන් ටිකක් දුරස් වෙන ගමන්.
" ඔයා හරි මැනික මිනිස්සුන්ට විතරක් නෙමේ ආදරේ ඇතිවෙන්නෙ . ඒක හැමෝටම පොදුයි. අවසන් වරට තව එකපාරක් ඔයාගෙ තොල් මගේ කරගන්න දෙන්න පුලුවන්ද ? "
"අවසන් වරට? 😕" මම එහෙම අහද්දිම එයා අයෙත් මගේ තොල් වලට බර වුනේ මගේ හිත තාමත් ඇතුලෙන් වෙව්ලද්දි.
" මම යනවා."
කො..කොහෙද ?
" මගේ ලෝකෙට "
යා.......දැන් ඔයා මට ආදරෙයි කියලා යන්නද හදන්නෙ ? 😑
" මතකද මැනික මම එදා ඇහුවා ඔයාට වරයක් හම්බ වුනොත් ඔයා මාවද සූහොන්ග් වද තෝරගන්නෙ කියලා. සහෝදරියක් හැටියට ඔයා ගොඩාරියක් නිවැරැදියි. ඔයා සූහොන්ග් ව තෝරගත්ත එක ගැන ඇත්තටම මම ආඩම්බර වෙනවා. ඔයාගෙ මල්ලිගෙ දෛවයට අනුව එයාට උරුම මරණය. ඒත් ඒ උරුම වෙච්ච මරණය මම මට උරුම කරගන්නවා. මම මැරෙන්නෙ නම් නෑ ඒත් මට මෙහෙ ඉන්න බෑ. මට යන්න වෙනවා. කලින් තේරුම් නොගත්තට සමාවෙන්න . ඇත්තටම මම ඔයාට ගොඩාක් ආදරෙයි. ❤️" එයා එහෙම කියද්දි මගේ ඇස් කදුලින් තෙත් උනේ නෑ කිව්වොත් ඒක බොරුවක් .
" ඔය ඉතින් මගේ කෙල්ලගෙ ඇස් වල කදුලු දකින්න මම කැමති නෑ. අනික අද වගේ දවසක අඩන සිරිතක් තියෙයි ද ? අද ඔයාගෙ birth day එක කියලා ඔයාටත් අමතක උනා නේද ? Happy birth day මැනික. මෙහෙ අය ඒ දවසට ගිෆ්ට් එකක් දෙන නිසා මාත් ඔයාට දෙන්න තීරණය කලා. ඒක ඔයාට තව ටිකකින් හම්බ වෙයි. මාව මතක් වෙන සැරයක් ගානෙ මේ නෙක්ලස් එක ඔයාට උදව් කරයි. ඒත් ඒක හැමදාම කරන්න එපා. ඔයා මටත් වඩා හොද කෙනෙක්ව ඔයාගෙ කරගන්න ඕනෙ. තේරුනාද ? 💝 නැවත හමුනොවුනත් හැමදාටම ඔයාට මම ආදරෙයි . සරන්හේ princess"
YOU ARE READING
❤️💫 Live with me ❤️💫 [ Completed ✅]
Fanficඑයා එක්ක ගතකරපු කාලෙ ඇත්තටම හීනයක් වගේ. ඒත් මට ආයෙත් ඒ කාලෙට යන්න බෑ. 😔ඇයි මිනිස්සුන්ට තෝරාගැනීම් කරන්න වෙන්නෙ ? ඒ දේ ඇයි එච්චර බයානක. සමහරවිට ඒක වෙන්න ඇති "ජීවිතේ" කියන්නෙ.