_08_

2.7K 467 28
                                    

ජින් හියුං ගේ පිටිපස්සෙන් ෆෝන් එකට එබිච්ච ජන්ග් කුක් දැක්කේ dance floor එකක් උඩ කෙල්ලෝ කොල්ලෝ එක හොදට නට නට ඉන්න ටේගේ වීඩියෝ එකක්

කේන්තියත් එක්ක අත් මිට මෙලවෙලා නහර ඉලිප්පෙද්දී ජන්ග් කුක් තරහ පාලනය කරගන්න උත්සාහ කලේ එතන ජින් හියුං ඉදපු නිසා

" අහම් අහම්" ජන්ග් කුක් උගුරෙන් හඩක් නැගුවේ ජින් හියුං ගේ අවධානය ගන්න

" ආාාාා ජන්ග් කුක්.ඇවිල්ලා ගොඩක් වෙලාද...මට ඇහුනේ නෑනේ..මං මේ අපේ ටේගේ පොඩි වීඩියෝ එකක් බල බල ඉදියේ... ඔතනින් වාඩි වෙන්න" ජින් සෝෆා එකට අත දික් කරලා පෙන්නන ගමන් කිව්වා

" මටත් හිතුනා මෙලෝ සිහියක් නැතුව හියුං හිනා වෙද්දි" ජන්ග් කුක් දත් මිටි කන ගමන් අහක බලන් කිව්වා

" මොකෝ මේ හොදටම දාඩිය දාලා.. මෙච්චර මේ ඒසී වැඩ කරද්දී"

" ආ මං මේ ජිම් එකට ගිහින් එන ගමන් හියුං ව බලලා යන්න ආවේ"

" පුදුමයි... වෙනදා මං එපැයි ඔයාව බලන්න එන්න ඕන..කොල්ලා හරියට වෙනස් වෙලා දැන්.මොකක්ද දන්නෑ හේතුව" ජින් ෆෝන් එක ඕෆ් කරලා පැත්තකින් තියන ගමන් ඇහුවා

" එහෙම දෙයක් නෑ හියුං... කොහෙද ඔය ජිමින්ලා ගිහින් තියෙන්නේ.මට කිව්වෙත් නෑනේ" ජන්ග් කුක් හිමින් සැරේ එයාට අහන්න ඕන දේ ඇහුවා

" ඒක ඔයාට කියන්න ඔයා එයාගේ අප්පද" ජින් මහ හයියෙන් හිනා වෙවී ඇහුවා

" එයාලා පොඩි විනෝද ගමනක් ගියා..ඔය දෙන්නා එක්ක ක්ලබ් ගිහිල්ලා.. අනික ටේ යන එන තැන් එහෙම ඔයාට කියන්න එයා ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් නෙමෙයි නේ නේද ජන්ග් කුක්..මං හරිනේ" ජින් හියුං ඇහි බැමකුත් උස්සන ගමන් අහද්දී ජන්ග් කුක් ට දැනුනේ ඇග පුරා පොඩි විදුලි සැරයක් ගියා වගේ

" නෑ නෑ හියුං මං මේ ඉතින් නිකං ඇහුවේ... එහෙනම් මං ගිහින් එන්නම්.. හියුං රෙස්ට් කරන්නකෝ" ජන්ග් කුක් හෙමින් සීරුවේ එතනින් මාරු වුනා

.
.
.
.
.
.
.

" ජන්ග් කුක් දැන්වත් ඕක නවත්තපං.උබ දැං ඔය කීයේ ඉදන් ද එක දිගට shoot කරන්නේ...උබට ඔච්චර කේන්ති යන්න තරං මොකක් ද වුනේ කියපං" මෙච්චර වෙලා ජන්ග් කුක් දිහා බලං ඉදල ඉදලම එපා වුන යුන්ගි ඇහුවා

♕︎ 𝐑𝐎𝐘𝐀𝐋 𝐋𝐎𝐕𝐄 ♕︎ [ KookV ] ✓Where stories live. Discover now