₵Ⱨ₳₱₮ɆⱤ 10

881 122 41
                                    

"මොකො ඔය රතු වෙලා? මොකෝ මන් ඕක දැකලා නැතුවයැ" දේවින්ද එසේ කියමින් වගීෂ ගේ පිටුපසින් පැමිණ ඔහුගේ ඉන අල්ලා මිරිකුවේ ය.

"දේවින්ද...මොනවද ඔය කරන්නේ?"

"බය වෙන්න එපා වගීෂ. මන් ඔයාගේ අකමැත්තෙන් කිසිම දෙයක් කරන්නේ නෑ. අනික ඔයාගේ ගෙදර අයත් ඉන්නවනේ. එයාලා දැන් වැරදියට හිතලා ඉවරයි. මට බය එයාලා අපිට විරුද්ධ වෙයිද කියලා"

දේවින්ද අවසාන කොටස කීවේ හිස බිමට හරවා ගෙනය. දේවින්දට පවුල් දෙකෙහි විරෝධය මැද වගීෂව තමන්ගේ කරගත නොහැකිය. පවුලෙන් වගීෂ හා දේවින්දට ආදරය ඒ හැටි ලැබුණේ නැතැයි කියා ඔවුන් සිතුවත් සැබැවින්ම සිදු ව තිබුණේ දරුවන්ට ආදරය පෙන්වීමට තරම් කාලයක් දෙම්ව්පිය දෙපළට නොතිබීමයි. එසේම දේවින්ද ගේ පියා තරමක් සැර පරුෂ අයෙක් විය.

"බුදු අම්මෝ දේව්..ඔයා ගිහින් තියන දුර. විරුද්ධ වෙන්න අපි දෙන්නා අතර සම්බන්ධයක් නෑනේ" වගීෂ දේවින්ද ගේ නහයට තට්ටුවක් දමා එසේ කී විට දේවින්දගේ මුහුණ තවත් අඳුරු විය.

ඔවුන්ගේ පවුල් වල සියල්ලෝම නිතරම ඔවුන් දෙදෙනාට කීවේ ඔවුන් හොඳ සල්ලිකාර පවුල් වල දියණියන් විවාහ කරගත යුතු බවය. එසේ තිබියදී මෙවැනි වූ පෙමකට නිවසින් ඉඩ ලැබේවිද? ඒ නිසයි දේවින්ද බිය වූයේ. ඔහුගේ සිතට දැනුනු දුක, බිය වගීෂගේ කතාව නිසා තවත් වැඩි විය. වගීෂ තමාට ආදරය නොකරන බව දේවින්ද හොඳින් ම දැන සිටියත් ඔහුට එය පිළිගන්නට කැමැත්තක් නොතිබිණ. වසර ගණනාවක් තමා සෙවූ රුව තමාට හමුවූවා සේ දේවින්දට එදින වගීෂව පළමු වතාවට දුටු දිනයේදී දැනුණි. වෙන කිසිම දිනක කිසිම අයෙකුට විවර නොවූ දේවින්ද ගේ හද දොරටු වගීෂ වෙනුවෙන් ඇරෙන්නට මහ වේලාවක් නොගියේ හරියට දේවින්දගේ හදවත අඟුළු වැටී තිබුණේ වගීෂ පැමිණෙන තුරුම පමණක් මෙන් ය.

"අනේ ඔය අඬනවද ඔයා...දේව්..අනේ සොරි..මන් හිතුවේ නෑ ඔයාට ගොඩක් දුක හිතෙයි කියලා..."

"අයියෝ දේව්...අනේ අඬන්න එපා අනේ...තේරුම්ගන්නකො දේව්..මට තේරෙන්නේ නෑ මට ඔයා ගැන තියන හැඟීම මොකක්ද කියලා. මගේ ජීවිතේට මන් කොල්ලෙක්ට කැමති වෙලා නෑ...මට කාලේ ඕන..." වගීෂ දේවින්ද ව වැළඳ ගනිමින් කීවේය. ඔහුගේ උණුසුම හමුවේ දේවින්ද තරමක් සන්සුන් විය.

ł₦₵Ɇ₱₮łØ₦ ✔️Dove le storie prendono vita. Scoprilo ora