⚡ Chapter 8 ⚡

59 11 19
                                    

" ඔයා මට උත්තරයක් දෙන්න. ඔයාට එක වරමක් හම්බ වෙනවා. එක්කො මාව හැමදාටම මෙහෙ තියාගන්න පුලුවන් එහෙම නැත්නම් ඔයාගෙ මල්ලි සූහොන්ග් ව බේරගන්න පුලුවන් . හැබැයි දෙකෙන් එකයි පුලුවන් "

යා......මොනාද ඔයා මේ කියවන්නෙ?

" මට උත්තර දෙන්න "

යා.....මොනවා අහනවද මන් දා මේ වගේ වෙලාවක මම මගේ මල්ලිව තමා ඉල්ලන්නෙ .

" හ්ම්ම් "

ඇයි ඔයා එහෙම ඇහුවෙ ?

" නිකන් "

එයාට මොකක්ද ඒ වුනේ ? 😐 ඇයි එයාගෙ ඇසිරීම එච්චර වෙනස්? මම ඔහොම හිත හිත ඉදලා ගෙදරට ගියේ හිත තාමත් උදව් ඉල්ලලා කෑ ගහද්දි . මගේ තනිකම මකන්න ඉන්නෙ මම විතරයි .

" එහෙම නෑ මම ඉන්නවා " එකපාට්ට එහෙම කියාගෙන ආවෙ taehyung . අනේ මන්දා වෙලාවකට ඔයා මොනවගේ කෙනෙක් ද කියලා මට හිතාගන්න බෑ .

Taehyung pov

මන් මින්හිගෙ ගෙදරට ගියේ මට එයත් එක්ක ඉන්න ඕනෙ කරපු නිසා. මොකද මේක අපේ අවසන් හමුවීම වෙන්නත් පුලුවන් . ඒ නිසා මට ඕනෙ මේ වෙලාව ඔයා එක්ක විදින්න. ඔයා එක්ක ගතකරන්න.

" ඔයා නිදාගන්නෙ නෑනෙ මම නිදාගන්නවා ඒනම් " එයා එහෙම කියන ගමන් ඇදෙන් ඇලවුනේ bedsheet එක ඇගට දාගන්න ගමන්.

" යා......ඔය මොකක්ද කරන්නෙ ? "😐

පේන්නෙ නැද්ද මාත් නිදාගන්නවා

" මේ ඇදේ මේ මාත් එක්ක ? " එයා එහෙම ඇහුවාම මට හිනා ගියත් මම එහෙම්ම ඇදේ ඇලවුනේ මින්හි ඇද මැදින් කොට්ට තුනහතරක් තියන කොට. ටික වෙලාවකින් එයාට නින්ද ගියා. එයා හුගක් ලස්සනයි . මට එක මොහොතකට ඒ මූනෙන් මගේ ඇස් ගන්න ඕනෙ උනේ නෑ.

" Good morning " මින්හි නැගිටිද්දිම මම එහෙම කිව්ව නිසා එයා පුදුමෙන් වගේ මටත් good morning කියලා කාමරෙන් එලියට ගියා . මාත් එයා එක්කම එලියට ගියා .

" යා මොකද පස්සෙන් එන්නෙ  🙄" එයා එහෙම ඇහුවෙ සැකෙන් වගේ.

" ආවා නම් නිකන් ඉන්න බෑ මේ ටික සුද්ද කරන්න " එයා එහෙම කියන ගමන් මට මොනාද මන්දා ගෙඩි ටිකක් දුන්නෙ පිහියත් එක්කමයි.

❤️💫 Live with me ❤️💫 [ Completed ✅]Where stories live. Discover now