"මොකා?? උඹ දේවින්දට කැමතියි?? එතකොට තෝ නෙතීශ තමුසේ වැලන්ටයින් එක දවසේ තෙනුජ එක්ක යාලු වුණා??? යකෝ දැන් තමුසෙලා එච්චර දෙයක් කරලා මට නිකමටවත් කිව්වේ නෑ??"
"සොරි සොරි සමුද්‍ර ඉතින්...තරහ වෙන්න එපා.." වගීෂ සමුද්‍ර ගේ අතින් අදිමින් කීවේය.
"අතෑරපන් මාව. තොපිලා දෙන්නම එකයි. කොහොමද කිව්වේ නං... තොපි දෙන්නත් එක්කලා මට පේන්න බෑ ඔය දේවින්දයාවයි, තෙනුජකාරයාවයි...අහුවුනොත් දත් ටික බඩට යවනවා කිය කිය නේ හිටියේ??? දැන් මොකෝ වුණේ?? මට කමක් නෑ උඹලා දෙන්නා උන් දෙන්නා එක්ක යාලු වුණාට..ඒ වුණාට තොපිලා මට කොළේ වැහුවනේ" සමුද්‍ර නෙතීශ හා වගීෂට එසේ බැන වැදුනත් සැබෑවටම ඔහුගේ සිතේ කිසිඳු තරහවක් නොතිබිණ.
අවසානයේ කෙසේ හෝ චාටුවෙන් සමුද්‍ර ව නැවත යාලු කරගත් වගීෂ සහ නෙතීශ physics lab එක කරා ඇදුනේ physics practical period එක සඳහාය. Stephan එකේ සයන්ස් එකේ බොහෝ අය physics period එකට එන්නේ බොහොම කැමැත්තෙන්. ඊට හේතුව නම් භෞතික විද්‍යාව ඉගැන්වීමට ඉස්කෝලේ අලුතින් පැමිණි භෞතික විද්‍යා ගුරුවරියයි. ඇගේ රූප සොභාවට වශී වීම නිසා සිදු වූයේ සයන්ස් උන් වෙනත් පීරියඩ් වලදී පවා භෞතික විද්‍යාව ඉගෙන ගැනීමට යාමයි. බොහෝ අමාරු ගැටලුවක් කෙසේ හෝ සෑමදිනකම පන්තියට සොයාගෙන එන සිසුන් පිම්මේ දුවන්නේ භෞතික විද්‍යා ගුරුතුමිය හමු වෙන්නටය. පෙරදී වගීෂ සහ නෙතීශ ද මේ උනන්දු ශිෂ්‍යයන් ගොඩේ සිටියත් මේ වනවිට ඒ උනන්දුව ඔවුන් කෙරෙන් ඉවත් වී ගොස් තිබුණි. සමුද්රට නම් තවමත් ඒ උනන්දුව තිබුණි.
එදින කිරීමට නියමිත ව තිබූ භෞතික විද්‍යාවේ ප්‍රායෝගික පරීක්ෂණ නම් හෙයාර් උපකරණයයි.* ඒ වනවිටත් බොහෝ සිසුන් පාසල් ඒම අඩු කර දමා තිබූ නිසා ඉන් පාසල් එන සිසුන් ට විශාල වාසියක් අත් විය. එනම් පරීක්ෂණ සියල්ල තනි තනිව අත් හදා බලන්නට හැකියාවක් ලැබීම ය. හෙයාර් උපකරණයේ එක් කෙළවරකට නිල් පැහැති ජලීය කොපර් සල්ෆේට් - CuSO4 (aq) අඩංගු බීකරය තබා අනෙක් කෙලවරට ජලය තිබූ බීකරය තබන්නට සදන විට වගීෂගේ අතින් වැරදීමකින් ජල බීකරයේ ජලය ඇඟේ හැලුනි. තවත් සුලු මොහොතකින් තමා දිය කිඳුරෙක් බවට හැරවෙන බව දැන සිටි වගීෂ සියල්ලක්ම අත්හැර දමා ගුරුතුමියගෙන් අවසර ද නොගෙන පහළට දුව ගියේ ය. ඔහු කෙලින් ම ගොඩනැගිල්ල යට තට්ටුවේ පිහිටා තිබෙන washroom එකට වැදී දොර වසා එය ලොක් කළේය. එය ලොක් කළ සැනින් ඔහුව දිය කිඳුරෙක් බවට පත් විය. Washroom එකේ බිම සිට තරහෙන් පුපුරමින් සිටි වගීෂ හට දේවින්දව සිහියට නැගුණේ නිරායාසයෙනි. දේවින්ද අසළ සිටියේ නම් ඔහුගේ බලය භාවිතා කර වගීෂට ඉක්මනින්ම යථා තත්වයට පත් වන්නට ඉඩ තිබිණ. එහෙත් දේවින්ද සිටින්නේ වෙනත් පාසලකය.
ESTÁS LEYENDO
ł₦₵Ɇ₱₮łØ₦ ✔️
No FicciónNOT A FANFICTION. තරමක් වෙනස් කතාවක්.🌈 ප්‍රසිද්ධ පිරිමි පාසල් ද්විත්වයක්. පාසල වෙනුවෙන් කරට කර සටන් වදින විද්‍යා විෂයන්හි නිපුණයන් දෙදෙනෙක්. ... නොගැලපීම්, ගැටුම් අතර ගලායන කතාවක්....ඔබ නොහිතන අමුතු දේවල් සිද්ධ වෙන කතාවක්.... නම් ගම් සිද්ධි සියල්...